(අද එනම් 2024.12.04 පලවූ සමාජ මාධ්‍ය වාර්තාවකි)

තව දුරටත් යා හැකි උපරිම දුර එක්සත්ව
යා යුතු බවට පාර්ශ්ව රැසකින් යෝජනා
වුර්තීය සමිතියක් වෙනුවට බලපෑම් කණ්ඩායමක්( pressure group) ලෙස ක්‍රියාකරන “සංසදයක් “බිහිවන ලකුණු…

සංසදයේ
සමාරම්භය 2024.12.05 හෝ ආසන්න දිනෙක ගම්පහදී සිදු වෙතැයි අනාවරණයක්

නව වුර්තීය සමිතියක් පිහිටුවීම වෙනුවට බලපෑම් කණ්ඩායමක් ලෙස ක්‍රියාකරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංසදයක් ඇරඹීමට තීරණය වී ඇතැයි අද වාර්තා විය .නව සංගමයක් බිහි හිරීමේ අපේක්ෂාවෙන් සාකච්ජාවක් පැවතුනත් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධව කරුණු හෙලිවීමත් සමගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වුර්තියට සම්බන්ධ විවිධ පාර්ශ්ව ඒ පිලිබඳ දීර්ඝ අදහස් දැක්වීම්.ඊයේ දිනයේ සිදු කර තිබිනි.
ඒ සම්බන්ධ සාකච්ජා කිහිපයක්ම සිදු කර ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතක් ක්‍රියාත්මක වූයේ එක් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වුර්තීය සමිතියක් පමණි.එය උපුල් රෝහණ මහතා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයයි.
තනි කණ්ඩායමක් ලෙස ක්‍රියා කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පසුගිය කාල සීමාවේ සිය වුර්තීය උන්නතිය පිණිස සාධනීය ක්‍රියාමාර්ග රැසක් සිදුකර , වුර්තීය ජයග්‍රහණ රැසක් අත් පත් කර ගත් බව බොහෝ පාර්ශ්ව අවධාරණය කර තිබේ.
තව දුරටත් එක්ව කණ්ඩායමක් ලෙස යන ගමනක් විනා තවත් සංගමයක් නිර්මාණය කිරීම සුදුසු නොවන බවට මේ සංවාදය තුල මතවාදයක් නිර්මාණය වී තිබේ.
එසේම ඉදිරි කාලයෙදී වැඩිදුර අධ්‍යාපනයට වුර්තියේ ප්‍රබල.ක්‍රියාකාරීන් පිරිසක් විදේශ ගතවීමට නියමිත බවටද පැතිර යන ආරංචියද මෙම සමහර තීරණ වෙනස් කර ගැනීමේදී බලපා ඇතැයි ප්‍රකාශකයෙක් අනාවරණ කලේය.

ඒ අනුව මූලික පියවරක් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංසදයක් දෙසැම්බර් 05 වනදා හෝ ඊට ආසන්න දිනෙක බිහි කිරීමට සංසදයට සම්බන්ධ පිරිසක් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග අනාවරණ කරයි

කෙසේ වෙතත් මේ නව සංසදයට NPP ආණ්ඩු හිතවාදීන් වැඩි පිරිසක් එක්වන්නට ඉඩක් ඇතැයි පැවසේ.
මෙය නිල නොවන තොරතුරකි.
මේ සම්බන්ධව වැඩිදුර විස්තර අවශ්‍යනම් අදාල පාර්ශ්ව සම්බන්ධ කර ගැනීම සුදුසුය.

Team Admin Aluth Suwa Puwath
2024.12.04

මහජන සෞඛ්‍ය පරීක්ෂක නව වුර්තීය සමිතියේ සැර බාල වෙයි.සංසදයක් බිහිවන ලකුණු (අද එනම් 2024.12.04 පලවූ සමාජ මාධ්‍ය වාර්තාවකි) තව දුරටත් යා හැකි උපරිම දුර එක්සත්ව යා යුතු බවට පාර්ශ්ව රැසකින් යෝජනා වුර්තීය සමිතියක් වෙනුවට බලපෑම් කණ්ඩායමක්( pressure group) ලෙස ක්‍රියාකරන “සංසදයක් “බිහිවන ලකුණු… සංසදයේ සමාරම්භය 2024.12.05 හෝ ආසන්න දිනෙක ගම්පහදී සිදු වෙතැයි අනාවරණයක් නව වුර්තීය සමිතියක් පිහිටුවීම වෙනුවට බලපෑම් කණ්ඩායමක් ලෙස ක්‍රියාකරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංසදයක් ඇරඹීමට තීරණය වී ඇතැයි අද වාර්තා විය .නව සංගමයක් බිහි හිරීමේ අපේක්ෂාවෙන් සාකච්ජාවක් පැවතුනත් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධව කරුණු හෙලිවීමත් සමගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වුර්තියට සම්බන්ධ විවිධ පාර්ශ්ව ඒ පිලිබඳ දීර්ඝ අදහස් දැක්වීම්.ඊයේ දිනයේ සිදු කර තිබිනි. ඒ සම්බන්ධ සාකච්ජා කිහිපයක්ම සිදු කර ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතක් ක්‍රියාත්මක වූයේ එක් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වුර්තීය සමිතියක් පමණි.එය උපුල් රෝහණ මහතා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයයි. තනි කණ්ඩායමක් ලෙස ක්‍රියා කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පසුගිය කාල සීමාවේ සිය වුර්තීය උන්නතිය පිණිස සාධනීය ක්‍රියාමාර්ග රැසක් සිදුකර , වුර්තීය ජයග්‍රහණ රැසක් අත් පත් කර ගත් බව බොහෝ පාර්ශ්ව අවධාරණය කර තිබේ. තව දුරටත් එක්ව කණ්ඩායමක් ලෙස යන ගමනක් විනා තවත් සංගමයක් නිර්මාණය කිරීම සුදුසු නොවන බවට මේ සංවාදය තුල මතවාදයක් නිර්මාණය වී තිබේ. එසේම ඉදිරි කාලයෙදී වැඩිදුර අධ්‍යාපනයට වුර්තියේ ප්‍රබල.ක්‍රියාකාරීන් පිරිසක් විදේශ ගතවීමට නියමිත බවටද පැතිර යන ආරංචියද මෙම සමහර තීරණ වෙනස් කර ගැනීමේදී බලපා ඇතැයි ප්‍රකාශකයෙක් අනාවරණ කලේය. ඒ අනුව මූලික පියවරක් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංසදයක් දෙසැම්බර් 05 වනදා හෝ ඊට ආසන්න දිනෙක බිහි කිරීමට සංසදයට සම්බන්ධ පිරිසක් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග අනාවරණ කරයි කෙසේ වෙතත් මේ නව සංසදයට NPP ආණ්ඩු හිතවාදීන් වැඩි පිරිසක් එක්වන්නට ඉඩක් ඇතැයි පැවසේ. මෙය නිල නොවන තොරතුරකි. මේ සම්බන්ධව වැඩිදුර විස්තර අවශ්‍යනම් අදාල පාර්ශ්ව සම්බන්ධ කර ගැනීම සුදුසුය. Team Admin Aluth Suwa Puwath 2024.12.04

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න