#
පසුගිය දා ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා රට පුරා ම බොහෝ මාර්ග සහ පාළම් වලට හානි සිදු වී තිබෙනවා.
එහි දී විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර මාර්ග වලට දැඩි හානි සිදු වී තිබෙන අතර ඌව සහ මධ්‍යම පළාත් වලට ද තරමක හානි සිදුවී තබෙනවා.
තව ද රට පුරාම වවිධ ස්ථාන වල ගස් කඩාවැටීම් නිසා සිදු වූ මාර්ග අවහිර වීම් ඉවත් කිරීමටත් සුලු නාය යාම් නිසා සිදු වූ හානි වලට පිළියම් යෙදීමටත් මාර්ග සංවර්ධන අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා ප්‍රදේශ වාසීන් ද එක් වී කටයුතු කරමින් ඉන්නවා.
මේ වන ව්ට කොළඹ -රත්නපුර – වැල්ලවාය- මඩකලපු මාර්ගයේ 375/5 පාළමේ කොටසක් ගිලා බැසීමකට ලක් වී තිබෙනවා. ඊට හේතුව ගංවතුරෙන් පාළමේ එක් ඉවුරක් හෝදාගෙන යාමයි.
එම මාර්ගයේ එක් මංතීරුවක් මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තාවකාලිකව සකස් කර අවසන් අතර
එම ස්ථානයේ තාවකාලික පාළමක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
එමෙන් ම මනම්පිටිය- අරලගංවිල (B- 502 ) මාර්ගයේ 19/1 පාළමට හානි වී තිබෙන අතර එහි ගමනාගමනය ද මේ වන විට නවතා තිබෙනවා.
එම පාළම වෙනුවට තාවකාලික යකඩ පාළමක් ඉදි කිරීමට ගරු අමාත්‍ය බ්මල් රත්නායක මහතාගේ උපදෙස් දී ඇති අතර එය ඉදිකිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මාධ්‍ය ලේකම්
(ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍යංශය)
-මීට අදාල වීඩියෝව සහ ඡායාරූප පහළින්.
👇