කෘෂිකර්ම, පශු සම්පත්‌,ඉඩම්‌ හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (10) දින ලෝක බැංකු නියෝජිත (06%/01:2 541′:251/41 සහ එහි ව්‍යාපෘති භාර නිලධාරීන්‌ සමඟ ඉතා දීර්ඝ වශයෙන්‌ සාකච්ඡා කළේය. එහිදී මෙතෙක්‌ පැවති ව්‍යාපෘති පිළිබඳව කෙටි සමාලෝචනයක්‌ කළ අතර, එහි පැවති වාාපෘතිවල ස්වභාවය පිළිබඳව සාකච්ඡා විය.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ලෝක බැංකු කෘෂිකාර්මික ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහිදී සංක ච්ඡා වූ අතර, කෘෂිකර්ම අමාත්‍යතුමා විශේෂයෙන්‌ සඳහන්‌ කළේ, මෙම ව්‍යාපෘතිය රටේ ගොවි ජනතාවට සුබසාධනය සැලසෙන පරිදි සකස්‌ කළ යුතු බවයි. එහිදී රට තුළ දැවැන්ත සංවර්ධන වැඩසටහන්‌ ප්‍රමාණයක්‌ ගොවි ජනතාව ඉලක්ක කරගෙන සිදු කළ ද, අනිබහුතර ජනතාවක්‌ අද වනවිට ඉතා දිළිඳු අඩු පහසුකම්‌ සහිත තත්ත්වයක ජීවත්වන බව ද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විශේෂයෙන්‌ ශ්‍රී ලංකාව විදෙස්‌ සංවිධානවලින්‌ ණය ලබා ගන්නා වා්‍ය්‍යාංාපෘති ඉතා ඵලදායීව යොදා ගැනීම අතාාවශා්‍ය බව අවධාරණය කළේය. එහිදී ලෝක බැංකු නියෝජිත කණ්ඩායම්‌ ප්‍රධානී (60/01’අ 531’253/41 අවධාරණය කළේ, රජයේ ඉලක්කයන්‌ සපුරා ගත හැකි, රජයේ අවශ්‍යතාවය අනුව මෙම ව්‍යාපෘති ඉදිරිපත්‌ කිරීමට ඔවුන්‌ සූදානම්‌ බවයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න