නිහඬ මරුවා-මී උණ රෝගය
2024 වර්ෂය තුළ මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන් 500 කට වඩා වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව පෙනී යයි. ඒ අනුව එම දිස්‌ත්‍රික්‌කය තුළ මේ වසරේදී මී උණ ආශ්‍රිත මරණ 35ක් සිදු වීමෙන් මෙම රෝගයේ ඇති බරපතලකම පැහැදිලිවේ. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ වාර්තාවලට අනුව පසුගිය මාස 03 ක කාලය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වූ මී උණ රෝගීන් 09 ක් මරණයට පත් වී ඇති අතර එම සෑම රෝගියෙකුම පාහේ සතියකට වඩා වැඩි කාලයක් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇත. එනම් එම රෝගීන් ගේ ජීවිත බේරා ගැනීම සඳහා අති විශාල මුදලක් වැය කර තිබේ. දැනුවත් වීම හා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග මඟින් සෑහෙන දුරට වළක්වා ගත හැකි රෝගයක් වන මී උණ රෝගය මේ වන විට වසංගත ස්වරූපයෙන් පැතිර යන්නේදැයි සැක පහළ වේ.
සෑම වසරකම පුද්ගලයන් මිලියන 1 ක් පමණ ලොව පුරා මී උණ රෝගයට ගොදුරු වන අතර, මරණ 60,000 කට ආසන්න වේ.
ශ්‍රී ලංකාව තුළ
වසර පුරාම මී උණ රෝගය වාර්තා වන නමුත්, වාතයේ තෙතමනය වැඩි, වැසි කාල වලදී මෙම රෝගය වසංගතයක් ලෙස පැතිරීම සිදුවිය හැකිය. විශේෂයෙන්, අධික වැසි ඇති වී ගංවතුර ඇතිවන විට එම ප්‍රදේශ වල මී උණ රෝගය පැතිරීම වැඩිවනු දැකිය හැකිය. මෝසම් වැසි ආශ්‍රිතව රෝගය පැතිරීම වැඩිවන කාල පරාස දෙකක් ඇති අතර ඒ අනුව, මාර්තු සිට මැයි දක්වා මී උණ රෝගයේ තරමක වැඩිවීමක් ද, ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා විශාල වැඩිවීමක් ද දක්නට ලැබේ. මෙම රටාව කාලයත් සමග වෙනස්වීමට ලක්වේ.
ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ යනු දූෂිත ජලයේ හෝ පසේ සිටින ලෙප්ටොස්පයිරා නමැති බැක්ටීරියාවක් මගින් ඇති කරන රෝගයකි. එය සමහර සතුන්ට සහ මිනිසුන්ට බලපායි.
ලෙප්ටොස්පයිරෝසිස් ඇති කරන බැක්ටීරියාව ආසාදිත සතුන්ගේ මූත්‍ර හරහා පැතිරෙයි. බැක්ටීරියාවට දූෂිත ජලයේ හෝ පසෙහි සති කිහිපයක සිට මාස ගණනක් ජීවත් විය හැකිය. විවිධ වර්ගවල වන සහ ගෘහාශ්‍රිත සතුන් බැක්ටීරියා රැගෙන යන වාහකයන් ලෙස ක්‍රියා කරයි, ඒවා අතර:
1)පශු සම්පත් (එළදෙනුන්, ඌරන්, අශ්වයන්, බැටළුවන්, එළුවන් ආදිය)
2)බල්ලන් හා බළලුන්
3)මීයන් (ගෘහස්ථ මීයන්, කැළෑ මීයන්)
4)සාගර ක්ෂීරපායින් (මුහුදු සිංහයන්, සීල් ආදිය)
5)වන සතුන් (සත්වෝද්‍යාන සතුන්, වල් ඌරන් ආදිය)
මෙම සතුන්ට රෝගය ආසාදනය වූ විට, රෝගයේ රෝග ලක්ෂණ නොමැති විය හැක. ආසාදිත සතුන් මාස කිහිපයක් හෝ වසර ගණනාවක් පුරා එම සතුන්ගේ මුත්‍ර මඟින් බැක්ටීරියාව පරිසරය ට මුදා හරී.
මී උණ ඇතිකරන බැක්ටීරියාව මීයන් ඇතුළු සතුන්ගේ සිරුරේ වකුගඩු ආශ්‍රිතව ජීවත් වන නමුත් එය උන්ට හානිදායක නොවන අතර මීයන්ගේ මුත්‍රා හරහා බාහිරයට නිකුත් වන මෙම ජීවින් මිනිසාගේ ශරීරයේ විශේෂයෙන් කකුල් අතර පවතින කුඩා තුවාල හරහා ශරීරයට ඇතුළු වේ. ඒ සමගම මිනිසාගේ ශරීරයේ තිබෙන ශ්ලේෂ්මල පටල හරහාත් මෙම බැක්ටීරියාවට සිරුරට ඇතුළු වීමේ හැකියාව තිබේ.
ඒ අනුව මිනිසුන්ට මෙම රෝගය ආසාදනය විය හැක්කේ:
1)විශේෂයෙන් සුළි කුණාටු, ගංවතුර හෝ අධික වර්ෂාපතනයෙන් පසු ආසාදිත සතුන්ගේ මූත්‍ර හෝ ශරීර තරල අඩංගු ජලය හෝ පස සමඟ සම්බන්ධ වීම.
2)ආසාදිත සතෙකුගේ ශරීර තරල (මූත්‍ර, රුධිරය, ඛේටය) සෘජුව ස්පර්ශ කිරීම.
3)ආසාදිත සතෙකුගේ මූත්‍රවලින් දූෂිත වූ ආහාර හෝ ජලය භාවිත කිරීම ආදී ක්‍රම මගිනි.
ජලය, පස හෝ සතුන් සමඟ සම්බන්ධ වන ක්‍රියාකාරකම්වල යෙදී සිටී නම්, ඔබට මී උණ ආසාදනය වීමේ අවදානම වැඩි විය හැකිය. ඒවා නම්
පිහිනීම,කිමිදීම, වගුරු බිම්වල හෝ ගංගාවල ඔරු පැදීම වැනි ජල විනෝදාස්වාදය සහිත ක්‍රියාවල නිරත වීම,
කඳු නැගීම හෝ දඩයම් කිරීම,
මඩ ගොවිතැන, ගෙවතු වගාව, මිදුලේ වැඩ, එළිමහන් පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම,
පශු වෛද්‍ය සායනයක වැඩ කිරීම, කිරි ගොවිතැන හෝ මස් කැපීම වැනි රැකියාවල නිරත වීම
ආදිය මඟින් රෝගය වැළඳීමේ අවදානම ඉහළ යයි. ශ්‍රී ලංකාව තුළ මී උණ රෝගය බහුලව පැතිර යන්නේ කුඹුරු ගොවිතැන ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත වන අය අතරය.
වගා කටයුතුවල නිරත වන අය වැඩි වශයෙන් මධ්‍යසාර භාවිතයට නැඹුරු වී තිබීමත්, රෝගය වළක්වා ගැනීමේ ක්‍රමෝපායන් අනුගමනය නොකිරීමත් හා ඉක්මනින් ප්‍රතිකාර කරා යොමු නොවීමත් යන කරුණු මෙම රෝගයේ සංකූලතා වැඩි වශයෙන් ඇති වීමට හේතු වන බව පෙනේ.
රෝග ලකෂණ හා සංඥා
*උණ
*හිසරදය
*සීතල හා වෙව්ලීම
*ශරීරයේ හෝ මාංශ පේශි වේදනාව
*වමනය හෝ ඔක්කාරය
*කහ පැහැති සම සහ ඇස්(සෙංගමාලය) *ඇස් රතු වීම
*උදර වේදනාව
*පාචනය
*සම රතු වීම හා කැසීම
මෙම රෝග ලක්ෂණ බොහොමයක් වෙනත් රෝග සමඟ වරදවා වටහා ගත හැකිය. සමහර අයට ප්‍රබල රෝග ලක්ෂණ නොවේ.
ලෙප්ටොස්පයිරෝසිස් ඇති කරන බැක්ටීරියාව සමඟ සම්බන්ධ වීමෙන් පසු අසනීප වීමට සාමාන්‍යයෙන් දින 2-30 ක් අතර කාලයක් ගතවේ. රෝගය අදියර දෙකකින් සිදුවිය හැක:
පළමු අදියරේදී උණ, සීතල දැනීම, හිසරදය, මාංශ පේශි කැක්කුම, වමනය හෝ පාචනය ඇති විය හැක. රෝගීයාට ටික දිනකින් සුව පහසු වඩා හොඳ හැඟීමක් ඇති වන නමුත් නැවත දින කිහිපයකින් රෝග ලක්ෂණ උත්සන්නවේ.
සමහරුන්ගේ වකුගඩු හෝ අක්මාව අකර්මණ්‍ය වීම හෝ මොළය හා සුෂුම්නාව වටා ඇති පටලයේ ප්‍රදාහය (මෙනින්ජයිටීස්) සමඟ වඩාත් දරුණු දෙවන අදියරකට ගොදුරු විය හැක.
බොහෝ රොගීන් නිසි ප්‍රතිකාර මගින් පහසුවෙන් සුවවන අතර සමහර රෝගීන් බරපතල රෝගී තත්ත්වයකට පත්වේ.
ඒ අනුව ඇතිවන සංකූලතා (complications) නම්,
1)පෙනහලුවල හදීසි අභයන්තර ලේ ගැලීම් ඇතිවීම (lung hemorrhages)
2)හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයට පත්වීම (Acute kidney injury)
3)අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩාල වීම (Liver failure)
4)මරණය
5)Weil’s disease තත්ත්වය
6)දීර්ඝකාලීන වගුකඩු අක්‍රීයතාවය (Chronic Kidney Failure)
රෝගය දින කිහිපයක් සිට සති කිහිපයක් දක්වා පැවතිය හැකිය. නිසි ප්‍රතිකාර නොලදහොත් සුවය ලැබීමට මාස කිහිපයක් ගත වන අතර දරුණු සංකූලතා ඇති වන අතර මරණය පවා ඇති විය හැකිය.
ඔබට ලෙප්ටොස්පයිරෝසිස් ඇති විය හැකි යැයි ඔබ සිතන්නේ නම්, වහාම වෙෙද්‍යවරයෙකු හමුවන්න, එවිට පරීක්ෂණ පවත්වා එයට ප්‍රතිකාර කිරීම සඳහා ඵලදායී ඖෂධ ආරම්භ කළ හැකිය.
රෝගය වළක්වා ගැනීමට කළ හැකි දේ
කුඹුරු වගා බිම් අවට ඇති පරිසරය පිරිසිදුව තබාගන්න.
හැකි සෑමවිටකම, වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරණ පළඳින්න. මෙහිදී, ආරක්ෂිත ඇඳුම් ඇඳීම, දණහිස දක්වා ආවරණය වන බූට් වර්ගයේ පාවහන් පැළඳීම, අත්වැසුම් භාවිතය සිදු කරන්න.
කුඹුරේ නියර මනා ලෙස වල් ඉවත් කර සකස් කරන්න.
ජලය රැඳුණු ස්ථාන වල ජලය බැසයාමට සලස්වන්න.
කුඹුරු වලට සහ ජලය රැඳුණු ස්ථාන වලට අනවශ්‍ය ලෙස බැසීමෙන්, නෑමෙන්, අත් පා, මුහුණ කට සේදීමෙන් වළකින්න.
විශේෂයෙන්ම, සමේ තුවාළ හෝ සීරීම් ඇත්නම්, කුඹුරට හෝ ජලය රැඳුණු ස්ථාන වලට බැසිමෙන් වළකින්න. වතුරට හෝ මඩට බැසීමෙන් වැළකීමට කිසිඳු හැකියාවක් නැත්නම්, අවම වශයෙන් ජලය නොයන සේ තුවාළ හොඳින් ආවරණය කරගැනීමට හෝ කටයුතු කරන්න.
සැමවිටම උතුරවා නිවාගත් ජලය පානය කරන්න. ක්ලෝරිනීකරණය මගින් ජලයේ සිටින බැක්ටීරියාව විනාශ නොවන බව සලකන්න.
විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයක් ඇතිවිටදී, හැකි සෑමවිටම ජලයට බැසීමෙන් වළකින්න.
නෑමට හා බීමට ජලය ලබාගන්නා අනාරක්ෂිත ළිං මීයන්ගේ සහ අනෙකුත් සතුන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වීමට ඉඩ ඇති බැවින්, ආරක්ෂිත ළිං බැම්මක් සාදා ළිඳ ආරක්ෂා කරගන්න.
ඔබට සත්ත්ව ගොවිපළක් ඇත්නම්, එහි සිටින සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ මුත්‍රා වළකට දැමීමට කටයුතු කරන්න. ඒවා පරිසරයේ ඇති දිය පහරවල් හෝ දිය කඩිති වලට එකතු වීමට ඉඩ නොතබන්න.
නිවස මීයන්ගෙන් තොරව පිරිසිදුව පවත්වා ගන්න. පරිසරයට අක්‍රමවත් ලෙස කැලි කසල බැහැරකිරීමෙන් වළකින්න.
ගෙවත්ත, ක්‍රීඩා පිටි ආදී ළමුන් ක්‍රීඩාකරන ස්ථාන ආසන්නයේ සතුන් ගැවසීමෙන් වළක්වා ගන්න.
මීයන් මර්ධනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කලහැක.
මී උගුල් තැබීම.
මී නාශක තැබීම.
මී ගුල් විනාශ කිරීම.
පරිසරයේ සිටින මීයන් ආහාරයට ගන්නා කබරගොයා, තලගොයා, සර්පයින්, බකමූණන් වැනි සතුන් ආරක්ෂා කිරීම.
කුඹුරේ තැනින් තැන පොල්පිති, ඉණි වැනි දේවල් සිටුවා, මීයන් ආහාරයට ගන්නා පක්ෂීන් ගැවසීම වැඩිකරගත හැක.
කුඹුරු, වගුරු බිම්, පතල් ආශ්‍රිතව වැඩ කටයුතු වල නිරත වන්නේ නම් වැඩ ආරම්භ කිරීමට සතියකට පෙරාතුව සිට Doxycycline 200 mg නම් ප්‍රතිජීවක ඖෂධය එම කටයුතු අවසන් වන තුරු සතියකට වරක් භාවිතා කිරීම මඟින් මෙම රෝගය වළක්වා ගත හැකිය. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් මෙම ඹෟෂධය නොමිලයේ ලබා ගත හැක.
සැ. යු.
මී උණ රෝගය සෞඛ්‍ය අංශවලට පමණක් තනිව පාලනය කළ හැකි රෝගයක් නොවේ. ඒ සඳහා බහු පාර්ශ්වික ප්‍රවේශය හා මැදිහත් වීම ඉතා වැදගත් වේ.
එනම්,
1)කුඹුරු හා වගාබිම් පුරන් නොවීමට වග බලා ගැනීම
2)වගා බිම් ආශ්‍රිත ඇලවේලි ඉදිකිරීම හා නඩත්තු කිරීම මඟින් මනා ලෙස ජලය බැස යාමට සැලැස්වීම
3)මනා කසල කළමනාකරණය හා ඒ සඳහා නගර සභා/ප්‍රාදේශීය සභාවල ඝෘජු මැදිහත් වීම
4)මීයන් ගහණය පාලනය කිරීමට ඒ සම්බන්ධ ආයතන /ප්‍රවීණයන්ගේ මැදිහත් වීම ලබා ගැනීම
4)ජනමාධ්‍ය මඟින් රෝගය, එහි බලපෑම හා වළක්වා ගැනීම පිළිබඳව වඩා පුළුල් ප්‍රචාරයක් ලබා දීම හා දැනුවත් කිරීම් සිදු කිරීම
5)නාගරික ප්‍රදේශවල ගංවතුර අවදානම අඩු කිරීමට පහත් බිම් ගොඩ කිරීමෙන් වැළකීම, අවිධිමත් ඉදිකිරීම් නතර කිරීම හා වාරිමාර්ග හා සුළු වාරිමාර්ග මනා ලෙස නඩත්තු කිරීම.
-වෙෙද්‍ය චින්තන විරාජ් ලියනගේ
අධිකරණ වෛද්‍ය නිලධාරී
දිස්ත්‍රික් මහ රෝහල
ගම්පහ