2025 කතරගම පාද යාත්‍රාව පරිසර හිතකාමී හරිත පා ගමනට පරිසර අමාත්‍යංශයේ පූර්ණ මැදිහත් වීමක් සිදු කරන්ට පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ දිනවල යාපනය සිට කතරගම දක්වා පාද චාරිකාවට එක් වන 50 000 ක් පමන ජනතාවට ප්ලාස්ටික් පොලිතීන් වෙනුවට භාවිතා කළ හැකි විකල්ප රෙදි බෑග් ( මල්ලක්) බෙදා දීමේ වැඩ සටහන මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
යාපනය සිට කතරගම දක්වා දින 15 ක කාලයක් පුරා කුමන සහ යාල වනෝද්‍යාන හරහා සිදු කරනු ලබන පාද යාත්‍රාවේ දී පොලිතීන් ප්ලාස්ටික් අවම කිරීම මෙහි අරමුණ බව පරිසර අමාත්‍යංශය පවසයි.
පරිසර අමාත්‍යංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලාහුගල හා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ත්‍රිවිධ හමුදාව එක්ව බැතිමතුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරනු ලබන අතර ඊට සමගාමීව ප්ලාස්ටික් පොලිතීන් වෙනුවට භාවිතා කළ හැකි විකල්ප රෙදි බෑග් බෙදා දීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර තිබේ.
එම වැඩසටහන ඉදිරි දින 15 පුරාවට කුමන වනෝද්‍යානයේ පිවිසුම අසල සිදු කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යංශය පවසයි.
මෙහි දී පරිසර දින මෙවර තේමාව වන පොලිතීන් සහ ප්ලාස්ටික් දූෂණය අවම කරමු යන්න පිළිබඳ බැතිමතුන් දැනුවත් කිරීමත් කතරගම දක්වා සිදු කරනු ලබන පාද යාත්‍රාවේදී කුමන සහ යාල වනෝද්‍යාන ඇතුළු සංවේදී පරිසර පද්ධතියට සිදු වන හානිය අවම මෙහි අරමුණ වේ.
මෙම වසරේ කතරගම වන්දනා වාරය සදහා බැතිමතුන්ගේ පා ගමන මෙ මස 20 වන දින ආරම්භ වු අතර යාල සහ කුමන වනෝද්‍යානවල ප්‍රවේශ මාර්ගය සෑම දිනයන්හි දීම උදෑසන 06.00 සිට විවෘතව තැබේ.
මෙම වසරේ යාපනය සිට කතරගම පූජා භූමිය වෙත යාල සහ කුමන වනෝද්‍යාන හරහා පාද යාත්‍රාවෙන් 40000-50000 ත් අතර බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැ යි අමාත්‍යංශය පවසයි.
කතරගම වන්දනා කිරීමේ පාද යාත්‍රාව අවසන් වූ පසු කුමන සහ යාල වනෝද්‍යාන මෙන්ම ඒ ආශ්‍රිත සංවේදී පරිසර කලාපය පාරිසරික වශයෙන් ආරක්ෂා කිරීම මෙහි අරමුණ බව පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.