ගරු අමාත්‍ය චිජිත හේරත්‌ මහතා නව තානාපතිවරු 09 දෙනා සහ මහකොමසාරිස්වරයා මුණ ගැසුණේ ය. නව රාජතාන්ත්‍රිකයෝ ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර භාරදීමෙන්‌ අනතුරුව පැවැති මෙම පළමු නිළ හමුව විදේශ කටයුතු අමාත්‍යංංශයේ දී සිදු විය. එහි දී නව රජයට සුබ පැතුම්‌ එක්‌ කළ එම රාජ්‍ය තාන්ත්‍රිකයො’ රජයේ වැඩපිළිවෙළ අගය කළහ. එමෙන්‌ ම පුනරුද වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමට පෙරට වඩා ශක්තිමත්‌ සහයොගයක්‌ ලබා දෙන බවට ද එකඟ වූහ.

මෙම හමුවේ දී මධ්‍යම ආසියානු සහ බටහිර රටවලින්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්‌ සංඛ්‍යාව ඉහළ නැංවීම, එම රටවල තොරතුරු තාක්ෂණය ඇතුළු වෘත්තීය රැකියා වෙළඳපලේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට විවෘත කිරීම, මෙරටට ලබා දෙන ශිෂ්‍යත්ව කෝටාව වැඩි කිරීම ආදි කරුණු කිහිපයක්‌ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්‌ මහතා යෝජනා කළේ ය. ශ්‍රී ලංකාවේ තේ යුරෝපයට අපනයන කිරීමට නිබෙන නව අවස්ථා පිළිබඳව ද මෙහිදි අවධනය යොමු විය.

අප්‍රිකානු රටවල තානාපතිවරු සමඟ ද සාකච්ඡා කළ අමාත්‍ය්‍ය චිජිත හේරත්‌ මහතා අප්‍රිකානු රටවලට ශ්‍රී ලංකාව අඛණ්ඩව ආර්ථික සහ දේශපාලනික සහයොගය ලබා දෙන බවට පොරොන්දු වූයේ ය. එම රටවල ඇඟලුම්‌ කර්මාන්ත වෙළඳපලට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා ලැබුණු අතර ශ්‍රී ලංකාවේ ‘අයොජකයෝ අප්‍රිකානු රටවල ඉඳිකිරීම්‌ ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය, බල ශක්ති ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක්‌ පිළිබඳව උනන්දු වන බව ද අමාතාාවරයා පෙන්වා දුන්නේ ය. එම රටවලින්‌ ඇතැම්‌ අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට තිබෙන ශඛා්‍යතා පිළිබඳව ද අමාත්‍ය විජිත හේරත්‌ මහතා මෙහි දී සාකච්ඡා කළේ ය.

නිළ හමුව සඳහා පැමිණි රාජ්‍යතාන්ත්‍රිකයෝ ශ්‍රී ලංකාව සමඟ තිබෙන රාජතාන්ත්‍රික සබඳතා තරකරගැනීමට මෙරට තුළ එම රටවල තානාපති කාර්යාල පිහිටුවීමේ අභිප්‍රාය ද ඉදිරිපත්‌ කළහ. ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සහ ආර්ථික සහයොගීතාව ඉහළ නංවාගැනීමට නව ගිවිසුම්වලට එළ ඹීමටත්‌ යෝජනා කළහ. ඒවා අධ්‍යයනය කර සමාලෝචනය කිරීමට එකඟ වූ අමාත්‍ය විජිත හේරත්‌ මහතා නිදහස්‌ දින උත්සවයට සහභාගී වන ලෙස ද පැමිණි රාජතාන්ත්‍රිකයන්ට ආරාධනා කළේ ය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න