සියලු මහ විරු දින සමරුම් වලට සම්බන්ධ සියලු දෙනා තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගත යුතුයි.

සමහරු කියල තිබුනා අපිට රණවිරුවන් සමරන්න පුළුවන් නිසා, උතුරේ මිය ගිය අයගෙ පවුල්වලට තම ඤාතීන්ව සමරන්න බැරිද වගේ කතා. එහෙම පුද්ගලිකව සැමරීම වරදක් නෙවෙයි.

නමුත් මෙතන ප්‍රශ්නෙ මේකයි. මේ සැමරීම පසුපස දේශපාලනයක් තියෙනවා. ඒ නිසා පොදු වශයෙන් කෙරෙන මේ සැමරීම්වලට ඉඩ දෙන්න බැහැ. මොකද ඒ සැමරීම් ඤාතීන් සමරනවට අමතරව අර බෙදුම්වාදී දෘෂ්ටිවාදයේ දේශපාලන ප්‍රචාරණයක් වෙන නිසා.

බෙදුම්වාදය රජයක ස්වෛරීභාවයට තර්ජනයක්. රජයක මූලික කාර්‍යභාරය රටේ ස්වෛරීභාවය රකින එක. උග්‍ර ජාතිවාදී ෆැසිස්ට් ත්‍රස්තවාදී කොටි මහාවීර දිනය පැවැත්වීමට ඉඩදීම ගැන විරෝදය පළකිරීම ජාතිවාදී කියා අපට අද මද ගසන්නට පවා මාලිමා මඩ බලකාය පියවර ගෙන තිබෙනවා.
කොටි වර්ණ සහ කොටි සංවිධානයේ නිල සංකේත වන නියගලා මල මෙන්ම උත්සවය පැවැත්වීම සදහා ත්‍රස්ත නායකයාගේ උපන් දිනය තොරා ගැනීම, එම වැඩ සටහනට මහා වීර දිනය ලෙස නම යෙදීම, ප්‍රබකරන්ගේ උපන්දිනය සැමරීමට උපන්දින කේක් නිර්මාණය කිරීම යනු මේ පැවැත්වෙන්නේ මියගිය අයවලුන් පුත්ගලිකව සැමරීමක් නොව කොටි සංවිධානයේ නිල උත්සවයක් බව ඉතා පැහැදිලියි. නමුත් ලංකාව් නිතිය ක්‍රියාත්මක කල යුතු ආයතන නිහඩයි. දේශපාලන අධිකාරිය මර නින්දේ.

ත්‍රස්තවාදීන් අනුස්මරණය කිරීම නීති විරෝධී ක්‍රියාවක්. වර්ගවාදී ෆැසිස්ට් ත්‍රස්තවාදීන් අනුස්මරණය කිරීම උග්‍ර වර්ගවාදී ජාතිවාදී ක්‍රියාවක්.ලංකාවේ උතුරු පළාතේ මෙවැනි ජාතිවාදී සහ නීති විරෝදී සැමරුම් වලට ඉඩදී මාලිමා ආණ්ඩුව සිදු කලේ තමන්ට ජන්දය දුන් බත් පතේ පැහැරීමක්. මේ ශ්‍රී ලංකාවාසීන්ට තමන් ගිලි ඉන්නා දේශපාලන මර නින්දෙන් අවදිවීම සදහා ලැබුන අවස්ථාවක්.

සංඛ චන්දිම අභයවර්ධන

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න