බලය අත්පත් කර ගැනීමේ අරමුණින් පැරණි පන්නේ දේශපාලනය වෙනුවට යුක්තිය අත්පත් කර ගැනීම අරමුණ කරගත් දේශපාලනයක් මේ වන විට වර්ධනය වී තිබේ.
ආත්මාර්ථකාමය, ස්වාමීත්වකාමය වෙනුවට සහයෝගීතාවය සඳහා වූ දේශපාලනයක් යැයි කීම වඩාත් නිවැරදිය.
එය නම් ජනතා විමුක්ති පෙරමුණේ මාලිමා මන්ත්‍රී ප්‍රවේශයයි.
තිරසාර ක්‍රියාකාරීත්වයක් සඳහා අපට ඔවුන්ට ලබාදිය හැකි කාර්යභාරය කුමක්ද?
සහරක්ෂණීය එළඹුමක් සඳහා ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය ඔවුන් හදාරිය යුතු නොවේද?
සුසමාදර්ශනීය වෙනසක් ඇතිවීමට නම් දැනුවත් සංවිචාරණීය ප්‍රඥාව වර්ධනය කළ හැක්කේ පවතින හා පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පිළිබඳ මනා අවබෝධයකින් පසුව නොවේද?
නැතිනම් ඔවුන්ගේ කාර්යභාරය ඉදිරිකාලෙදී නාස්තිකාර විය නොහැකිද?
පුනර්ජනනීය පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය දැනෙන පෙනෙන දකින අවස්ථාවක් අප පසු කරමින් මේ සිටින්නේ.
එසේ නම්, ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය 1815 සිට මේ දක්වා කියවමු.
ලංකා ඉතිහාසයට අනුව පෘතුගීසීන් ලංකාවට පැමිණියේ කවදාද?
පිළිතුර: 1505 දී.
ඒ ආරම්භය විසිවන සියවස් දක්වා විදේශ ආක්‍රමණික රටක් බවට ශ්‍රී ලංකාව පත් වූ බව අප දන්නෙමු.
1658 දක්වා මූදුබඩ ප්‍රදේශය තුළ පැවතිය.
ඉන්පසු ලන්දේසීන් යටත් කරගත්හ.
1796 ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට යටත් විය.
මහ බිතාන්‍යයේ (දැන් එංගලන්තය ලෙස හැඳින්වෙන) වෙළඳ සමාගමට ශ්‍රී ලංකාව ගොදුරු විය.
මදුරාසියේ නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම යයි කීම වඩාත් නිවැරදියි.
ඉංග්‍රීසින් යුද්ධය සඳහා වියදම් කර තිබූ මුදල් ආපසු ලබා ගැනීම සඳහා නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම ලහි-ලහියේ බදු එකතු කිරීමේ නිරත විය.
මෙය ලංකාවේ සමාජයට බලවත් ගැටලුවක් බවට පත්විය.
කර්නල් ජේමිස් ස්ටුවර්ට් පත් කර එවා තිබුණේ මෙසඳහාමයි.
ඒ සඳහා මදුරාසියේ අධ්‍යක්ෂක මණ්ඩලය සිවිල් හා යුද්ධ කටයුතු පිළිබඳ විශේෂ බලතල ඔහුට පැවරුවේ 1796දීය.
එදා යුරෝපා දේශපාලන බලයට එරෙහි වීමට අප සමාජය සමත්වූවාද?
අද නම් බලය පිළිබඳ කටයුත්තේදී වචනයේ වාචාර්ථයෙන්ම පැහැදිලි අවබෝධයක් බහුතරයකට තිබේ.
එදා මෙදා ආර්ථික චින්තනය බොහෝ දුරට ධනවාදය බිහිවීමට සමාන්තරව විකාශනය වී තිබේ.
මොකක්ද මේ ධනවාදය?
සූරා කෑම නොවේද?
නිදහසින් පසුව දිගටම වාමාංශික ව්‍යාපාරය තමන්ට දේශපාලන හුවමාරුවක් සඳහා යොදාගත් එකම වචනය මේ ධනවාදී සූරා කෑම නොවේද?
ඇති එකා, ධනවතා බලවතා වැඩිවැඩි ලාභයක් උපයා ගැනීමේ පරමාර්ථය කරගත් සමාජ-ආර්ථික දේශපාලනයක් එදා මෙදා තුළ රට තුළ නිදන්-නිදන්ගතව පවතින්නේය.
එදා මෙදා පමණක් නොව, වර්තමානයේ ත්‍රීවිල් රියදුරා දක්වා මේ ක්‍රියාකාරීත්වය දිගු වෙමින් තිබේ.
ස්වයං පරිභෝජනය, භාණ්ඩ හුවමාරුව, භාණ්ඩ නිපදවීම, භෝග වෙළඳාම, වැඩවසම් සේවා සැපයීම දක්වා මෙය විධිමත් සංවිධානාත්මකව සමාජගතව පවතිනවා.
රාජාණ්ඩුක්‍රමය යටතේත් මේ සූරා කෑම වෙනත් අයුරකින් සිදු විය.
එය සිදු වුනේ රාජකාරී ක්‍රමය යටතේය.
විචාරය ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු