1996 දී හිටපු මුදල් අමාත්‍යවරයා නීත්‍යානුකූල මද්‍යසාර පාලනයට යැයි පවසමින් බියර් බදු 50% කට වැඩි ප්‍රමාණයකින් පහත දමන ලදී. එයින් සිදු වූයේ 200% ට වඩා වැඩි අගයකින් බියර් භාවිතය වැඩි වීමයි. එවකට මුදල් අමාත්‍යවරයාගේ අරමුණ ඉටු වූවා නම් අද අපට නැවත මෙවැනි සාකච්ඦාවක් ඇති වීමට අවස්ථාවක් උදා නොවනු ඇත. නිත්‍යුනූ කූල මද්‍යසාර භාවිතා කරන පුද්ගලයා හා නිත්‍යනුකූල නොවන මද්‍යසාර භාවිතා කරන පුද්ලයන් අතර
• භාවිතයේ බලාපොරොත්තු
• භාවිතා කරන විලාශය
• භාවිතයෙන් පසු හැසිරීම
• භාවිතය හා බැදී ඇති සංස්කෘතිය සහ සම්ප්‍රදායන් වෙනස්ය එම නිසා නිත්‍යනුකූල මද්‍යසාර වල මිල ඉහළ ගිය පමණින් නිත්‍යනුකූල මද්‍යසාර භාවිතාකරන්නන් කසිප්පු භාවිතය සදහා යොමු නොවේ. එවි තත්වයක් තහවුරු කිරීමට විද්‍යාත්මක සාක්ෂ්‍ය නැත. සිදුවන්නේ ඔවුන්ගේ භාවිතා කරන මද්‍යසාර ප්‍රමාණය සහ අවස්ථා ගණන අඩු වීම සහ භාවිතය නැවැත්වීම සදහා පෙළබීමක් ඇති වීමය.