දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කිරීමට අදාළව පහත කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරමි.
• එදින පාර්ලිමේන්තු මාධ්‍ය ආවරණයේ යෙදෙන පාර්ලිමේන්තු අවසරපත් සහිත ජනමාධ්‍යවේදීන්ට සුපුරුදු පරිදි පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණිය හැකිය.
• අනෙකුත් ජනමාධ්‍යවේදීන්ට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමට කටයුතු සළසා තිබේ.
• පාර්ලිමේන්තු අවසරපත් සහිත ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය නම් කැමරා උපකරණ රැගෙන පැමිණිය හැකිය.
• පාර්ලිමේන්තු අවසරපත් සහිත ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය මධ්‍යස්ථානයේ රැඳීමට, මාධ්‍ය ගැලරිය තුළ රැඳීමට , මන්ත්‍රීවරයන්ගේ භෝජනාගාරයේ මාධ්‍යවේදීන් සඳහා වෙන් කොට ඇති ස්ථානයේ රැඳීමට සහ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අනතුරුව බිම් මහලේ පුස්තකාලය ඉදිරිපස සුපුරුදු ස්ථානයේදී බාධා නොවන අයුරින් මන්ත්‍රීවරයන්ගේ අදහස් පටිගත කිරීමට අවසර ලබාදී තිබේ.
• පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් සඳහා තේ පැන් සංග්‍රහය සුපුරුදු පරිදි ජනමාධ්‍යවේදීන් සඳහා වන භෝජනාගාරයේ සූදානම් කොට තිබේ.
• ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෘදු පිටපත් භාෂා ත්‍රිත්වයෙන්ම මාධ්‍ය වෙත ලබාදීම පාර්ලිමේන්තු මාධ්‍ය අංශය මගින් සිදු කරනු ලබයි.
• එයට අමතරව ගරු ජනාධිපතිතුමා ඇතුළු අමුත්තන්ගේ පැමිණීම සහ සභාගර්භයේ ඇතුළත කටයුතු ආවරණය කෙරෙන ඡායාරූප සහ ශ්‍රව්‍ය දෘශ්‍ය දර්ශන මාධ්‍ය වෙත නිකුත් කිරීම පාර්ලිමේන්තු මාධ්‍ය අංශය විසින් සිදු කරනු ලබයි.
මේ පිළිබඳ වැඩිදුර තොතුරු පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වෙතින් ලබා ගත හැකිය.
නිම්මී හාතියල්දෙනිය
කළමණාකරු (මාධ්‍ය)
පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදී හිතවතුන් වෙත, දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කිරීමට අදාළව පහත කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරමි. • එදින පාර්ලිමේන්තු මාධ්‍ය ආවරණයේ යෙදෙන පාර්ලිමේන්තු අවසරපත් සහිත ජනමාධ්‍යවේදීන්ට සුපුරුදු පරිදි පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණිය හැකිය. • අනෙකුත් ජනමාධ්‍යවේදීන්ට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමට කටයුතු සළසා තිබේ. • පාර්ලිමේන්තු අවසරපත් සහිත ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය නම් කැමරා උපකරණ රැගෙන පැමිණිය හැකිය. • පාර්ලිමේන්තු අවසරපත් සහිත ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය මධ්‍යස්ථානයේ රැඳීමට, මාධ්‍ය ගැලරිය තුළ රැඳීමට , මන්ත්‍රීවරයන්ගේ භෝජනාගාරයේ මාධ්‍යවේදීන් සඳහා වෙන් කොට ඇති ස්ථානයේ රැඳීමට සහ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අනතුරුව බිම් මහලේ පුස්තකාලය ඉදිරිපස සුපුරුදු ස්ථානයේදී බාධා නොවන අයුරින් මන්ත්‍රීවරයන්ගේ අදහස් පටිගත කිරීමට අවසර ලබාදී තිබේ. • පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් සඳහා තේ පැන් සංග්‍රහය සුපුරුදු පරිදි ජනමාධ්‍යවේදීන් සඳහා වන භෝජනාගාරයේ සූදානම් කොට තිබේ. • ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෘදු පිටපත් භාෂා ත්‍රිත්වයෙන්ම මාධ්‍ය වෙත ලබාදීම පාර්ලිමේන්තු මාධ්‍ය අංශය මගින් සිදු කරනු ලබයි. • එයට අමතරව ගරු ජනාධිපතිතුමා ඇතුළු අමුත්තන්ගේ පැමිණීම සහ සභාගර්භයේ ඇතුළත කටයුතු ආවරණය කෙරෙන ඡායාරූප සහ ශ්‍රව්‍ය දෘශ්‍ය දර්ශන මාධ්‍ය වෙත නිකුත් කිරීම පාර්ලිමේන්තු මාධ්‍ය අංශය විසින් සිදු කරනු ලබයි. මේ පිළිබඳ වැඩිදුර තොතුරු පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වෙතින් ලබා ගත හැකිය. නිම්මී හාතියල්දෙනිය කළමණාකරු (මාධ්‍ය)