Q: Clean sri lanka කියන්නෙ බස්වල, ත්‍රීවිල් වල modification part ගලවන එකද?
A : ඔවු!
Q : ඒවගේ පොඩි දේවල්වලින් කොහොමද රටවල් දියුණු කරන්නෙ?
A: clean sri lanka වලින් කරන්නෙ තුන්වෙනි ලෝකෙ හද්ද දුප්පත් කුණුගොඩවල් ගොඩගහගෙන ඒවගෙම ලැග ලැග ඉන්න ගොඩයොන්ව පලවෙනි ලෝකෙට එක්කගෙන යන්ඩ මූලික අඩිතාලම දාන එක..
ඒකට ඩිසිප්ලීන් හදන්ඩ ඕන.. ආකල්ප හදන්ඩ ඕන..
Q : ඉතිං යකෝ ඔය රෙද්දවල් කරන්ඩ කලිං මිනිස්සුන්ට එදාවේල කාල ඇඳල ඉන්ඩ පුලුවං ආර්ථිකයක් හදල ඉන්ඩ එපැයි..
A : මේක තමයි පොයින්ට් එක.. තුන්වෙනි ලෝකෙ උබල වගෙ මිනිස්සුන්ට තේරන්නෑ අවුල තියෙන්නෙ උබලගෙ කියල.. උබල එදා වේල enjoyer ල.. උබලට උවමනයි ත්‍රීවිල් කටු විසික් කරල හොඳ කාර් එකක් ගන්ඩ.. ටකරං බස් වෙනුවට හොඳ අලුත් හයි කන්ඩිෂන් බස් එකක් ගන්ඩ..
හැබැයි උබල හිතන්නෙ ඒව ගන්ඩ බැරිවෙන්ඩ 100%ක්ම වගකියන්ඩ ඕන හොරාකාපු ආණ්ඩු කියල..
නෑ 100%ක්ම වගකියන්ඩ ඕන උඹලමයි.. උබලමයි බාල දේවල් ලොකු දේවල් කරගෙන.. ඒව ආගම් කරගෙන දඟලන්නෙ..
උදාහරණෙකට ටකරං බස්.. උබලට ඕන ජරාවක් අයිසින් ටිකක් දාල දුන්නම ඉහේ තියං ඉන්නව.. ඒ තරං උබලගෙ ආකල්ප බොලඳයි..
ඉන්නෙ 2025 වුනාට උබලගෙ මොලවල් තාම තියෙන්නෙ 1900ගනං වල..
Clean sri lanka project එකෙන් කරන්ඩ හදන්නෙ මෙන්න මේ ගොබ්බ බාල මානසිකත්වය හදන එක.. ඒවගෙ බාල දේවල් ආගම් කරගත්ත මිනිස්සු බහුතරයකගෙ ආකල්ප එකපාරම වෙනස් කරන්ඩ අමාරුයි..
ඒත් මේ වෙනස ඉල්ලන්නෙත් උබලමයි.. ඒකට කැපකිරීම් කරන්ඩ ඕනිත් උඹලමයි..
උබල උබලගෙ ඔය ගොබ්බ මානසිකත්වය අතහැරල.. නැට්ට කපල දාල.. අලුත් දේවල් ඉගෙනගන්ඩ මහන්සි වෙයල්ල.. ලෝකෙ ගැන හොයපල්ල..
බාල බෙහෙත්, වසවිස දාපු කෑම, බාල ටෙලිනාට්‍ය , බාග වාහන.. ලෝකෙ තියන හැම කුණුගොඩක්ම මේකෙ ගොඩගහගෙන තව ඒව ආරක්සා කරගන්ඩ අරගල කරන්ඩත් හදනව..
උබලගෙ ආකල්ප හදාගත්තනං.. එදාවේල හොයාගන්නව කියන එක උබලට කොහොමවත් ප්‍රශ්ණයක් වෙන් නෑ