“වලිගය” පාගාගත් පරණ ජෙප්පෝ!
අද ලංකාවේ ජනාධිපති, ජවිපෙ නායක අනුර කුමාර සහෝදරයාය. එබැවින් ලංකා රාජ්‍යය බාර ආණ්ඩුව ජවිපෙ ආණ්ඩුවකි, නැතහොත් ජවිපෙ මූලික වූ ආණ්ඩුවකි.
එහෙත්,ලංකා රාජ්‍යය තවම මෙහෙයවෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය සහ ඒ සුපිරි ව්‍යාපාරික ධනපති පන්තිය යටතේ බව ඇත්ත කතාවයි.
එමෙන්ම ධනවාදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුල්‍ය ආධාර සහ ආර්ථික උපදෙස් යටතේ යන්න තිත්ත ඇත්තයි .
එකී ධනවාදී රාජ්‍යය අද පාලනය කරන්නේ ධනවාදී සමාජයට එරෙහිව අවි ආයුධ යොදාගෙන පහරදීල, ඒ ධනවාදී රාජ්‍යය බලෙන් උදුරාගෙන, එය සමාජවාදී රාජ්‍යයකට පරිවර්තනය කරන්න ලක්ෂයකට ආසන්න මිනිස් ජීවිත පූජා කරපු ජවිපෙ විසින්ය!
සමාජවාදය වෙනුවෙන් දිවි පිදූ ජවිපෙ විසින් ධනවාදය අර්බුදයටම ගිහින් තියෙන මොහොතක, එම ධනවාදය මිට ගහගෙන දුවන්න, අලුත්වැඩියා කරගෙන දුවන්න වගකීම බාරඅරගෙන. ඒක ඇත්තටම හිනා යන වැඩක්.
එම නොගැලපීම,පරස්පරය අවබෝධ කරගන්න බැරි ජවිපෙ බොහෝ දෙනෙක් වැරදි දේශපාලන අදහසක ඉන්න බව දකින්න පුළුවන්.
ඒ අදහස් සමග එකට බැඳීතියෙන්නේ මෙහෙම දෙයක් :
“ජවිපෙ ඉතිහාසය තුළ අපේ දායකත්වයේ කොටසක් ද මාලිමාවෙ අද ජයග්‍රහණය තුළ අඩංගු වෙනවා, එබැවින් අපටත් එහි පංගුවක් අයිතියි. අපිට ත් ඒ ජයග්‍රහණය භුක්ති විඳිමින් සතුටක්, චූං එකක් ගන්න ඕන. මාලිමාව අලුත් බයියන්ට වැඩිය අපි තමයි පරණ මිනිස්සු ” යන අර්ථය එහි සැඟව් තියෙනවා.
ඒ පරණ උරුමයේ කතාව කියලා මාලිමාව ආණ්ඩුවෙන් භෞතික වස්තුවක්, ලාබ ප්‍රයෝජනයක්, තනතුරක් ගන්න අරමුණ සහිතවම ඔවුන් විසින් එසේ කියනු ලබන්නේ යැයි අපට කියන්න බෑ.හුදෙක් ඔවුන්ගේ හිතේ සතුට සඳහා එසේ පරණ උරුමය ගැන කියනවා වෙන්නත් පුළුවන්.
පැරණි ජවිපෙ සහ මාලිමාව ආණ්ඩුව පටලවාගෙන ඉන්න එවැනි උදවිය ට ඇත්ත කතාවක් උපමාකරගෙන පැරණි ජවිපෙ සහ නව මාලිමාව ආණ්ඩුව අතර වෙනස පැහැදිලි කරන්න පුළුවන්.
තංගල්ලේ සීලවතී අක්කාගේ කිරිකැටි දැරිය උසාවිය මාර්ගයෙන් නවසීලන්තයේ ධනවත් යුවලකට දරු කමට දුන්න. කෙල්ල ලොකු දැඩි වෙලා හැඩකාර ළමිස්සියෙක් ලෙස ආව ලංකාවේ ඇත්ත අම්මා දැකගන්න.
ඉතිරි හැඟුම්බර සිදුවීම් පෙළ ඔබ දන්නවා.
” අර තරුණ නෝනා, සීලවතී අක්කගේ දුවද බං ” කියලා ගමේ අපි එකිනෙකාගෙන් අහනවා.
“ඔව් ඔව් ” යනුවෙන් පුදුමයෙන් වගේ අනුමත කරමින්,පරණ ඇත්ත සිදුවීම නැවත රසකරකර අපි හැමෝම කියනවා. පත්තරේ, රුපවාහිනීයේ ලියනවා, කියනවා.
ඒත් ඇත්තටම ඒ ” තරුණ සුදු නෝනා ” අපේ සීලවතී අක්කාගේ දුව නොවේ කියලා මගේ යටි හිත කියනවා. ඒක බොහොම සංකීර්ණ සිතුවිල්ලක්. පැහැදිලි කරන්න ගොඩක් වෙලාව වැයවෙනවා.
බැලූ බැල්මටම සීලවතී අක්කගේ කෙළි පොඩිත්තිම තමයි! සීලවතීගේ මුණමයි, කොන්ඩේ බොකරැට් ඒ වගේමයි. නහය, ඇස් සීලවතීගේම තමයි. ඒ මදිවට හිනාව, තනිකරම සීලවතී .කතාව විතරයි ඉංග්‍රීසි.ඉතිං මේ ඉන්නේ සීලවතී අක්කගේ දුව තමයි බං.
ආයෙත් හිතට මූසල, දුක් ගතියක් එනවා. ඇත්තටම මේ සීලවතී අක්කගේ දුව ද? මොකක්දෝ දුරස් බවක් දැනෙනවා.
ඇයම තමයි, නෑ ඇය නොවේ ලංකාවේ ඉපදුන ඇයට නවසීලන්තයේදී වෙන ආත්මයක් කාවද්දලා. අපේ කමක් දැනෙන්නේ නෑ.
අන්න ඒ සීලවතී අක්කගේ කිරිකැටි කෙළි පොඩිත්ති තමයි මට අනුව පරණ ජවිපෙ. දැන් සංකර වෙලා,”මොඩ් වෙලා” ආපු “තරුණ නෝනා” තමයි මාලිමාව.
එබැවින් මාලිමාව ජයග්‍රහණය නිසා සතුටු කඳුළු පෙරාගෙන හොටු හූරන පරණ ජෙප්පන්ට කියන්න තියෙන්නේ උඹලට වුනේ තංගල්ලේ වැල්ලගොඩේ සීලවතීට වුන දේ තමයි කියලාය.
මාස තුනකින් කෙල්ල නවසීලන්තයට ගියා. සීලවතී අක්කා තංගල්ලේ තුංමංහන්දියේ බුලත්විට විකුණනවා.
අවුරුදු පහකින් මාලිමාව ගෙදර යනවා. උඹලා උඩ බලාගෙන කල්පනා කරනවා මොකක්ද බොලේ අපට වුනේ කියලා.
“තංගල්ලේ අපි” වෙනුවෙන් පුංචිහේවාගේ චන්ද්‍රා ද සිල්වා.
2024.12.01