ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාක් – ඇන්ඩෙ ෆ්රාෂ් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානගේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් – ඇන්ඩ්‍ර ෆ්රාෂ් (Marc- André Franche), මහතා ඇතුලු නියෝජිත පිරිසක් පසු ගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිතවරයා මෙම අදහස් පල කරන ලදී.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා දීර්ඝ කාලයක් පුරා මෙරට රජය සහ ජනතාව සමඟ ගෙන ගිය හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ද අඛණ්ඩව කටයුතු කරන බව පැවසීය. පසු ගිය මැතිවරණය තුල ලබා දුන් විශාල ජනවරමත් සමග මහජන අපේක්ෂාවන් ද ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාල සීමාව අභියෝගාත්මක වනු ඇති බව ද නේවාසික නේවාසික නියෝජිතවරයා මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් තුලින් ආර්ථික සහ සෞඛ්‍ය අභියෝගයන් ජයගැනීමට දරන්නා වූ ප්‍රයත්නයටත් ප්‍රජාව අතර, ජාතික සමගිය සඳහා වූ ශ්‍රී ලංකා නව රජයේ සුවිශේෂී මුලපිරීමටත් මෙහිදී පැසසුම් එක් කළ නේවාසික නේවාසික නියෝජිතවරයා විවිධ කණ්ඩායම් අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාක්‍යවරයා ලෙස විශාල කාර්යභාරයක් සිදු කිරීමේ හැකියාවක් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පවතින බවත් පැවසීය. එමෙන්ම රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන නව රජයේ මුලපිරීම සඳහා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබා දෙන බවද මෙහිදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිය කටයුතු දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කරමින් ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමට මෙන්ම සහතික කිරීමට අඛණ්ඩව කටයුතු කර ඇති බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිහිපත් කළේය.

එමෙන්ම දීර්ඝ කාලීනව මෙරට සංවර්ධන කටයුතු වල දීත්, හදිසි ව්‍යසන අවස්ථා වලදීත්, මතු වූ අභියෝගයන්ට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාව, ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව පුළුල් පරාසයක හවුල්කාරිත්වයන් තුලින් සහාය ලබාදී ඇති බවද සඳහන් කලේය.

සෞඛ්‍ය සේවාවේ මෙන්ම සමස්තයක් ලෙස මෙරට ආර්ථික සාමාජීය, සංස්කෘතිය ආදී සියළු ක්ෂේත්‍රයන් හි ඉදිරි ප්‍රගමනයන් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග හවුල් කාරීත්වයෙන් ඉදිරියටත් කටයුතු කිරීමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද මෙහිදී, නියෝජිත පිරිස අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු

කොලින් හරිශ්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න