නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර මහතාගේ දේශපාලනයේ දඟ වෙද්දු සහ දඟ පන්දු කෘතිය එළි දැක්වීම (12) දින සිදුවිය.
පොල්තෙල් පහන් සිල දැල්වීමෙන් අනතුරුව පැමිණි සියලු දෙනා ගෞරවාන්විතව පිළිගත් අතර මෙම කෘතිය දොරට වඩින මොහොතේ පැමිණි පිරිසෙයින් ආරාධිත පිරිසට පිළිගැන්වූ අතර ආරාධිතයෙන් ලෙස මංජුල තිලකරත්න, රේණුක පෙරේරා, රෝහණ හෙට්ටිආරච්චි සහ තවත් ආරාධිතයින් බොහෝ පිරිසක් සහභාගි විය.
ආරම්භක දේශනය රෝහණ හෙට්ටිආරච්චි මැතිතුමා විසින් කළ අතර ඔහු කියා සිටියේ මෙම කෘතිය කියවීමට තමන්ට ආශාවක් ඇතිවූ බවත් දඟ වෙද්දු ගැන කියා සිටිමින් අරගලය හේතුවෙන් පාලකයෙකුට ගෙදර යන්න සිදු වූ බවත්ය. දේශපාලනයේදී මෙතෙක් කල් බෙහෙද්දීපු අය සනීප වූ අවස්ථාව ඇති වූ බවත් දේශපාලන අර්බුදයට මුහුණ දිය යුතු බවත් පාර්ලිමේන්තුවේ 225 ම හොරු නොවූ බවත් ඉන් සුළු පිරිසක් දූෂිතව කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කරමින් කියා සිටියේය. තවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරමින් ඉදිරි මැතිවරණ වලදී හොඳ වෙද්දු සොයාගත යුතු බවත් හොඳ සමාජ කියවීමක් මේ පොත තුළ ගැබ්වී ඇති බවත් හරි දේශපාලන ධාරාවක් තෝරා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසින් කියා සිටියේ මෙම කෘතිය තුළින් කාව්‍යයේ දේශපාලන සාක්ෂරතාවය ඉහළ නම්වා ගත හැකි බවයි. මෙම කෘතිය තුළින් පොලිටිකල් මාකටින් හොඳින් කතා කරන බවත් දේශපාලන විද්‍යාව කියන්නේ තවත් එක් විෂයක් නොවන බවත් ප්රජාතන්ත්රවාදය හා ලිබරවාදය කියන්නේ දෙකක් බවත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.
මෙවර මැතිවරණ සඳහා නවමු සංකලන එකතු වූ එකතු වී ඇති ආකාරය ත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් වෙනස්ම කණ්ඩායමක් බවත් මෙම කෘතිය සමාජ සාකච්ඡාවට බඳුන් කළ හැකි බවත් ප්‍රකාශ කරමින් කතෘ හට ආශිර්වාද කළේය.
නීතිඥ රසාංග හරිෂ්චන්ද්‍ර මහතා විසින් ස්තුතියි කතාව කරමින් මෙම උත්සව අවස්ථාව නිමාවට බඳුන් කළේය.
මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර