ක්ෂණික නුඩ්ල්ස් යනු , පිටි යොදාගෙන නිෂ්පාදනය කරන අපි කවුරුත් කන්න ආසම සහ කැමතිම ලේසියෙන් සකස් කරන්න පුළුවන් ආහාරයක්.
විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රියතම ආහාරය බවට ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වෙලා හමාරයි. ලංකාවේ ගෘහනියන් තමන්ගේ දරුවාගේ පෝෂණ තත්වය සහ සෞඛ්‍ය තත්වය ගැන තියෙන අල්ප දැනුම නිසා කුඩා දරුවන්ට ක්ෂනික නුඩ්ල්ස් / කප් නුඩ්ල්ස් වලට හුරුකර ඇත.මේ නිසා දරුවන් සහා වැඩියෙන් ක්ෂනික නුඩ්ල්ස් /කප් නුඩ්ල්ස් වලට ඇබ්බැහි වෙලා හමාරයි.මීට හේතුව ගෘහනියන් කාර්යබහුල විම නිසා සකස් කිරිමට ලේසි නිසා සහ කෘතිම රසකාරක , වර්ණකාරක සහ කල්තබාගැනිමට යොදන ද්‍රව්‍ය නිසා මේ ආහාරයේ තියෙන කෘතිම රසයට ඇබ්බැහිවීමය.
පාසැල් දරුවන්ගේ කෑම පෙට්ටිය බලන්න. කාර්යබහුල ගෘහනියන් දරුවන්ගේ කෑම පෙට්ටියට උදැසන ආහාරයට ක්ෂණික නුඩ්ල්ස් සකස් කරලා පාසැල් යවනවා. ඔබේ දරුවන්ට ඔබ තුල තියෙන ආදරය ලෙඩ රෝග වලට ගොදුරු කරන එකද ?….
නුඩ්ල්ස් ඇත්තටම නරක ආහාරයක්ද ?.
නැත. සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සකස් කර ගන්නවා නම් කුඩා ආහාර ප්‍රමාණයක වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු ඉක්මනින්ම සකස් කරගන්න පුළුවන් ආහාරයක්.
ක්ෂණික නුඩ්ල්ස් ඔබේත් , මගේත් ජිවිතයට ලංවීමෙන් අපට නරක ප්‍රතිඵල ලෙස රෝග ගනණාවක් ගෙන දීම පමණක් ඉතිරිව ඇත.
මේ වෙනකොට , දියුණු රට වල සිදුකල පර්යේෂණය වලින් අපි මේතරම් සමීප කරගත්ත ක්ෂණික නූඩ්ල්ස් අපිට කොච්චර කරදර ගේනවද කියල ඔප්පු කරල තියනවා.
පෝෂණවේදීන් ක්ෂණික නූඩ්ල්ස් හදුන්වන්නේ නුසුදුසු ආහාර ( Bad food ) විදිහට. ඒකට හේතුව ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික සීනී , පිටි , තෙල් සහ විවිධ ආකලන වර්ග ( additives ).
අපි ගන්න ක්ෂණික නූඩ්ල්ස් වලට අම්ල නියාමක ( acid regulators) , රස උත්පේරක ( flavor enhances) , ආහාර කල්තබාගැනිමේ ද්‍රව්‍ය ( preservatives) , ප්‍රති කැටිකාරක (anticaking agents) වැනි කෘතිම ආකලන එකතුකරනවා. මෙම ආකලන බොහෝමයක සෝඩියම් අඩංගුවෙනවා. ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට ගතහැකි උපරිම සෝඩියම් ප්‍රමාණය 2000 mg ( එක තේ හැන්දක්) වුනාට සමහර ක්ෂණික නූඩ්ල්ස් එක පැකට් එකක සෝඩියම් 2000 mg ට වඩා තියෙනවා. කප් නූඩ්ල්ස් වල තියන සුප් ගතිය නිසා එහි තියෙන සෝඩියම් ප්‍රමාණය නූඩ්ල්ස් පැකට් වල තියන ප්‍රමාණයට වඩා වැඩියි. මේ විදිහට අධික ලෙස සෝඩියම් පරිභෝජනය කලාම…
අධිරුධිර පීඩනය , ආඝාතය , වකුගඩු නරක් වීම සහ පිලිකා වගේ දරුණු රෝගවලට තියන අවදානම වැඩිවෙනවා.
විශේෂයෙන්ම , වකුගඩු වර්ධනය වෙමින් පවතින අවධියේ සිටින කුඩා දරුවන්ට වකුගඩු රෝග වැළදෙන්න ලොකුම හේතුවක් තමා මේ ක්ෂණික නූඩ්ල්ස්.
ක්ෂණික නූඩ්ල්ස් වල රැලි එකිනෙක ඇලෙන එක වැලක්වීමට ගම් වර්ගයක් භාවිතාකරනවා. ඒ ගම් තමා ක්ෂණික නූඩ්ල්ස් වලට උණු වතුර දැම්මාම තෙල් තට්ටුවක් පාවෙනවා වගේ අපිට පේන්නේ .ඒ ගම් වර්ග ක්ෂණික නූඩ්ල්ස් හදනකොට උණු වතුර දැම්මාම උණු වතුරේ දියවෙලා අපේ ශරීරයට උරාගැනීමට ලේසි තත්වයකට පත්වෙනවා.මෙම ගම් වර්ග අපේ ශරීරයට උරාගෙන අක්මාව සහ වකුගඩු වල තැන්පත්වෙලා එම අවයව වලට හානි කිරීම සිදුකරනවා.
ක්ෂණික නූඩ්ල්ස්වල රස වැඩි කරන්න මෙනොසෝඩියම් ග්ලූටාමේට් ( monosodium glutamate,Disodium5′-guanylate සහා Disodium 5′- inosinate) යොදා ඇත . MSG/MSI වලින් කුකුලු මස් රස නූඩ්ල්ස් වල රසයට වඩා කුකුලු මස් රස කරනවා. ස්භාවික ඉස්සෝ රස ක්ෂණික නූඩ්ල්ස්වල රස වඩා ඉස්සෝ රස කරනවා. ආහාර වලින් දීර්ඝකාලීනව MSG/MSI ශරීරයට ලැබුනාම විවිධ ආසාද්මිකතා වලට , පපුව දැවිල්ලට , හිසරදය සෑදීමට , මතක ශක්තිය අඩුවෙන්න වගේම ක්ෂණික නූඩ්ල්ස් කෑවට පස්සේ අධික පිපාසයටත් හේතු වෙනවා.
ලංකාවේ දැනට තියෙන නීතියට අනුව අවුරුදු 3ට අඩු ලමයි වෙනුවෙන් සකස් කරල තියෙන ආහාර වලට MSG/MSI එකතු කිරීම තහනම්. ඒතරම් MSG/MSI දරුවන්ට අහිතකර වුනාට ලංකාවේ ගොඩක් අම්මලා තමන්ගේ දරුවට අවුරුද්දක් සම්පූර්ණ වුනගමන් ක්ෂණික නූඩ්ල්ස් කවනවා. ඒවගේම ලංකාවේ නීතිය අනුව වියලි නූඩ්ල්ස්වලට MSG/MSI දානඑක තහනම්. ඒ නිසා තමයි නූඩ්ල්ස් පැකට් ඇතුලේ වෙනමම තියෙන රසකාරක පැකට් එකේ MSG/MSI අඩංගුවෙන්නේ.
කප් නූඩ්ල්ස් සෑදීමේදී උණු ජලය ප්ලාස්ටික් භාජනයට දැමූ පසු ඒ තුනී ප්ලාස්ටික් භාජනයේ අඩංගු පිලිකා කාරක සංඝටක උණු ජලයේ දියවෙලා නූඩ්ල්ස්වලට මිශ්‍ර වන බව නිරීක්ෂණය කරල තියෙනවා. එම පිළිකා කාරක නිසා විශේෂයෙන්ම ආහාර ජීරණ පද්ධතිය අශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානම වැඩිවෙනවා. ආසියාවේ රටවල්වල ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය ඉතාමත් ඉහලයි. ඒක නිසා ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑමත් අපේ රටවල්වලට විශාල ලෙස බලපානවා. ඒවගේම ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑම් වැඩිපුරම එල්ලවෙන්නේ කාන්තාවන්ට කියලත් විද්‍යාඥයින් සොයාගෙන තියනවා. ඔවුන් කියන විදිහට සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානණක් ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘද රෝග සහ පිළිකා සදහා අවධානම් සාධකයක්.
ක්ෂණික නූඩ්ල්ස්වල තියෙන තෙල් දීර්ඝ කාලයක් නරක් නොවි තියාගන්න එම තෙල් හයිඞ්රජනීකරනය කියන ක්‍රියාවලියට ලක්කරනවා. එම ක්‍රියාවලියේදී හැදෙන ට්‍රාන්ස් මේදය ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්න හේතුවෙනවා. මෙම තෙල් නිසා ක්ෂණික නූඩ්ල්ස්වල ශක්ති ප්‍රමාණය අධික වී දීර්ඝකාලීන ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය තරබාරු වීමටද හේතු වෙනවා.
ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික ආහාර ආකලන ප්‍රමාණය කුඩා දරුවන්ගේ ශරීරවල තැන්පත්වීම නිසා , ක්ෂණික නූඩ්ල්ස් නිතර ආහාරයට ගන්න අවුරුදු 5 ට අඩු කුඩා ළමයින්ගේ විටමින් සහ ඛනිජ ලවන උරාගැනීමේ හැකියාව අඩුවෙනවා කියලා තහවුරු වෙලා තියනවා. එය දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩාල වෙන්න වගේම ඇස් පෙනීම දුර්වල වීමටද හේතු වෙනවා.
දැන් ඔබට තේරෙනවා ඇති අපි කොච්චර ආසාවෙන් ක්ෂණික නූඩ්ල්ස් කෑවත් ඒවා හරිම ලේසියෙන් පිළියෙල කරන්න පුලුවන් වුනත් ඒවගේ තියන භයානක ප්‍රතිඵල අති විශාලයි කියලා. ලංකාව වගේ දියුණුවෙමින් පවතින රටවල් වල ආහාර රටාව වේගයෙන් බටහිරකණය වෙනවා. ඒනිසා දවසින් දවස ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය වැඩිවෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම සහ සෞඛ්‍ය මට්ටම පිරිහීම. එහෙම වුනාම ඉස්සරහට අපේ රටේ පිලිකා රෝගීන්, දියවැඩියා රෝගීන් , හෘද රෝගීන් සහ තරබාරැ පුද්ගලයන්ගෙ ගණන තව තවත් වැඩිවෙනවා. මේ භයානක තත්වය තේරුම් අරගෙන අපි උත්සාහ කරන්න ඕනේ මේ ක්ෂණික නූඩ්ල්ස් කියන භායානක හතුරගෙන් ගැලවෙන්න.
ඒසදහා පෝෂණවේදීන් ක්‍රම 2ක් යෝජනා කරල තියනවා.
පළෙවෙනි එක තමයි ක්ෂණික නූඩ්ල්ස් වෙනුවට තමන්ගේ ගෙදරදි රස කාරක අඩංගු නැති සාමන්‍ය නූඩ්ල්ස් පිළියෙල කරන එක. එතකොට අපිට පුලුවන් තෙල් අඩුවෙන් , රස කාරක නැතිව , එළවලු වැඩිපුර එකතුකරලා , කුඩා දරුවන්ට නම් බිත්තර , මස් හෝ මාළු එකතුකරල පෝෂණ ගුණය වැඩිකරලා පිලියෙල කරන්න.
ඊලග යොජනාව තමයි ක්ෂණික නූඩ්ල්ස් කනකොට ප්‍රමාණය පාලනය කිරීම. ඔබ වෙනදට ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් තනියම කනවනම් අද ඉදන් කාත් එක්කහරි බෙදාගෙන කන්න පුරුදුවෙන්න.
ක්ෂනික ආහාර අරගෙන ජිවිතේ කෙටි කර ගන්නවාද නැත්නම් මහන්සි වෙලා පිරිසිදුව සකස් කර ගන්න ආහාර අරගෙන ජිවිතේ නිරෝගීමත් ලෙස ජිවත් වෙනවාද කියලා ඔබ හිතන්න. ඔබේ දරුවාට ඔබ ආදරෙයි නම් ඔබ අදින් පස්සේවත් ක්ෂනික නුඩ්ල්ස් සහ කප් නුඩ්ල්ස් දෙන්න එපා.
ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක
මහජන සෞඛ්‍ය පරීක්ෂක