පුරවැසියෙකු නිවහනක් ඉදිකිරීමට යාමේ සිට සූරා කෑමේ මාෆියාවක් ලාංකික සමාජය තුළ ක්‍රියාත්මකයි.
පුරවැසියාට කාර්මික විද්‍යාව හෙවත් තාක්ෂණය නොමැතිකම ඊට ප්‍රධාන සාධකයක්.
මේ නිසා, ඉදිකිරීම් කර්මාන්තයේ ආරම්භයෙන් විකාශනය දක්වා, තොරතුරු න්‍යායාත්මක හා ප්‍රායෝගික අත්දැකීම් මත ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙමු.
ඉදිකිරීමක ආරම්භය කෙසේ විය යුතුද?
ආරම්භය හා විකාශය.
නව නිවසක් ඉදිකිරීම සඳහා ඔබ මහත් බලාපොරොත්තු ඇතුව තමයි ක්‍රියාත්මක වන්නේ.
ඇතැම් විට ඉඩමක් මිලදී ගැනීමේ සිට, ඔබ ගොදුරු වන්නේ වංචාකාරුවන්ට.
එහෙමනම්, නව නිවසක් සඳහා සැලසුමක් පිළියෙල කරගැනීමේ සිට පදිංචිය දක්වා ඔබ ක්‍රියාත්මක වන්නේ ඔබ හා අවට අසල්වාසීන්ගේ, ඥාතීන්ගේ අත්දැකීම් මතයි.
නමුත් වැහි පීලි හා උපාංග සවිකිරීමේ සිට, ඔබ හිතනවා සියල්ල හරි කියලා.
සමහර විට ඉදිකිරීම් අවසන් වනතුරු වැස්සක අත්දැකීම් නොලැබෙන්න පුළුවන්.
සියලු ඉදිකිරීම් වල ගෙවීම් අවසන් වීමෙන් පසුව, ඊට පසුදින, සතියකට හෝ මාසයකට පසු වහින්න පුළුවන්.
ඔබ මුදල් වැය කර ඇත්තේ නුපුහුණු කාර්මිකයින්ට බව සනාථ වන්නේ ඉන් පසුවයි.
ඒ වන විට සියලු මුදල් ගෙවීම් කර ඔබ අවසන්.
නිවස අභ්‍යන්තරයට වැසි ජලය කාන්දු වෙන තත්ත්වයක් දැකීමේදී, ඔබට පපුවේ අමාරුව ඇතිවෙන තරම් වේදනාවක් මතුවෙන්න පුළුවන්.
නිවසට බාහිරව වැසි ජලය බිත්තිවලට උරා ගන්නේ හා විධිමත් බවකින් තොරව වැසි ජලය කාන්දුවන්නේ, වහලේ සිට වැහිපීලි විධිමත්ව පොළොවට සවිකර නොතිබීම නිසයි.
මේ එක් පැත්තක් පමණයි.
නිවසක අභ්‍යන්තර හා බාහිර ගැටලු ගණනාවක් ඔබට හිමි කර දෙන කාර්මිකයින් නිසා ඔබ ලබන චිත්ත පීඩාව අප්‍රමාණයි.
ව්‍යුහාත්මක ඉංජිනේරු සැලසුමක් පිළිපිළිවෙලට කර ගැනීමට අසමත් වීමේ සිට, මෙම අත්දැකීම ඔබට ඇතිවෙන්න පුළුවන්.
ඒ සඳහා අධික මුදල් වැයවීම ඔබට ඊට හේතු විය හැක.
වෙළඳපොලේ පවතින අස්ථාවරය නිසා, නිවැරදි ඇස්තමේන්තුවක් පිළියෙල කරගැනීමට නොහැකි වීම තවත් සාධකයක් විය හැක.
ගොඩනැගිලි සැලැස්ම හා අදාළ අනුමැතිය ලබා ගැනීමේ ගැටලු
ගොඩනැගිලි සැලැස්ම නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, හෝ මහ නගර සභාවට ලබාදී අනුමැතිය ගැනීම සඳහා ගතවන කාලය හා කාර්මික නිලධාරීන්ගේ සහ අනෙකුත් ගෙවීම් පිළිබඳ අත්දැකීම් ඔබට තිබෙන්න පුළුවන්.
ඒ පිළිබඳ අත්දැකීම් ඇති අය ඇත්නම්, අපගේ නාලිකාව තුළින් එම නගර සභාවල නිලධාරීන්ව නිරාවරණය කිරීමට අප සූදානම්.
ඒ සඳහා, ඔබ ඇමතිය යුතු දුරකථන අංකය 0773150678 වේ.
පදනම සලකා බැලීමේ වැදගත්කම
ඔබේ නිවස ඉදිකිරීමේදී, අදාළ භූමියේ පසේ පදනම ගැන ඔබ සැලකිලිමත් වුණාද?
පසේ ඇති යෝග්‍යතාවය නිවස ඉදිකිරීමේදී අත්තිවාරම් සඳහා පස හැරීමේදී පමණක් නොව, ඊට පෙරද සැලකිලිමත් විය යුතුය.
රාජ්‍ය හා පෞද්ගලික අංශවල මහා පරිමාණ කර්මාන්ත ශාලා ඉදිකිරීම්වලදී, මහා මාර්ග, පාලම්, උස්කුළුණු, වරාය, ගුවන්තොටුපොළ, සහ අහස උසට ඉදිකෙරෙන සුවිසාල ගොඩනැගිලි වලදී, පස් කොතරම් දුරට කල් පවතිනවාද යන්න විද්‍යාත්මක පරීක්ෂණයන්ගෙන් තහවුරු කරන ලද තත්ත්වයක් වේ.
පාංශු පරීක්ෂණයේ වැදගත්කම
ඔබ ඉඩමක් මිලදී ගැනීමේදී, පසේ යෝග්‍යතා පරීක්ෂණය සිදු කළ යුතුය.
එය “පාංශු පරීක්ෂණය” ලෙස හැඳින්වේ.
අදාළ භූමිය තෝරාගැනීමේදී, පස හා පාෂාණ ස්ථරයන්හි ගුණාත්මකභාවය පරීක්ෂා කළ යුතුය.
ශක්තිමත් පාෂාණ ගුණයක් නොමැති නම්, ගැඹුරට අත්තිවාරම් වලවල් කැපීම හා ඒ සඳහා ආරක්ෂිත ක්‍රම සකස් කිරීම සඳහා අමතර වියදම් වැයවිය හැක.
අත්තිවාරම් වලවල් වටා, ලෑලි හෝ යකඩ තහඩු ආවරණයක් සකස් කිරීමටද අවශ්‍ය වේ.
ඉදිකිරීම් ක්‍රියාකාරකම් හා අත්දැකීම්
ඉදිකිරීම් කටයුතු කළමනාකරණය කිරීමේදී, මෙසන්, වඩු, ජලනල, විදුලි කාර්මිකයන්, සහ පළපුරුදු නොවන කොන්ත්‍රාත්කරුවන්ගෙන් සිදු වන හානිය නිවැරදිව වැලැක්වීමේ අවශ්‍යතාවය පැහැදිලිය.
ඉහත සඳහන් කරුණු පැහැදිලිව සඳහන් නොකිරීම, මෙම ගැටලු මතු වීමට ප්‍රධාන හේතුවකි.
නව නිවසක් ඉදිකිරීමේදී නොදැනුවත්කමෙන් ගොදුරු වන පැති
ඔබගේ නොදැනුවත්කම අයුතු ලෙස පාවිච්චි කරන,
- මේසන්කරුවන්,
- කොන්ක්රීට්කරුවන්,
- වඩු වැඩකරුවන්,
- විදුලි පරිපථ හා උපාංග සවිකිරීමේ කාර්මිකයින්,
- ජලනල හා උපාංග සවිකිරීමේ කාර්මිකයින්,
- තීන්ත ආලේප කරන ශිල්පීන්,
විධිමත් පුහුණුවකින් තොර පිරිසක් වීම නිසා, මේ ගසා කෑමේ තත්ත්වය භයානක වෙමින් තිබේ.
දොර හා උළුවහු සවිකිරීමේ සිට වහල ගැසීම දක්වා, මෙම නුපුහුණු කාර්මිකයින් විසින් ගසා කෑම දිගින් දිගටම සිදුවේ.
අවස්ථාමය කුසලතාව නොමැතිකමෙන් ඇතිවන හානියන්
- කළුගල් අත්තිවාරම
විධිමත් ප්‍රමිතියකට නොවීම නිසා භූගත ජලය කාන්දු වීමේ අවදානම. - බිත්ති කපරාරු කිරීම
විධිමත් නොවීම නිසා බිත්තිවල හැඩය විවිධ ආකාරයකින් පෙනීම. - වැසි ජලය බිම් මහලට කාන්දු වීමේ අවදානම.
- ශටරිම හා කොන්ක්‍රීට් තට්ටුව
ප්‍රමිතියකින් තොරව ඉදිකිරීමෙන් වැසි ජලය කාන්දු වීම. - වහලය
ටකරන් හෝ ඇස්බැස්ටෝස් සීඩ් දැමීමෙන් පසුවත් වැසි ජලය කාන්දු වන්නේ නම්, ඔබට එය විශාල වේදනාවකි.
අදාළ නීති සහ ආරක්ෂණ මාර්ග
මේ සඳහා ඇති නීති මොනවාද?
මේ පිළිබඳව ඉදිරි ලිපි මඟින් න්‍යායාත්මක හා ප්‍රායෝගික නෛතික කරුණු ඔබට විස්තර කෙරෙනු ඇත.
ලිව්වේ:
ගවේෂණශීලි මාධ්‍යවේදී
සුමිත් කොඩිතුවක්කු