ලංකා දේශපාලන පඨිතය උඩුකුරු යටිකුරු කරමින් 2024 මහා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතී. ලංකා මැතිවරණ ක්‍රියාවලියේ කේවල ඡන්ද ක්‍රමය අහෝසියත් සමඟ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය දිගු වෙමින් පවතී. පසුගිය ජනාධිපතිවරණයේදීත් මේ තත්ත්වය ප්‍රදර්ශනය විය.
1989 මහ මැතිවරණයෙන් පසුව මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි කරුණක් මනාව දැනේ. 1989 යනු ජනතා විමුක්ති පෙරමුණට මුළුමනින්ම අපල කාලයක් ලෙස සැලකේ. මේ තත්ත්වය විශ්වවිද්‍යාල මට්ටමින් පර්යේෂණයට ලක් විය යුතුයි. නමුත් විශ්වවිද්‍යාල පර්යේෂණ පත්‍රිකා වැඩමුළු වලදී ඉදිරිපත් වන්නේ සමාජ සංවර්ධනය සඳහා වූ පර්යේෂණ පත්‍රිකා නොවේ.
සම්ප්රදාය, මිත්‍යාව, දේවත්වය පදනම් කරගත් සිල්ලර ගනයේ පත්‍රිකා පිළිබඳව කණගාටුදායක තත්ත්වයක් දකින්නට ලැබේ. ඡන්දදායකයාගේ දැනුම පිළිබඳ ගැටලුවක්ද? දේශපාලන පක්ෂවල හැසිරීම පිළිබඳ ගැටලුවක්ද? කෙසේ වෙතත්, ලංකාවේ පාදඩ ධනපති දේශපාලන පක්ෂවල හැසිරීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව පැහැදිලි වන ලක්ෂණයක් ලෙසින් පෙනේ.
රටේ දේශපාලනඥයන් හා දේශපාලන ක්‍රමය පිළිබඳව ජනතාවගේ ගැටලු සහගත අකමැත්තක් ඇත. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ කුණු කූඩයකට ගියේ ඒ නිසා නොවේද? දිගින් දිගටම රාජ්‍ය දුරාචාරී දේශපාලනයේ නියැලුණු මහින්ද රාජපක්ෂ නඩය මහ මැතිවරණ තරග බිමෙන් ඉවත්වීමෙන් ම ඒ බව සනාථ වෙන සුළුයි.
දේශපාලන නඩ පසුගිය වසර 76 පුරාම දියත් කළ මතවාද ප්‍රවර්ධනය සඳහා උපක්‍රම යොදා ඇත. කට වචනය හා පුද්ගලාන්තර සන්නිවේදනය එහි ප්‍රධාන සාධක විය. මාධ්‍ය සහ ප්‍රබන්ධ සාහිත්‍යයත් ඊට දායක විය. ශ්‍රී සද්ධර්මයට මුවා වී මහනායක හිමිවරුන් සිට කුඩා සාමණේර භික්ෂුන් දක්වා දේශපාලන ප්‍රවාද මතුකිරීමේ වංචාකාරී ක්‍රියාකාරකම් චන්දදායකයාගේ මානසිකත්වයට බලපෑමක් ඇති කළා.
ධාන්‍ය ඇට වර්ග 8ක් රාත්තල් අටක් ජේආර් අසූව දශකයේදී ලබා දුන් ඡන්ද පොරොන්දුව තවත් සාධකයක් ලෙසින් දක්නට ලැබේ. කිසිම හිරිකිතයක් නැතිව වංචනිකව අසත්‍ය ප්‍රචාර කිරීමේ දේශපාලන සංස්කෘතියක් අපගේ ඈත හා මෑත යුගවල දක්නට ලැබුණි.
මේ කාලය තුළ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය වැනි රටවලින් බහුජාතික සමාගම් උපදේශකත්වය සහ ප්රචාරක මෙහෙයුම් සිදු කළා. අහිංසක චන්දදායකයා මංමුලා කිරීමට ක්‍රියා කළ මෙවැනි පාදඩ දේශපාලනයයි.
එවන් තත්ත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ මේ දිගුව ඓතිහාසික වන්නේ කරුණු ගණනාවක් නිසයි. මේ ඓතිහාසික ජයග්‍රහණය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සිය පාර්ලිමේන්තු ගමනේදී කළ හැකි කාර්යභාරය සුළු නොවේ. මිනිස් ජීවිත 60,000කට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලය තුළ මෙයට සිය ජීවිත වලින් දායකත්වය දී තිබෙනවා. මේ තත්ත්වය ලසන්ත වික්‍රමතුංග දක්වා දිව යන්නකි, ඒවා වෙනම සාකච්ඡා කළ යුතුයි.
නව මන්ත්‍රීවරු බුද්ධිමය ශක්තිය වර්ධනය කරගැනීමට හා ගැඹුරින් සිතන විශිෂ්ට බුද්ධිමතුන් විය යුතුයි. විවිධ අනේක ගැටලු රාශියක් ඔබ හමුවේ ඇත. ඒවා පහසුවෙන් මගහැරිය නොහැකි බව තේරුම් ගත යුතුයි. තර්කානුකූලව සිය ශ්‍රමය හා කාලය ඒ සඳහා වැය කළ යුතුය.
කතු වැකිය ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු
විසිනි