වැඩ කරන ජනතාවගේ චෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සේවා සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙනුත්, තෘප්තිමත් ශ්රම බලකායක් නිර්මාණය කිරීම සඳහාත් කටයුතු කරන කම්කරු අමාතාංශය, තම සේවාවන් කාර්යක්ෂම කිරිමේ අරමුණින් මහජනතාව සඳහා ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක් (0707 22 78 77) හඳුන්වා දීමට කටයුතු කර ඇත.
කම්කරු අමාත්යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. එමෙන්ම පෞද්ගලික සහ අර්ධ රාජා සේවකයන්ගේ සේවා ගැටළු සදහා කඩිනමින් ප්රතිචාර දැක්වීමත් මෙම නව WhatsApp අංකය හඳුන්චා දීමේ නවත් එක් අරමුණකි.