අංක 1(1).]
පාර්ලිමේන්තුමේ අංක 1 දරන
න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය
නිකුත් කලේ 2024 දෙසැම්බර් 03 අඟහරුවාදා
2024 දෙසැම්බර් 17 අඟහරුවාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
1/2024
ගරු හේෂා විතානගේ මහතා,— කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන්
ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් රජයේ ලියාපදිංචිය ලබාගෙන ඇති පූර්ව ළමාවිය සංවර්ධන
මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) රජයේ ලියාපදිංචි කිරීමෙන් තොරව පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන
පවත්වාගෙන යා හැකිද?
(iv) පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා සපුරාලිය
යුතු අවම මූලික සුදුසුකම් කවරේද?
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද ?
(ආ) (i) පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීම සඳහා
වැඩපිළිපවළක් තිබේද ?
(ii) එසේ නම්, එම වැඩපිළිවෙල කවරේද?
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද ?
(ඇ) නොයසේ නම්, ඒ මන්ද ?
57/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර
සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි කතිකාවක් ඇති වූ බව දන්නේද?
(ii) එම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තිබේද?
(iii) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද?
(iv) එම වංචාවට සම්බන්ධ පුද්ගලයන් සහ ආයතනවල නම් වෙන් වෙන් වශයෙන් කවරේද?
(v) එම වංචාව හේතුවෙන් සිදු වී ඇති අලාභ කොපමණද?;






























මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර