ශ්‍රී ලංකාව තුළට කේරළ ගංජා, කුඩු, අබින්, අයිස්, සිගරට්, ඇල්කොහොල් වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෙන්වීම නිසා විවිධ වයස්වල දරුවන්ද වැඩිහිටියන්ද, ගැහැණු-පිරිමි භේදයකින් තොරව, විශාල ප්‍රමාණයක් ඊට ඇබ්බැහි වී ඇත.

ශ්‍රී ලංකාව තුළට විශේෂයෙන්ම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෙන්වීමට මාර්ගයක් ලෙස මන්නාරම් සහ යාපනය යන ප්‍රදේශවල ධීවර කටයුතු කරන පුද්ගලයන් භාවිතා කරන බව කවුරුත් දන්නා රහසකි.

ශ්‍රී ලංකාව, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙනත් රටවලට බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙසද කටයුතු කරන බව ද සනාථ වේ.

මේ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ අනෙකුත් ආරක්ෂක අංශ දැනුවත් වුවද, මෙයට සම්බන්ධව නිසි නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ලංකාවේ විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී තිබේ.

මේ නිසා:

  • විශාල සෞඛ්‍ය ගැටළු ඇති වී තිබේ.
  • දූෂණ, හොරකම් මෙන්ම අධ්‍යාපනික, ආර්ථික සහ සමාජීය ගැටළු රාශියකට හේතුවී තිබේ.

මෙය වැළැක්වීමට අවශ්‍ය නීතිමය පියවර ගත නොකළහොත් අනාගතයේ විශාල ගැටළු රාශියක් මතුවේ.

ඔබේ දරුවන් ආරක්ෂා කරගැනීම ඔබේ වගකීමක් මෙන්ම රටේ වගකීමක්ද වේ.

ආර්. එම්. සදුන් හේමන්ත රත්නායක
මහජන සෞඛ්‍ය පරීක්ෂක

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න