ඔබ මහ මඟ බැස කිලෝ මීටරයක් ගමන් කරන අතරතුර පුද්ගලික බස් රථ කෙතරම් ප්‍රමාණයක් මාර්ග නීති උල්ලංඝනය කරනවාදැයි බලා ගත හැකියි…

ඉදිරියෙන් සාමාන්‍ය වාහනයක් එද්දී ඔවුන්ට තවත් වාහනයක් පසුකර යාමට අවශ්‍ය වුවහොත් කිසිදු පැකිලීමකින් තොරව ඩබල් ලයින් නොව ඊට වඩා දෙයක් තිබුණත් කපාගෙන,
දකුණු පසින් ධාවනය කරමින් ඉදිරියට එන්නේ ඉදිරියෙන් එන පුංචි වාහනය කැලේට කපා හෝ බේරා ගත යුතු යි සිතාගෙනය..

පාරේ මැද ධාවනය කරමින් සිටින මගියෙකු අත දැම්මහොත් කිසිදු විමසීමකින් තොරව එකවරටම වමට කපන්නේ වමේ එනවාහනයට දෙවියන්ගේ පිහිටෙන් පමණක් බේරීමටය…

එමෙන්ම මහමග සමහර විට සෙනඟ නංවා ගැනීමට බස් රථ නවත්වන්නේ අංශක 45 කෝණයටය..

ඔහු සෙනඟ ගන්නා තෙක් අනිත් අය නවත්වාගෙන සිටිය යුතුය..

තවත් සමහරුන් සෙනඟ නංවා ගත් පසුව බස් රථය ඉදිරියට අදින්නේ වමේ අයිනෙන් නොවේ එකවරම දකුණට කපමින් පාර මැදට ගැනීමෙනි…

සමහර බස් රථවල ඇත්තේ මහා මාර්ගවල ගමන් කරනවා වාහනවලට අවශ්‍ය ය නලා නුව දුම්රිය එන්ජින් වලට සවිකල යුතු නලාය..

නලාවත් ගසාගෙන හෙඩ් ලයිට්ස් දෙකක් ගැසූ විට ඔවුන් හිතනවා ඇත්තේ පාර පළල් වෙනවා කියාය…

සමහර බස් රථවලට ගොඩනැඟුණු විට සංගීත සංදර්ශන භූමියකට ගොඩනැගුණා වගේය..
ළඟ ඉන්න මනුස්සයාගෙන් යමක් ඇසීමටවත් බැරි තරමේ සද්ධයක්ය…

කට කපන්නට සෙනඟ පුරවාගෙන ඩබල් ලයින් කපමින් ඉස්සර කරගෙන ටෙලිෆෝන් එක කනේ ගහගෙන යන රියදුරන් දැක ගත හැකිය…

අපූරුම අවස්ථාව වන්නේ තරගයට බස් ධාවනය කරන අවස්ථාවටය..
කටුකුරුන්දේ රේස්, මහ පාරේ දැකගත හැකිය..

සුළු පිරිසක් නීතිගරුකව පෞද්ගලික බස් රථ රැකියාවේ යෙදෙන බවද කිව යුතුය..

මේ දේවල් නවත්වන්න හදනකොට ස්ට්‍රයික් කරනවා කියා තර්ජනය කරනවා නම්,
අනිත් වැරදි කරන සියලු දෙනාම අල්ලන්නට ගිය විටද ඔවුන්ටද ස්ට්‍රයික් කරනවා යයි කිව හැකිය..

මේ නීති පිළිපැදීමෙන් බස් රථ හිමියන්ට හෝ සේවකයන්ට වන අලාභය හෝ අවාසිය කුමක්දැයි තේරෙන්නේ නැත..

මේ රටේ බස් රථ අයිතිකරුවන් රියදුරන් කොන්දොස්තර සංඛ්‍යාව 01% එකක් නම් 99 % ක්ම සිටින්නේ මගී ජනතාවය…

කවුරු කරත් හරි දේ හරිය..
වැරදි දේ වැරදිය…

රට වෙනස් කරන්නට ඕනෑ යයි පහුගිය කාලේ වැඩිපුරම කිව්වේ ඒගොල්ලන්ය..
ත්‍රීවිල් එකකට නැග්ග ගමන් ඒගොල්ලෝ අපිට කිව්වේ එහෙමය…

දැන් හදන්නේ වෙනස් කරන්නය..
දැන් ඉතින් අපි මෙහෙම ඒව බලාපොරොත්තු උනේ නෑ කියා නාහෙන් අඬන්නට ඕනේ නැත….

පසුගියදා මගේ යාළුවෙක් කිව්වේ,
කකුල් දෙක පළල් කරගෙන පාරේ හිටියොත් ඒක අස්සෙන් වුවත් ත්‍රීවිල් එකක් යන්න උත්සාහ කරාවි කියාය….

මේ මාර්ග නීති සොයා බැලීම පිළිබඳ ප්‍රශ්නයට විරුද්ධ පුද්ගලික බස් රථ සහ ත්‍රීවීල් පමණය..
ලක්ෂ සංඛ්‍යාත වූ අනික් රියදුරන් කවුරුවත් මේ ගැන කතා කරනවා දැක්කේ නැත..

එයට හේතුව ඉහත දෙවර්ගයේ ධාවනය නිසා නීතිගරුක රියදුරන්ටද පාරේ යන්නට බැරි එක නිසායි…

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ හෝ එසේ නැතිව හෝ රටේ මහා මාර්ග භාවිතා කරන ජනතාවගේ ආරක්ෂාව සහ පුද්ගලික බස් රථවල ගමන් කරන මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මේ මොහොතේ රජය ගන්නා උත්සාහයට බාධාවකින් තොරව සහාය දිය යුතුය…

ලාල් ද අල්විස්..

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න