අද උදෑසන සමාජ ජාල වල සංසරණය වූ එක් ස්ක්‍රීන් ශොට් එකක් පිළිබඳව අපේ අවධානය යොමු වුනා. නමුත් පෙරදා Hiru TV ප්‍රවෘත්ති විකාශයේ එසේ සටහන් වීමක් නොමැති බව, යූ ටියුබ් වලත්, peo tv හි නැවත විකාශය කිරීමෙනුත් අප තහවුරු කර ගත්තා.

නමුත් මෙම පින්තූරය සමඟ තිබූ සටහන නිසා අපට මේ ගැන සොයා බලන්න හිතුණා. ඒ සෙවීම් වලට අනුව,

📍 තල්වැහැර රතනසාර නමින් පැවිදිව සිට, නාමල් කරුණාරත්න ලෙසින් උපැවිදි වී ඇත්තේ, වත්මන් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න බව පැහැදිලි වුනා.

📍 පූජ්‍ය තල්වැහැර රතනසාර ස්වාමීන් වහන්සේ විහාරස්ථාන කීපයක වැඩ වාසය කර තිබෙන බවත්, එයින් ප්‍රධාන වශයෙන්ම වැඩ වාසය කර තිබෙන්නේ, කුරුණෑගල කැප්පෙටිපොල තිබෙන මී ලියද්ද විහාරස්ථානයේ බවත්, අපට අනාවරණය වුනා.

කෙසේ වුවත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න විසින් කියන බොරු තොගයට අනුව, තල්වැහැර රතනසාර උපැවිදි වූයේ, සිවුරේ සිට බොරු කීම නිසා පව් වැඩි වෙනවා යැයි සිතුන නිසාදෝ යන්නද යන්න, අපට මතු වෙන සාධාරණ සැකයක්…

#රැවටුනුතරම්ඔබහින්දාමං #දරුණුමඛේදවාචකයටසූදානම්වෙන්න #කොලේවහලාගහපුගේම් #කාවදබංමේරවට්ටන්නේ
https://www.facebook.com/share/p/17zW1gRfVT/

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න