මහාචාර්ය නිර්මාල් රංජිත් දෙව්සිරි මම පෞද්ගලිකව හඳුනනවා.
ඔවුන් උගතුන් බුද්ධිමතුන් ලෙස පෙනී සිටියත් ඔහු විශ්වාස කරන දහමට අනුව අප ජීවත් වන පෘතුවි තලය පමණක් නොව මුළු විශ්වයම මවල තියෙන්නේ සර්වබලධාරී දෙවි කෙනෙක්.
වෙන එකක් තබා මිනිසාව මවල තියෙන්නෙත් දෙවියන්.
මේ මිත්‍යාව විශ්වාස කරන අයට ඉන් මිදෙන්න හැකියාවක් නොලැබෙන්නේ, තමාගේ අත් පාවලට තමා විසින්ම දම්වැල් සහිත මාංචු දමා ගෙන සිටින නිසයි.
මොන දේ කළත් අන්තිමට පල්ලියට අයත් දේවස්ථාන සුසාන භූමියේ වල දමන්නට අවස්ථාවක් ලබා ගැනීම ජීවිතයේ පරම සුවය ලෙස නිර්මාල් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුත් රජවරුත් සලකන ලෝකයක ජීවත් වෙමිනුයි මෙවන් ප්‍රපංචයන් ගැන අපට සිතන්න හා කතා කරන්නට සිදුවන්නේ.
ජීවත්ව සිටින කාලය තුළදී අපව පෙළන පුද්ගල හා සමාජ අනාරක්ෂිත බව, අප කනත්තේ මිනී වල දක්වා ගෙන යනවා.
කනත්තේදී මියගිය තැනැත්තාට ලැබෙන RIP ලේබලය නොතිබෙන්න, දෙවියන් ළඟ සදාකාලික ජීවනය
හුදු සිහිනයක් පමණයි.
මා හට වධ දෙන ලොකුම ප්‍රශ්නය RIP(සමාදානයේ සැතපෙත්වා!) ලේබලය නොව කුසගින්න පරාජය කළ,,නිදහස් සාමකාමී වාතාවරණයක් තුළ ලබාගත හැකි ජීවනයක් දෙවියන් වහන්සේ මිනිස්සුන්ට නොදෙන්නේ ඇයිද යන්නයි.
මියගිය පසු මිනිසුන්ව දිව්‍ය ලෝකෙට හෝ අපායට යැවීම බලයට පත්වෙන ආණ්ඩුවක රාජකාරිය නොවෙයි.
මිනිසා පෙළන පුද්ගල වේවා සමාජ වේවා අනාරක්ෂිතභාවයෙන් මුදවාලීම සෑම දහමක, ආගමක හෝ සමාජස්ථාවක පරම යුතුකමයි.
විප්ලවය සන්නද්ධ අරගලයකට බැර නොකර ආකල්පමය වෙනසක් සඳහා චින්තනයමය ව්‍යායාමයක යෙදීම පුද්ගල විමුක්තියට පමණක් නොව
ලෝක සාමයටද මුල් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
-තෙවැනි ඇස-
18.11.2024
එරන්ද ගිනි ගේ මහත්මයාගේ මෙම ලිපිය මම හිතන්නේ කාගේත් අවධානයට යොමු විය යුතුයි කියා. මහාචාර්ය නිර්මාල් රංජිත් දෙව්සිරි මම පෞද්ගලිකව හඳුනනවා. ඔවුන් උගතුන් බුද්ධිමතුන් ලෙස පෙනී සිටියත් ඔහු විශ්වාස කරන දහමට අනුව අප ජීවත් වන පෘතුවි තලය පමණක් නොව මුළු විශ්වයම මවල තියෙන්නේ සර්වබලධාරී දෙවි කෙනෙක්. වෙන එකක් තබා මිනිසාව මවල තියෙන්නෙත් දෙවියන්. මේ මිත්‍යාව විශ්වාස කරන අයට ඉන් මිදෙන්න හැකියාවක් නොලැබෙන්නේ, තමාගේ අත් පාවලට තමා විසින්ම දම්වැල් සහිත මාංචු දමා ගෙන සිටින නිසයි. මොන දේ කළත් අන්තිමට පල්ලියට අයත් දේවස්ථාන සුසාන භූමියේ වල දමන්නට අවස්ථාවක් ලබා ගැනීම ජීවිතයේ පරම සුවය ලෙස නිර්මාල් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුත් රජවරුත් සලකන ලෝකයක ජීවත් වෙමිනුයි මෙවන් ප්‍රපංචයන් ගැන අපට සිතන්න හා කතා කරන්නට සිදුවන්නේ. ජීවත්ව සිටින කාලය තුළදී අපව පෙළන පුද්ගල හා සමාජ අනාරක්ෂිත බව, අප කනත්තේ මිනී වල දක්වා ගෙන යනවා. කනත්තේදී මියගිය තැනැත්තාට ලැබෙන RIP ලේබලය නොතිබෙන්න, දෙවියන් ළඟ සදාකාලික ජීවනය හුදු සිහිනයක් පමණයි. මා හට වධ දෙන ලොකුම ප්‍රශ්නය RIP(සමාදානයේ සැතපෙත්වා!) ලේබලය නොව කුසගින්න පරාජය කළ,,නිදහස් සාමකාමී වාතාවරණයක් තුළ ලබාගත හැකි ජීවනයක් දෙවියන් වහන්සේ මිනිස්සුන්ට නොදෙන්නේ ඇයිද යන්නයි. මියගිය පසු මිනිසුන්ව දිව්‍ය ලෝකෙට හෝ අපායට යැවීම බලයට පත්වෙන ආණ්ඩුවක රාජකාරිය නොවෙයි. මිනිසා පෙළන පුද්ගල වේවා සමාජ වේවා අනාරක්ෂිතභාවයෙන් මුදවාලීම සෑම දහමක, ආගමක හෝ සමාජස්ථාවක පරම යුතුකමයි. විප්ලවය සන්නද්ධ අරගලයකට බැර නොකර ආකල්පමය වෙනසක් සඳහා චින්තනයමය ව්‍යායාමයක යෙදීම පුද්ගල විමුක්තියට පමණක් නොව ලෝක සාමයටද මුල් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. -තෙවැනි ඇස- 18.11.2024