1. Npp ජාතික ජන බලවේගයද අපි ඡන්දය දුන්නේ උපාධිය හෝ ආචාර උපාධිය හෝ මහාචාර්ය පට්ටමට නොවේ.
  2. වසර හැත්තහයක පාලනයේ තිබුණු දුර්වලතා ඉවත්කර යහපාලනයක් සහ මිනිසුන්ගේ ජන ජීවිතය ඉහල නැමීමේ ක්‍රියාවලියකටයි
  3. ඒ අරමුණ පෙරදැරිව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියල තේමා පාඨයක් ඉදිරියට ගෙනාව.
  4. මේක ඇතුලෙ සමහර කොරන්න බැරි දේවලුත් කිව්වා.
  5. ඒත් බහුතරයක් හොඳ අදහස් සහ හොඳ මිනිස්සු නිසා මිනිස්සු ඡන්දෙ දුන්නා.
  6. ජනාධිපති බලය npp එකට ලබා දුන්නා.
  7. පාර්ලිමේන්තු බලය තුනෙන් දෙකකටත් වඩා ලබා දුන්නා
  8. දැන් රාජ්‍ය බලය ස්ථාපිත කරන්න උත්සාහ කරමින් ඉන්නවා.
  9. රාජ්‍ය බලය ස්ථාපිත වෙන්න රාජ්‍ය බලය තියෙන ආයතන ත තුළ වැඩසටහන පටන් ගන්න ඕනේ.
  10. එතකොට තමයි පේන්නේ ආයතන තුළ වැඩේ කෙරෙනවද, නැද්ද කියලා
  11. කරුණාකරලා ඔය උපාධි ආචාර්ය උපාධි මහාචාර්යකම් වලින් රටවල් ගොඩ එන්නෙ නෑ. හරියට තමන්ගෙ ක්‍රියාව නිදහස්ව නිවහල්ව කරන්න පුරුදු වෙන්න. වංචනිකෝ වෙන්න එපා.
  12. කරුණාකරලා ජනතාවත් මේ පාලනයට පත්වෙච්ච අයව උස්සගෙන ගිහිල්ලා උත්සව තියලා උඩ තියන්න ලෑස්ති වෙන්න එපා.
  13. ඒ මිනිස්සුන්ට නිදහසේ මිනිස්සුන්ගේ වැඩේ කරන්න ඉඩ දෙන්න.
  14. එහෙම වැඩේ කොරන්නැත්තං කොරන දේ අපි දන්නවා.
  15. ඒක සුවහසක් ශ්‍රී ලාංකේය ජනතාව පරිප්පු කාල කාලා තේරුම් අරගෙන ඉන්නේ. දැන්වත් මේ තත්ත්වේ තේරුම් අරගෙන හරි වැඩසටහන් ටිකක් සමාජගත කරලා මිනිස්සුන්ගේ ජන ජීවිතයේ උඩට ගන්න මිනිස්සුන්ගේ සම්බන්ධය අරගෙන වැඩ කරන්න පටන් ගන්න කියලා මම ඉල්ලනවා.
  16. අපි හෝමාගම, අරුණ පනා ගොඩව අපි පත් කළේ ඌ හොඳ මිනිහෙක් හින්දා. ජීවිත කාලයම කැප කරා මිනිස්සුන්ගේ වෙනුවෙන්. අපි හෙව්වෙ නෑ උපාධියක්වත් මොකක්වත් අපිට ඕනෙත් නෑ. හැබැයි කරන වැඩේ කියන්ඩත් කියන වැඩේ කරන්නත් බැරි වැඩ නොකියා ඉන්නත් දැනගන්න ඕනේ.
  17. මාස පහෙන් හයෙන් ආශ්චර්යක් කරන්න බැහැ. මැජික් පොලු කාරයෝ නෙවෙයි. නමුත් තමන්ට උපාධියක් හෝ ආචාර්ය උපාධියක් තිබෙන බව හෝ නැති බව තමන් දන්නවනේ ඒක කියන්න කොන්දම් නැත්නම් මුන්ව මොකටද පාර්ලිමේන්තුවේ තියන්නේ.
  18. මම මේ අදහස් පළ කළේ බහුතරයක් ජනතාව මේ පිළිබඳව මේ වගේ සංකල්පයෙන් ඉන්නවයි කියලා තේරුම් ගන්න.
  19. හැමෝම අදහස් දක්වන්ඩ එන්නේ නෑ. ඒත් මේවා දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්න ජනතාවක් දැන් ඉන්නේ.
  20. මමත් මේ වෙනකොට තුන්දෙනෙකුට ලිපි යවලා තියෙනවා. රටේ අදිසියෙන් කළ යුතු වැඩ කියලා.
  21. අපි උත්සාහ කරනවා මේක පොහොතක් රටක් කරලා ලස්සන ජීවිතයක් ලබාදෙන්න.
  22. මේ දේවල් පිළිබඳ ඔබ එකඟ නම් ඔබගේ කණ්ඩායම්වලට මෙය යවා දැනුවත් කරන්න
    ස්තුතියි 🌹🌹🌹🌹👍

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න