ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරින් සමාජවාදය විකුණමින් අන්තර්ජාතික ලෝකයට තරුණ තරුණියන්ගේ ප්‍රවේශය වසා දැමූ පක්ෂය, හා නිර්මාතෘවරයා කවුරුන්ද?
මේ පක්ෂය ලංකා ජාතික සංගමයේ නිර්මාණයක්.
එහෙම නැත්නම් වස්තු බීජයක් ලෙස කීම වඩාත් නිවැරදියි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූ කණ්ඩායම නියෝජනය කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක මහතා මෙහි නියමුවා යයි කීම වඩාත් නිවැරදියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වීමට නිමිත්ත කුමක්ද?
ඊට අදාළ ඓතිහාසික පසුබිම විවරණය කිරීම වඩාත් වැදගත්.
1931 සර්වජන චන්ද බලය අපට ලැබුණේ ඩොනමෝර් කොමිසම මගිනි.
ඒ වන විට ශ්‍රී ලංකාව රදලයන්ගේ ප්‍රභූ නායකත්වයට යට වී තිබුණු යුගයයි.
කුලබේදය, උඩරට පහතරට ප්‍රභේදය තුරන් කිරීමට හෝ අවම කිරීමට මේ සර්වජන චන්ද ක්‍රමය වඩාත් ඵලදායී වෙතයි එදා සමාජයේ බුද්ධිමතුන් අදහස් ප්‍රකාශ කර තිබුණා.

සර්වජන චන්ද බලය ලබාදීමට පෙර 1927 නොවැම්බර් 16 සිට දෙසැම්බර් 14 දක්වා පැවැත්වූ රැස්වීම් වාර පනස් හතරක් විය.
විවිධ සංවිධාන හා පුරවැසියන්ගෙන් සාක්ෂි විමසීම සිදු විය.
ප්‍රභූ සමාජය නියෝජනය කළ ලංකා ජාතික සංගමයේ සියලුම අය මීට එරෙහි වුණා.
සර්වජන චන්ද බලය සාමාන්‍ය ජනතාවට ලැබීම වැළැක්වීමට අවශ්‍ය පියවර ඔවුන් ගනු ලැබුවා.

ලංකා ජාතික කම්කරු සංගමයේ ඒ. ඒ. ගුණසිංහ ඊට කැමැත්ත ප්‍රකාශ කරමින් සාක්ෂි ලබා දුන්නා.
එදා ප්‍රභූ සමාජයේ තත්ත්වය මින් වඩාත් පැහැදිලි වෙනවා.
දේශපාලන සාක්ෂරතාවය නැති චන්දදායකයන්ගේ ඡන්දය භාවිතා කිරීම ප්‍රශ්න අතර ප්‍රභූ දේශපාලන ඛණ්ඩායම් වල ප්‍රධාන ප්‍රශ්නයක් වුණා.
ඒ තුළ කිසියම් අර්ධ ශක්තියක් තිබෙන බව පසුගිය වසර හැත්ත හය සනාථ කරා.

මේ සඳහා පත් කළ කොමිසමේ ඊ. ඩබ්ලිව්. පෙරේරාගේ නායකත්වයෙන් යුතු වූ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ලංකා ජාතික සංගමයේ සියලුම නායකයින් සර්වජන චන්ද බලයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටීමට උත්සාහ ගත්තා.

එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රභූවාදය ක්‍රියාත්මක වූයේ උපායශීලීවය.

පක්ෂයේ ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය මනාව ක්‍රියාත්මක වන බව මතුපිටින් ප්‍රදර්ශනය විය.
එවැන්නක් නැති බව ප්‍රදර්ශනය වූයේ බණ්ඩාරනායක ඒ තුළින් ඉවත් වීමය.
එදා හා අද එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව විමසීමේදී ව්‍යුහය මෙසේ ගොනු කළ හැකිය:

  • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
  • පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින්
  • ලක් වනිතා පෙරමුණ, යොවුන් පෙරමුණ නියෝජිතයින්
  • පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයින් සීයක්
  • වෙනත් පක්ෂ නියෝජිතයින් 75ක්

මෙම පම්පන සැදුම්ලත් පළල් සංවිධාන ව්‍යුහය විධායකය නියෝජනය කරයි.
පක්ෂ ප්‍රතිපත්තීන් තීරණ ගැනීම, විවිධ පක්ෂ තනතුරු සඳහා නම් කිරීම, සමස්ත තීරණය විධායක කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් යයි ව්‍යවස්ථාවේ සඳහන් වුවද, එය ඇත්තටම හුදු ප්‍රලාපයක් පමණි.
නමුත් සියල්ලක් සිදුවන්නේ පක්ෂ නායකත්වයේ ඒකාධිපතිත්වය යටතේ.

මේ තත්ත්වය එදා බණ්ඩාරනායකට බලපාපු හැටි සිහිගන්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය වීම නිසයි.
පක්ෂ නායකත්වයේ ඒකාධිපතිත්වය ආර්. ප්‍රේමදාස කාලයේදීත් සිදුවුණා.
ලලිත් ඇතුළු මුදලී ගාමිණී දිසානායක, ප්‍රේමචන්ද්‍ර කඩාගෙන යන්නේ එවැනි පසුබිමක් හමුවේය.
ඉන්පසු ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාසටත් අත්වන්නේ ඉවත්වයාමේ ඉරණමයි.
සමගි ජනබලවේගය බිහිවන්නේ එවැනි ඉරණමක් තුළයි.

S.W.R.D. බණ්ඩාරනායක මහතා
ප්‍රභූ ස්ථරය තුළ පහළ ස්ථරයේ ප්‍රභූවරයෙක්ද?
එවකට සේනානායකවරුන් අභිබවා එක්සත් ජාතික පක්ෂය තුළ ක්‍රියා කිරීමේ හැකියාවක් බණ්ඩාරනායකට නොවූවාද?
1951දී බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන්නේ කුමන සාධක මතද?

දේශපාලන වංචා හා දූෂණ ආරම්භ වූයේ අද ඊයේ නොවේ.
1943/4/3 දින ආණ්ඩුකාරවරයා වෙත භාර දෙන ලද එල්.එම්. ද සිල්වා කොමිෂන් සභා වාර්තා අනුව, දූෂණ හා අල්ලස් චෝදනා ඔප්පු වූ මන්ත්‍රීවරු හත් දෙනකුට එදා තනතුරු අහිමි වුණා.

මෙය පලිහක් කර ගන්නා බණ්ඩාරනායක, සාමාන්‍ය ජනතාව වන පංච මහා බලවේගය මතින් නැගී සිටිනවා.
1952දී පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන නමයක් දිනා ගනිමින් විපක්ෂය ලෙස බණ්ඩාරනායක එදා බලයට පත්වෙනවා.
වාමාංශික පක්ෂ සංයුතිය අනුකරණය කරමින්, වාමාංශික නායකයින්ගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින්, පක්ෂේ අභ්‍යන්තර සැලැස්ම බණ්ඩාරනායක දියත් කරන්නේ ඉතාම කූට ලෙසය.
ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස පෙනී සිටියත්, ඇත්තටම ඔහුගේ ඒකාධිපති ස්වරූපය, ඔහුගේ හැසිරීම හා භාවිතය තුළ පැහැදිලි සත්‍ය කරුණු ලෙස අනාවරණය වන සුළුය.

පාරම්පරික රදල උරුමය වසාගෙන සාමාන්‍ය ජනනායකයකු ලෙස පෙනී සිටින්න ඔහු ගත් වෑයම් අතර ප්‍රධාන වෑයම මෙය වේ.
සඟ, වෙද, ගුරු, ගෝවී, කම්කරු යන පංච මහා බලවේගය ඇමතීමේ මාවත මනාව ඔහු සකස් කරගත්තා.
අවසානයේ බණ්ඩාරනායක මේ සමාජ පහත්ම හා ඔවුන්ගෙන් පසු පරම්පරා ගණනාවකට කළ හානිය සුළු පටු නොවේ.

පාසැල් පද්ධතිය තුළින් ඉංග්‍රීසි භාෂාව ඉවත් කිරීම, එයින් ප්‍රධාන කරුණක්.
පනහ දශකය වන විට ලංකාවේ පැවැති ඉංග්‍රීසි අධිරාජවාදී සාමාන්‍ය වපසරියක්.
ඉංග්‍රීසීන්ගේ හැසිරීම හා භාවිතය තුරන් කිරීම, පහත් කිරීම, ඉවත් කිරීම, එදා බණ්ඩාරනායකට හොඳ දේශපාලන උපක්‍රමයක් විය.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පැය විසි හතරක් තුළ ක්‍රියාත්මක කරන්නේ ඔහුගේ එම කපටි ක්‍රියාදාමය නිසයි.

ඒ තුළ රටේ සමස්ථ ජනතාවම ඔහුට ගොදුරු වෙනවා.
දියුණු වන ලෝකයත් සමඟ අන්තර්ජාතික ප්‍රජාව අතරට ලංකාවේ තරුණ බහුතරයකට යන්න අපහසු වෙනවා.
ඉංග්‍රීසි දැනුම නැතිකම නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව නීති විද්‍යාලය, ඉංජිනේරු, වෛද්‍ය වෘත්තීන්වල නියැලුණ බහුතරයක් අතරමං වෙනවා.

නමුත් ප්‍රභූ සමාජයේ දරු දැරියන් සඳහා සුවිශාල රාජකීය විද්‍යාල වපසරියක් ගොඩනැගෙනවා.
ඔවුන් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ විශ්ව විද්‍යාලවල නීති අධ්‍යාපනය ලබා, ලංකාවට පැමිණ දේශපාලන ධුරවල නියැලෙනවා.
සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින්, එවැනි වපසරියක් ගොඩනැගූ තත්ත්වය හමුවේ, බණ්ඩාරනායකගේ අයුතු රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන සාධකයක් වර්තමාන ජනාධිපති අනුර කුමාරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමත්, අනුර කුමාර අනුරාධපුරයෙන් පැමිණ ජනාධිපති වීමත් අතර, ලොකු සමාජ සම්මුතියක් ඉදිරියට ප්‍රවර්ධනය විය යුතුයි.
කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්.
නමුත් එතුමා ඇති කළ නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය මහා විද්‍යාලවලින් බිහි වී, කොළඹ විශ්ව විද්‍යාලවලට පැමිණි බොහෝ අය, ඉංග්‍රීසිය නිසා අතරමං වුණා.

ඒ පිළිබඳ හොඳ සංවාදයක් රට තුළ වර්ධනය වුණේ නැහැ.
1956 නැගීම ගැන විශ්ව විද්‍යාල පාඩම් වලට අන්තර්ගත වුණා.
සැබෑ සමාජ ගැටළුව වැසී ගියා.
අද යමෙක් ජනාධිපති අනුර කුමාරට ඉංග්‍රීසිය නැතැයි කියනවා නම්, එහි ප්‍රධාන වගකීම් බණ්ඩාරනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

ප්‍රභූ දේශපාලනයේ ඇතුලාන්තය හා දිගුව දැන් ඔබට තේරෙනවාද?
ප්‍රභූ දේශපාලනය ශ්‍රී ලංකාවට ඇති කළ සුවිශාල හානිය මෙතරම් යයි සීමා කළ නොහැකි කරුණක්.
ඒ පිළිබඳව තවදුරටත් පුළුල්ව සාකච්ඡා කිරීමේ හිමිකම කතුවරයා දැනට තබා ගැනීම හා පසුවට සෙසු කරුණු බලාපොරොත්තු වන්න.

කතු වැකිය ලිව්වේ:
ගවේෂණශීලී මාධ්‍යවේදී සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න