කොළඹ චරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය යනු පසුගිය සමයේ රටේ අනිශය කතාබහට ලක් චූ මාතෘකාවකි. 2022 ජනවාරි මස සිට ඉදිවෙමින් පැවති මෙහි කටයුතු තවත් වසර ගණනාවක් යන තුරු අවසන් චන බවක් නොපෙනුණි. දැනට පචතින තත්වය අනුව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2026 නොවැම්බර් 15 දක්වා දිග්ගැස්සී ඇති බවට නිරීක්ෂණය චී ඇත. මෙහි දී ඉතා සාධනීය මැදිහත් වීමක් කළ ගරු ප්‍රවාහන , මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවනන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි ඉදිකිරීම් කටයුතු කඩිනම් කර 20025 ජුනි 30 චෙනිදා චන විට අවසන් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මෙහිදී විශේෂ අවධානයක් යොමු කර නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා විශේෂ බදු සහනයක් ලබා දී එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට මැදිහත්වීම් කර ඇත. මෙම පර්යන්තයේ ඉදිකිරීම් භා උපකරණ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 750) ක මුදලින් 20% කට ආසන්න බදු කපා හැරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. වරාය අධිකාරියෙන් පූර්ණ වියදම දරණ මෙම වා්ය්යාපෘතිය කඩිනම් කිරීමට ලබා දුන් මේ සහනය නොවන්නට චරාය අධිකාරිය දැඩි මූල්‍ය අර්බුදයකට තල්ලු වීම නොවැළැක්විය හැකි බව කළමනාකාරීත්වය පවසයි. මෙහිදී STS දොඹකර (Ship To Shoe Crain) 12 ක් සහ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 40 ක් ඇණවුම් කර තිබේ. එයින් STS දොඹකර 06 ක් සහ පර්යන්ත දොඹකර 20 ක් මේ චන විටත් ලැබී ඇති බව කළමනාකාරීත්වය පවසයි. මේ අනුව ලබන වසරේ මැද භාගය වන චිට වැඩ අවසන් චීමට නියමිත මෙම නැගෙනහිර බහාලුම් පර්යන්තය නිසා කොළඹ චරාය ඉතා කාර්යක්ෂම චන අතර එය රටේ ආදායමට සුවිශේෂ ක් සිදුකරතැයි අපේක්ෂා කරන බව ද පරිපාලනය ඉතා විශ්වාසයෙන් පවසයි.
මීට අමතරව පර්යන්තය සහ ජැටිය අතර බහාලුම් මෙහෙයවීම සඳහා Straddle Carriers 30 ක් ගෙන්වීමට ප්‍රසම්පාදන කටයුතු ද ඉතා කඩිනමින් අවසන් කිරීමට ගරු අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. ගෙන්වීමට යෝජිතව තිබු ඩීසල් වලින් ක්‍රියාත්මක වන Straddle Carriers වෙනුවට නචීන තාක්ෂණය සහිත පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වර්ගයේ 5114343416 (411161%5 ලබා ගැනීම සඳහා සුදුසු තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් නිර්දේශ ලබාගෙන ක්‍රියාත්මක කරන ලෙස ද ගරු අමාත්යාතුමා විසින් උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව ලබන වසර මැද භාගයේ නැගෙනහිර බහාලුම් පර්යන්ත කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු වෙමින් පවචතින අතර ඒ පිළිබඳ සුභවාදී බලාපොරොත්තුවක් වරාය අධිකාරියේ සියලු සේවකයින් තුළ පවතී.