ඉදිරි වසර තුනක් සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.ඊයේ (02) දින ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් සංවිධානය කරතිබූ පාගමනින් අනතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට ඒක් වෙමින් ඒ් මහතා මෙසේද කීය.රජය මගින් ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහනට සියලු කණ්ඩායම් ඒකාබද්ධ වන බවත් එම අඛණ්ඩ වැඩපිළිවෙළ සදහා දේශීය විදේශීය සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද පැවසීය.ස්ථූලතාවය පිටුදකිමින් බෝවන රෝග වලක්වා ගනිමු යන්න මෙවර තේමාව කරගත් ලෝක ස්ථූලතා දිනය සෑම වසරකම මා ර් තු 04 වන දිනට යෙදී ඇති බවද ඇමති රයා කීය.පෝෂණය හා සම්බන්ධ දැනුවත් කිරීමේ ක්‍රියාකාරී වැඩසටහන් සම්පාදනයේදී ඒ හා සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායම් රාශියක් සිටින බවත්,එහෙත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සිඳුවන්නේ විවිධ පරාසයන් හා මුල්‍යයන් කේන්ද්‍රගතව බවත්,එබැවින් ප්‍රතිඵළ ලබා ගැනීමට යම් කාලයක් ගතවීම හා සංකීර්ණතා මතුවීම සිඳුවන්නේයැයි ඇමතිවරයා කීය.ඒ් නිසා එම කටයුතු හරවත්ව හා ඵලදායීව ඉටුකිරීම සදහා සියලුම යාන්ත්‍රණයන් ඒකාබද්ධ කිරීමේ වැදගත් කම තිබෙන බවද හෙතෙම කීය.මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ක්ෂේත්‍ර යේ නිරතවූවන් විසින් පෝෂණය පිළිබද දත්ත නිවැරදිව සැපයීම ද ඉටුකලයුතු බවත්,එම කටයුතු සා ර් ථක වුවහොත් මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම,ස්ථූලතාවය තුරන් කර පිරිපුන් නිරෝගී ජනතාවක් බිහිකර ගැනීමට හැකියාව ලැබෙන බව ද පැවසී ය.පොහොසත් ජීවිතයක් ගත කිරීමට මෙරට ජනතාවට අවස්ථාව උදාකර දීමට අප රජය අවස්ථාව සලසා දීමට කටයුතු කරන බව ද ඒ් මහතා පැවසීය.
මුල් පිටුව පුවත් 2025.03.02 ජනතාවගේ නීරෝගීභාවය වෙනුවෙන් පෝෂණය පිළිබඳ වසර තුනක අඛණ්ඩ වැඩපිළිවෙලක් දියත් කිරීමට...