දේශපාලනික propergandaඅවුරුදු 76 ශාපය තවත් එක දේශපාලනික propergada එකක් විතරයි. 1994 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව කිව්වේ ‘17 වසරක ශාපය කියල’. මේ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයා ට නැගෙන අවලා ද ඔවුන් ඉල්ලාගෙන කන ඒවා. සබුද්ධික ඕනේ මිනිහෙක් ට තේරෙනවා ආණ්ඩුවක් බාරගැනීමෙන් පසු ස්ථාවර වෙන්න සහ ඉන්පසුව perform කරන්න ගතවන කාලය. නමුත් මේ උදවිය බලය නැති විට කිව්වේ එහෙම නෙමෙයි. ප්‍රෙට්‍රල් ඇතුළු ඉන්ධනවලින් කොමිස් ගත්තා කිව්වා, දැන් අනෙක් අය කියන්නේ දැන් කොමිස් ගන්න එකා හොයා ගන්න නැත්නම් ඉන්ධන මිල අඩු කරන්න. බිත්තරයටත් එසේමයි. පාර්ලිමේන්තුවේ කෑම වෙල ගැන කුණු කතා කෝටියයි. කතා කළේ පාර්ලිමේන්තුවට යන උන් කන නිසා රට ආර්ථික අර්බුදයට යනවා වගේ. දැන් පාර්ලිමේන්තු මහා ලේඛම්වරිය කට ඇරියම සේරම කතා ඉවර වුනා. පාර්ලි‌‌මේන්තු වරප්‍රසාද ගැනත් එච්චරයි. ආහාර පමණක් නෙමෙයි තීරු බදු සහිත වාහන, පඩි, දීමනා ඇතුළු සියලු වරප්‍රසාද ඔවුන් බුක්ති විඳීමට දැන් ඔවුන් සැදී පැහැදී බලා සිටිනවා. හාල් මිල අඩු කරන්න හාල් ආනයනය කිරීම බාල වැඩක් ඒක පිට කොටුවේ මුදලාලි කෙනෙක් ටත් කරන්න පුළුවන් කිව්වා, නමුත් දැන් තේරෙනවා මොන විදිහකටවත් මෙරට හාල් නිෂ්පාදකයන් ට බලපෑම් කරන්න බැහැ. ඒක එහෙම කළොත් නිදහස් වෙළදාම ට බාධා කළා වෙනවා. එනිසා මිට පෙර රජයන් සේම මේ අයත් රටින් හාල් ගේනවා. මෙරට විදේශ මුදල් අයතා ලෙස උගඩාවට ගෙනිච්චා කිව්වා. ඒක කිව්වේ නීතිඥ කොට්ටහච්චි විතරක් නෙමෙයි. කොට්ටහච්චි පසුව කිව්වේ, මම දැනගෙන හිටිය ඩිලාරෝ සමාගම ඒක නිත්‍යානුකූල ව කරපු භාණ්ඩ අපනයනයක් විතරයි කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි ඇය දැනගෙන හිටියේ නැහැ ඒ බව. ඇය ඇතුළු බොහෝ දෙනෙක් මේ කතාව තදින් විශ්වාස කළා. ඒක මහා බැංකු අධිපති නන්දලාල් කිව්වයින් පස්සේ තමන් කරපු මෝඩ කතාවේ බර අඩුකර ගන්න නැහැ මම ඒක දැනගෙන හිටියා කියලා කිව්වා. ඇත්තට නන්දලාල් මිට පෙරත් මේ කතාව කියල තියෙනවා ඒත් එවකට ආණ්ඩුව සහ ජනපති රනිල් හිටපු නිසා ඒක පිළිගත්තේ නැහැ. අද ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හොරකම නිසා ඇතිවුවක් බව කිම මංගල සමරවීරගේ නිර්මාණයක් ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිට UNP පැන්න පසුව නිර්මාණය කළ, මිනිස්සුන්ට හොඳටම දිරවන කතාවක්. 2001 දීත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවුනා. පසුව චන්ද්‍රිකාගේ ආණ්ඩුව කඩා වැටිලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පිහිටෙව්වා. එතකොට ආර්ථිකය ගැන කතා දෙකක් තිබ්බ. එකක් ආර්ථිකය ගොඩ ගන්න රටේ සාමයක් ඇතිවෙන්න ඕනේ, අනෙක චන්ද්‍රිකා ආණ්ඩුවේ ආර්ථික පරිපාලන දුර්වලතා. කවුරුත් හොරු ගැන කතා කළේ නැහැ.ණයවලින් වැඩිම ණය ගත්තේ රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ දී, ඒකෙත් චීන ණය පහසුකම් ගැන කියනවා. නමුත් චීනයෙන් කිසිදු ස්වරී බැඳුම්කරයක් අරගෙන නැහැ. IMF ගැන කියපු කතා දැන් කෝ ?. දේශපාලන properganda එකක් කිසිම දවසක ඇත්ත කියන්නේ නැහැ. ඔවුන්ගේ අරමුණ බලය ලබා ගැනීම හෝ බලයේ සිටීම පමණයි, එයිනුත් ද්වේශ සහගත ප්‍රචාරයන් අවසානයේ තමන්ටම පාරා වළල්ලක් වීමට පුළුවන්.චින්තක තිලකරත්න

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න