රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතූ අයවළුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප්‌ හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින්‌ තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිෂන්‌ සභාව විසින්‌ නිකුත්‌ කරන ලද 2024.11.02 දිනැති අංක [1$/2024/52 දරන මාධය නිවේදනය කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

  1. එසේම මෙම පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකිවන අයුරින්‌ නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන මිෂන්‌ සභාවේ සභාපතිවරයා වෙන දන්වා ඇත.
  1. ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස්‌ අධ්‍යාපන ආයතන විසින්‌ ද ස්වකීය කාර්ය මණ්ඩල හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිඳි නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙස මෙයින්‌ ඉල්ලා සිටිනු ලැබේ.
  2. තවද 2006 මැයි 31 ඳිනට පෙර උපන්‌ වයස අවුරුදු |8 සම්පූර්ණ වන තරුණ ඡන්දහිමියන්ගේ නම්‌ ද, ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිච ඇති බැවින්‌ අ.පො.ස. උසස්‌ පෙළ උපකාරක පංතිවලට සහභාගී වන සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා නොවන පරිදි පන්ති යොදා ගැනීමට කටයුතු කරන ලෙස සියලුම උසස්‌ පෙළ උපකාරක පන්තිවල කළමණාකරුවන්ගෙන්‌ හා ගුරුභවතුන්ගෙන්‌ ඉල්ලා සිටිනු ලැබේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න