දේශපාලන තතු:
ලංකාවේ මිනිස්සු මානසික සිරගෙදරින් එළියට ගන්න අවස්ථාවක් එළඹිලා තියෙනවා.
අවුරුදු හැත්තහයක් පුරාවට ප්‍රජාව මානසිකව සිරගත කළේ කවුද?
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ දේශපාලන පක්ෂය කියන්නේ රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ පුද්ගල සමූහ ව්‍යාපාරයක්.
මේ සමූහය ජාතික ව්‍යාපාරයක් දක්වා දියත් වී තිබෙනවා.
ලංකාවේ නිදහස් අරගලය, ජාතික නායකයින්ගෙන් සැදුම් ලත් ජාතික සංගමය මීට උදාහරණයක් වශයෙන් ගත හැක.
ජාතික මට්ටමේ නිර්මාණය වූ ප්‍රධාන පළමු දේශපාලන සංවිධානය ලෙසත් මෙය දකින්න පුළුවන්.

කණගාටුවට කරුණ නම්, මේ සංවිධානය තුළ අන්තර්ගතව පැවතියේ ප්‍රභූ වාදයේ බලපෑමයි.
සිවිල් සංවිධාන ඒ කාලයේ දකින්නට තිබුණේ නැහැ.
වෘත්තිකයින්, වෘත්තීය සමිති, තරුණ නායකයින්, සමාජ ක්‍රියාකාරකයින්, මාධ්‍යවේදීන්, පූජ්‍ය පක්ෂය යන විවිධ කණ්ඩායම් ඒ කාල වකවානුවේ සිටියා.

බලය උදෙසා සිදු කරන අරගලය, බලය දරන්නා කවුරුන්දැයි පිළිබඳ කතිකාවත ඈත අතීතයේ පටන් සාකච්ඡාවට බඳුන් වූ කරුණක්.
දාර්ශනිකයෙකු වූ පෙලේටෝ ගේ අදහස කුමක්ද?
බලය දරන්නා දාර්ශනික ගති පැවතුම් ඇති පුද්ගලයෙකු විය යුතු බව ඔහුගේ අදහස එදා උනා.
නොදියුණු යුගයේ දේම, දේව ධර්මවාදීන්ගේ අදහස වුණේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබන පුද්ගලයින්ට බලය ලැබිය යුතු බවයි.

ප්‍රභූ ආදී මූලධර්මය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ආරම්භයේ සිටම දේශපාලනය තුළ ආරම්භ වන්නේ එවැනි පසුබිමක් මතයි.
ජාතික සංගමය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව ක්‍රියා කිරීමට පලිහක් කරගන්නේ අමද්‍ය ව්‍යාපාරයයි.
පූජ්‍ය පක්ෂය එකතුව, මේ ආරම්භ වූ අමද්‍ය ව්‍යාපාරය තුළ සත්‍ය කුමක්ද?
එදා මෙදා තුර ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය තුළ සැඟව ඇති මහා වංචනික භූමිකාව මෙතෙක් මාධ්‍යවලින් සැබැවින්ම හෙළිවී නැත.
නමුත් මෙය ඊට අවස්ථාවක් නොවේ.
පසුව එම වංචනික හැසිරීම පිළිබඳ පරීක්ෂණාත්මක කරුණු ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජාතික සංගමය තුළ ඇතිවන දේශපාලන ව්‍යාපාරය වැඩවසම්වාදී ආකල්පයකින් සමන්විත වෙනවා.

එවන් පරිසරය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ සක්‍රීය උදෙසා මනස ජනතාවගේ යාවත්කාලීන වීමේ දේශපාලන ශාස්ත්‍රාලීය දැනුම පසුගිය වසර හැත්ත හය පුරාම ඇතිවුණේ නැහැ.
එවැනි පරිසරයක පසුගිය වසර හැත්ත හය පුරාම දේශපාලන සූදුව මනාව ඉටුවුණා.
අරක්කු නිෂ්පාදනය අලෙවි කරන්නන්ගේ හා බෙදා හරින්නන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ අමද්‍ය ව්‍යාපාරය වැනිම ක්‍රියාකාරකමක් ලංකාවේ දේශපාලන පක්ෂවලත් සිදුවුණා.
කලින් කලට දේශපාලන පක්ෂ බලය හුවමාරු කරගත්තා.
එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර මනාව ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් බලය අත්පත් කරගත්තා.
හුවමාරු වුණා.
මතුපිටින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ කටයුතු කරන බව මේ පක්ෂ ප්‍රදර්ශනය කළා.
ඉහළම ප්‍රභූ ස්ථරයේ දේශපාලන තීරණ මත රට එදා පටන් ඔවුන් පාලනය කළා.
ලංකා ජාතික සංගමයේ සිටි නායකයින්ගෙන් සමන්විතව 1946 මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය ගොඩනැඟෙනවා.
ප්‍රභූ දුරාවලියකින් ඔවුන්ගේ පක්ෂය නිර්මාණය වන්නේ යයි කීම වඩාත් නිවැරදියි.
සේනානායක පරම්පරාවේ එදා අධිපතිත්වය මීට එක් සාධකයක්.
මාමාගේ හා බෑනාගේ පක්ෂය ලෙස අනවර්ථ නාමයෙන් හඳුනාගැනීම සිදුවී ඇත්තේ එදා සමාජයට එවැනි පසුබිමක් තුළයි.
එක්සත් ජාතික පක්ෂය ආරම්භයේ පටන් වර්තමානය දක්වා පරම්පරාවේ ප්‍රභූත්වයට පත් පිරිසක් විසින් මෙහෙයවන ලද ධනපති දේශපාලන පක්ෂයක්.
ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යම් කුසලතාවයක් මත බලය ලබා ගැනීමේ දක්ෂතාවයක්ද මේ පක්ෂයට නිදන් ගතව තිබුණා.
නායකත්වය ප්‍රභූ පංතිය තුළම රැක ගැනීමේ වෑයම සාර්ථකව ඉදිරියට ගියා.
රණසිංහ ප්‍රේමදාස එය මනාව කළමනාකාරීත්වයට පත්කර ජේ.ආර්. ජයවර්ධනයට අභියෝග ආත්මකව ඔහුගේ හැසිරීම භාවිතය මත ඔහුට නායකත්වය දීමට එදා ජේ.ආර්ට සිදුවුණා.
පහළ මධ්‍යම පාංතික රණසිංහ ප්‍රේමදාස මතු උනේ උපායශීලීව.
නමුත් ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාසට එම හැකියාව අද වනතුරු ලැබුණේ නැහැ.
රනිල් වික්‍රමසිංහ බලය අත්පත් කරගෙන ඉන්නවා.
ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නැගීම මත තවදුරටත් මේ ධනපති ප්‍රභූ දේශපාලන පක්ෂවලට මාවතක් තිබේද?

පොඩි පවුලකින් පැමිණි රණසිංහ ප්‍රේමදාසට ප්‍රභූ දේශපාලන එදා අධිපතීන්ගෙන් ඇතිවූ ගැටලු වෙනම කතා කළ යුතු මාතෘකාවක්. බටහිර සංස්කෘතියෙන් කරපු බලපෑම විවාදාත්මකයි.
එක්සත් ජාතික පක්ෂය බටහිරට ලක් වූ ඉහළම මධ්‍යම පාන්තික ප්‍රභූ පිරිසක් ඒ වන විට නිර්මාණය කර තිබුණා.
ලංකාවේ කුල සාධකයත් තදින් බලපෑවා.
ප්‍රභූ පන්තියේ සාමාජිකයකු නොවීම ඉහළට යෑමටත් කරන බලපෑම කොපමණද යන්න සමාජය මනාව තේරුම් ගත්තා.
ප්‍රභූ සමාජයේ දිගුව නැගීමක් වීමට මනා මේ තත්ත්වය පිටුවහලක් වුණා.
ආදායම හා දේපළ බෙදීයාමේ විෂමතාවය තවත් දිගු උනා.
නගරය කේන්ද්‍ර කරගත් පහසුකම් නිර්මාණය වීමත් සමග ගමේ නැගීම දුර්වල වුණා.
මේ තත්ත්වය අවබෝධ කර ගත් රණසිංහ ප්‍රේමදාස ගමට කර්මාන්ත ශාලා ගෙන ගියා.
ගමින් නගරයට යන යුවතියන්ගේ ප්‍රමාණය යම් දුරකට සීමා වුණා.
දිවයින පුරා ජුකී කර්මාන්තශාලා බිහිවුණා.
මේ අතර ගමේ සේවච්චා සංවිධාන රටාව බිඳ වැටුන.
නාගරික දේශපාලන බල අධිකාරිය රිසිසේ ගම මෙහෙයවන තත්ත්වයක් වර්ධනය කළා.
අන්‍ය නෝන්‍ය වශයෙන් එකිනෙකා තේරුම් ගැනීම, ගරු කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම අමතක කළ සමාජ වටපිටාවක මාලිමා රජයක් කරා යන්න තක්සේරුවක් ගොඩනැගී තිබෙනවා.
රනිල්, මහින්ද, සජිත්, නඩත්තු කරගෙන ආ ප්‍රභූ පොදු ජනතාවට කාලකන්නි දේශපාලනය 2024 මහ මැතිවරණ ප්‍රතිපල සමඟ දියවෙන්න පටන් අරන් තියෙනවා.
අයුක්ති සහගත පශ්චාත් දේශපාලනය පිළිබඳව අනුර කුමාර ඇතුළු සියලු මාලිමා දේශපාලන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මනා අවබෝධයක් මේ වන විට තියෙනවා.
ආගමික සාමාජික සංස්කෘතික දුර්වල හැසිරීම් රටා හා සම්ප්‍රදායන් මනාව නව පත්වන රජය තේරුම් ගන්න අවශ්‍යයි.
බෞද්ධාගම වෙළඳ වටිනාකමක් සඳහා ක්‍රියාකරන මහානායක හිමිවරුන්ගේ සිට සාමණේර භික්ෂුව දක්වා බෞද්ධාගම විකුණාකෑමේ අයුතු සහගත වැඩසටහන් නිමාවක් දකින්න අවශ්‍යයි.
බෝහෝවිට ලංකාවේ සදාචාරය බිඳවට්ටන මධ්‍යස්ථානය පූජ්‍ය පක්ෂයයි.
දෛනික පුවත්පත් වාර්තා වලින් ඒ බව සනාථ වෙන සුළුයි.
මේ සඳහා බෞද්ධාගමේ ව්‍යවස්ථාවෙන් හිමි තැන පැහැදිලි නිර්වචනයක් ලබාදිය යුතුයි.
එය හුදෙක් පෞද්ගලික භික්ෂුවකගේ ප්‍රතිරූපය සඳහා නොවන බව පැහැදිලිව නිර්වචනය විය යුතුමය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම හෝ ප්‍රතිසංවිධානය කිරීමේදී වඩාත් නව රජය සැලකිලිවිය යුතු කරුණක්මය.
රටට මුස්පේන්තු ප්‍රභූ දේශපාලන චින්තනය වසා දැමෙන නීතිරීති ව්‍යවස්ථාවෙන්ම සනාථ කළ යුතුය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභූ දේශපාලනයෙන් රටට කළ අගතිය ඒ සඳහා ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් ලේඛනයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.


කතු වැකිය විචාරාත්මකව ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න