පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධව පහත කරුණු අවධාරණය කරමි.

අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ අතර, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවකි. ඒ අනුව, එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව පළ කරමි.

එසේම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මෙි වන විට සිදු කරමින් පවතී.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න