පත්බේරිය අප්පුහාමිලාගේ ජයකාන්ත (P A Jayakantha) අතීතයේ ස්වේච්ඡා බළකායට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා නිලධාරියකු වන අතර, මූල්‍ය වංචාවක් නිසා ඔහුගේ සේවය අවසන් කොට ඇත.
ඒ බව තහවුරු කරමින් 1997 ජනවාරි 31 වැනි දින එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් නිකුත් කරන ලද රජයේ ගැසට් පත්‍රයක්ද පවතී.
අප්පුහාමිලාගේ ජයකාන්ත පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්බන්ධ වී ඇත. නමුත් එහිද ඔහුගේ අයහපත් කල් ක්‍රියාව නිසා පෙර ඉරණමටම යලි ගොදුරුවී ඇත. ඔහුගේ සමාගම ලබා දුන් පරිගණකය (official computer) භාවිතා කරමින් නුසුදුසු හා නොගැලපෙන තොරතුරු (porn videos) බෙදාහැරීම නිසා ඔහු ශ්‍රී ලන්කන් සේවයෙන්ද පහකොට ඇත.
ඉන් අනතුරුව දූෂිත දේශපාලන යාන්ත්‍රණය හේත්තු වෙමින් යලි ගුවන්සේවා අධිකාරියට හේත්තු වී ඇති අප්පුහාමිලාගේ ජයකාන්ත සුපුරුදු පාරට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ රජයට පින් සිදු වන්නට සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධූරයට (DGCA) පත්ව ඇත. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය හොර පාරෙන් රැගෙනයාමට පැමිණි පුද්ගලික ජෙට් යානයට නිසි ක්‍රමයෙන් බැහැරව ලංකාවේ ගොඩබෑමට අවසර ලබානොදීම නිසා 2022 වසරේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම වහාම සිය ධූරයෙන් ඉවත්කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුව ලෙසයි.
තේමියගේ දෙවනියා ලෙස කටයුතු කරමින් සිවිල් ගුවන්සේවා අධිකාරියේදී දූෂණ රැසකට සම්බන්ධ වූ (අධිකාරියේ නිලධාරීට රක්ෂණ ආවරණය ගත් ආයතනයෙන් කොමිස් ගැනීම/ ටෙන්ඩර් මගඩි) අප්පුහාමිලාගේ ජයකාන්ත බැසිල් රාජපක්ෂගේ ආනුභාවයෙන් තේමියගේ පුරප්පාඩුවට පත්වුණේ ඔහු ගුවන්හමුදාවෙන් පහකිරීමේ තොරතුරු යලි යට ගසමින්.
අප්පුහාමි මැදිහත්ව කළ විශේෂිතම හොරකම වන්නේ නිමල්සිරිපාල අමාත්‍යවරයා සමග එක්ව ගුවන්තොටුපළ ආරක්ෂක අංශයට අවශ්‍ය උපකරණ (Security Scanners) ලබාගැනීමට යොමු කළ ටෙන්ඩරය සිය පුත්‍ර රත්නයට හිමි කොම්පැණියට ලබා දීමට අදාළ නිර්දේශය සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් ලෙස ලබාදීමයි. ඒ පිළිබඳ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ මට්ටමින්ද පරීක්ෂණ පැවැත්වූ අතර අවශ්‍ය නම් අමාත්‍යංශයෙන් තොරතුරු ලබාගත හැක.
මෙවන් පසුබිමක් තුළ ජාතික ජනබලවේග රජය බලයට පත් වන්නේ දූෂිතයන් හෝ පසුගිය රජයන්හි දූෂිතයන් තම පාලනයට සම්බන්ධ කර නොගන්නා ජනතාවට සපථ කරමින්. නමුත් එය මාසයක් යන්නත් පෙර අප්පුහාමිලාගේ ජයකාන්ත වැනි අන්ත දූෂිතයකු ගුවන්තොටුපළ සහ ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ (Airport and Aviation Services (Sri Lanka) (Private) Limited.) ප්‍රධානියකු ලෙස පත්කිරීම තුළින් කඩකර තිබීම කණගාටුවට කරුණක්.
කෙසේ වෙතත්, මෙය අතිශය ගැටළුකාරී පත්වීමක් වන්නේ ශ්‍රී ලංකාවේ ඉහළම රාජ්‍ය යාන්ත්‍රණයේ පැවති ආයතනයක (ගුවන් හමුදාව) දූෂණ කටයුත්තක් හේතුවෙන් සේවයෙන් පහ කළ දූෂිත නිලධාරියෙකු රටේ ගුවන්තොටුපළ වැනි ආර්ථික මර්මස්ථානයක ඉහළට පුටුවකට යලි පත්කිරීම කෙතරම් සාධාරණද යන හේතුව මතයි.
පසුගිය මහා මැතිවරණයෙන් ද 60%කට වැඩි ප්‍රතිශතයක් ලබාදෙමින් ජාතික ජනබලවේගයේ ජනතා බලය යලි තහවුරු කළේ අප්පුහාමිලාගේ ජයකාන්ත වැනි රාජ්‍ය ධනය හොරා කෑ දූෂිතයින් හිර ගෙවල් වල යැවීමේ ඒකායන අරමුණින් වුවත් මේ ආරම්භය තුළින් පෙන්නුම් කරන්නේ පැවතියාටත් වඩා දූෂිත යුගයක ආරම්භයක් බවද යන්න ජනතාවට ගැටළුවකි.
(ගුවන්සේවාවේ සේවය කරන රටට හිතැති සේවකයෙක්)