ප්ලීස් තියෙනවා නම් මට එකක් දෙන්න.” ප්‍රතිකාර සඳහා පැමිණි 22 හැවිරිදි තරුණයෙක් එලෙස මා ඉදිරියේ බැගෑපත් විය. ඔහු මා වෙත දිගු කළ හිස් බෙහෙත් දවටනය පරීක්ෂා කළ මගේ ඇස් උඩ ඉන්දවුණි. එය ට්‍රැමඩෝල් නමැති ඹෟෂධයේ මිලිග්‍රෑම් 225 පෙති අඩංගු දවටනයකි. ඔහු දිනපතා එයින් පෙති 03ක් ගන්නා බව ඇසූ මට හීන් දාඩිය දමන්නට විය . එය ඉතා ඉහළ මාත්‍රාවකි. තව දුරටත් කරුණු විමසීමේදී ඔහු කලක් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටි බවත් ඉන් මිදීමට මෙලෙස ඇපල් භාවිතයට නැඹුරු වූ බවත් දැන ගන්නට ලැබිණි.

ට්‍රැමඩෝල් යනු ශල්‍යකර්මයකින් පසු ඇති වන වේදනාව ඇතුළුව මධ්‍යස්ථ හෝ දරුණු වේදනාවක් සමනය කිරීමට භාවිතා කරන වේදනා නාශක ඹෟෂධයකි. මෝර්ෆීන් වැනි ඔපියොයිඩ් ප්‍රතිකාර අවශ්‍ය වන තරමට දරුණු වේදනාවන්ට ප්‍රතිකාර කිරීමට සහ අනෙකුත් වේදනා නාශක ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන විට හෝ දරාගත නොහැකි වේදනාවක් ඇති විට එය භාවිතා කරනු ලැබේ.

ට්‍රැමඩෝල් අයත් වන්නේ ඔපියොයිඩ් වේදනා නාශක නම් ඖෂධ කාණ්ඩයටයි. එය වේදනාව සමනය කිරීම සඳහා මධ්‍ය ස්නායු පද්ධතිය (CNS) හරහා ක්‍රියා කරයි.
වැඩිහිටියන් සඳහා මුලදී, මිලිග්‍රෑම් 100 (mg) දිනකට වරක් නිර්දේශ කරන අතර වෛද්‍යවරයාට අවශ්‍ය පරිදි මාත්‍රාව වැඩි කළ හැකිය. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් දිනකට 300 mg ට වඩා වැඩි නොවන මාත්‍රාවක් ලබා ගත යුතුය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය භාවිතය සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික සමීක්ෂණයට (NSDUH) අනුව, 2012 දී මිලියන 2.7 ක් හා 2013 දී මිලියන 3.2 ක ජනතාවක් වෛද්‍ය නොවන අරමුණු වෙනුවෙන් ට්‍රැමඩෝල් භාවිතා කර ඇත. එනම් ඔවුන් එය මත්ද්‍රව්‍යයක් ලෙස අනිසි ආකාරයෙන් භාවිතා කර තිබේ.

මෙම ඹෟෂධය භාවිතය නිසා ඇති වන අතුරු ආබාධ නම්
මලබද්ධය
අධෛර්යමත්භාවය
නිදිමත ගතිය
උගුර කට වියළී යාම
සිරුර උණුසුම් බවක් දැනීම
දුක් හෝ හිස් බවක් දැනීම
අසාමාන්‍ය සීතලක් දැනීම
අසහනකාරී හැඟීම
බඩ පපුව දැවිල්ල
නුරුස්නා බව
සමේ කැසීම

ට්‍රැමඩෝල් ඹෟෂධය නිවැරදිව භාවිතා කරන විට ඉතා ප්‍රයෝජනවත් ඖෂධයක් වන අතර, එය අපයෝජනය කරන විට මාරාන්තික විය හැක.
ඔපියොයිඩ් ඹෟෂධ ක්‍රියා කරන්නේ මොළයේ ඇති විශේෂ ප්‍රතිග්‍රාහකවලට බන්ධනය වීමෙනි. එහි දී වේදනා සංඥාවලට බාධා කිරීම, ත්‍යාගමය ප්‍රතිචාර දැක්වීම සහ හුස්ම ගැනීම නියාමනය කිරීම සඳහා වගකිව යුතු මොළයේ කොටස්වලට ද බලපෑම් ඇති කළ හැකිය. අධි මාත්‍රාවක් ගැනීම බරපතල හා ජීවිතයට තර්ජනයක් වන අතුරු ආබාධ ඇති කළ හැකිය.

ට්‍රැමඩෝල් අධික මාත්‍රාවක් ගැනීමෙන් පහත රෝග ලක්ෂණ ඇති විය හැකිය.
-ඇසේ කණිනිකාව කුඩා වීම
-අධික නිදිමත.
-මන්දගාමී හුස්ම ගැනීම.
-මන්දගාමී හෘද ස්පන්දනය.
-මාංශ පේශි දුර්වල වීම .
-සිහිය නැතිවීම.

නිතර නිතර, දිගුකාලීනව ට්‍රැමඩෝල් භාවිතයෙන් පසු, බොහෝ අය ඒ සඳහා දරාගැනීමක්(Tolerance) වර්ධනය කරගනී. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට ඖෂධයේ බලපෑම දැනීම සඳහා විශාල මාත්‍රාවක් ගත යුතු බවයි. එලෙස ඔරොත්තු දීම හේතුවෙන්, ට්‍රැමඩෝල් භාවිතා කරන්නන්ට එය භාවිතය නැවැත්වූ විට ඉවත් වීමේ රෝග ලක්ෂණ (Withdrawal symptoms) අත්විඳිය හැකිය. ට්‍රැමඩෝල් සිරුරේ නොමැති වීම හේතුවෙන් කෝපය, මානසික අවපීඩනය සහ උණ වැනි රෝග ලක්ෂණ ඇති කරයි.
එබැවින් මෙවැනි ඹෟෂධ මත්ද්‍රව්‍ය ලෙස අනිසි ආකාරයෙන් භාවිතා කිරීම නවත්වා තරුණ පරපුර ඉන් ගලවා ගැනීමට හැකි සෑම පියවරක්ම ගත යුතුය.

වෙෙද්‍ය චින්තන විරාජ් ලියනගේ

*අමුතු ඇපල් කෑම* “ඩොක්ටර්, මම අවුරුදු දෙකක් තිස්සේ ඇපල් කියන මත්ද්‍රව්‍ය ගන්නවා. මේ දවස්වල ඒක සොයා ගන්න නැහැ. ප්ලීස් තියෙනවා නම් මට එකක් දෙන්න.” ප්‍රතිකාර සඳහා පැමිණි 22 හැවිරිදි තරුණයෙක් එලෙස මා ඉදිරියේ බැගෑපත් විය. ඔහු මා වෙත දිගු කළ හිස් බෙහෙත් දවටනය පරීක්ෂා කළ මගේ ඇස් උඩ ඉන්දවුණි. එය ට්‍රැමඩෝල් නමැති ඹෟෂධයේ මිලිග්‍රෑම් 225 පෙති අඩංගු දවටනයකි. ඔහු දිනපතා එයින් පෙති 03ක් ගන්නා බව ඇසූ මට හීන් දාඩිය දමන්නට විය . එය ඉතා ඉහළ මාත්‍රාවකි. තව දුරටත් කරුණු විමසීමේදී ඔහු කලක් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටි බවත් ඉන් මිදීමට මෙලෙස ඇපල් භාවිතයට නැඹුරු වූ බවත් දැන ගන්නට ලැබිණි. ට්‍රැමඩෝල් යනු ශල්‍යකර්මයකින් පසු ඇති වන වේදනාව ඇතුළුව මධ්‍යස්ථ හෝ දරුණු වේදනාවක් සමනය කිරීමට භාවිතා කරන වේදනා නාශක ඹෟෂධයකි. මෝර්ෆීන් වැනි ඔපියොයිඩ් ප්‍රතිකාර අවශ්‍ය වන තරමට දරුණු වේදනාවන්ට ප්‍රතිකාර කිරීමට සහ අනෙකුත් වේදනා නාශක ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන විට හෝ දරාගත නොහැකි වේදනාවක් ඇති විට එය භාවිතා කරනු ලැබේ. ට්‍රැමඩෝල් අයත් වන්නේ ඔපියොයිඩ් වේදනා නාශක නම් ඖෂධ කාණ්ඩයටයි. එය වේදනාව සමනය කිරීම සඳහා මධ්‍ය ස්නායු පද්ධතිය (CNS) හරහා ක්‍රියා කරයි. වැඩිහිටියන් සඳහා මුලදී, මිලිග්‍රෑම් 100 (mg) දිනකට වරක් නිර්දේශ කරන අතර වෛද්‍යවරයාට අවශ්‍ය පරිදි මාත්‍රාව වැඩි කළ හැකිය. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් දිනකට 300 mg ට වඩා වැඩි නොවන මාත්‍රාවක් ලබා ගත යුතුය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය භාවිතය සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික සමීක්ෂණයට (NSDUH) අනුව, 2012 දී මිලියන 2.7 ක් හා 2013 දී මිලියන 3.2 ක ජනතාවක් වෛද්‍ය නොවන අරමුණු වෙනුවෙන් ට්‍රැමඩෝල් භාවිතා කර ඇත. එනම් ඔවුන් එය මත්ද්‍රව්‍යයක් ලෙස අනිසි ආකාරයෙන් භාවිතා කර තිබේ. මෙම ඹෟෂධය භාවිතය නිසා ඇති වන අතුරු ආබාධ නම් මලබද්ධය අධෛර්යමත්භාවය නිදිමත ගතිය උගුර කට වියළී යාම සිරුර උණුසුම් බවක් දැනීම දුක් හෝ හිස් බවක් දැනීම අසාමාන්‍ය සීතලක් දැනීම අසහනකාරී හැඟීම බඩ පපුව දැවිල්ල නුරුස්නා බව සමේ කැසීම ට්‍රැමඩෝල් ඹෟෂධය නිවැරදිව භාවිතා කරන විට ඉතා ප්‍රයෝජනවත් ඖෂධයක් වන අතර, එය අපයෝජනය කරන විට මාරාන්තික විය හැක. ඔපියොයිඩ් ඹෟෂධ ක්‍රියා කරන්නේ මොළයේ ඇති විශේෂ ප්‍රතිග්‍රාහකවලට බන්ධනය වීමෙනි. එහි දී වේදනා සංඥාවලට බාධා කිරීම, ත්‍යාගමය ප්‍රතිචාර දැක්වීම සහ හුස්ම ගැනීම නියාමනය කිරීම සඳහා වගකිව යුතු මොළයේ කොටස්වලට ද බලපෑම් ඇති කළ හැකිය. අධි මාත්‍රාවක් ගැනීම බරපතල හා ජීවිතයට තර්ජනයක් වන අතුරු ආබාධ ඇති කළ හැකිය. ට්‍රැමඩෝල් අධික මාත්‍රාවක් ගැනීමෙන් පහත රෝග ලක්ෂණ ඇති විය හැකිය. -ඇසේ කණිනිකාව කුඩා වීම -අධික නිදිමත. -මන්දගාමී හුස්ම ගැනීම. -මන්දගාමී හෘද ස්පන්දනය. -මාංශ පේශි දුර්වල වීම . -සිහිය නැතිවීම. නිතර නිතර, දිගුකාලීනව ට්‍රැමඩෝල් භාවිතයෙන් පසු, බොහෝ අය ඒ සඳහා දරාගැනීමක්(Tolerance) වර්ධනය කරගනී. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට ඖෂධයේ බලපෑම දැනීම සඳහා විශාල මාත්‍රාවක් ගත යුතු බවයි. එලෙස ඔරොත්තු දීම හේතුවෙන්, ට්‍රැමඩෝල් භාවිතා කරන්නන්ට එය භාවිතය නැවැත්වූ විට ඉවත් වීමේ රෝග ලක්ෂණ (Withdrawal symptoms) අත්විඳිය හැකිය. ට්‍රැමඩෝල් සිරුරේ නොමැති වීම හේතුවෙන් කෝපය, මානසික අවපීඩනය සහ උණ වැනි රෝග ලක්ෂණ ඇති කරයි. එබැවින් මෙවැනි ඹෟෂධ මත්ද්‍රව්‍ය ලෙස අනිසි ආකාරයෙන් භාවිතා කිරීම නවත්වා තරුණ පරපුර ඉන් ගලවා ගැනීමට හැකි සෑම පියවරක්ම ගත යුතුය. වෙෙද්‍ය චින්තන විරාජ් ලියනගේ

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න