2024.10.20 දින අංක GP502 ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණි ආමේනියානු ජාතික
Grigoryan Marin නම් තරුණ කාන්තාවගේ ගමන් මල්ල අස්ථානගත වී ඇති බව ගුවන් තොටුපොළ බලධාරීන්ට දන්වා ඇත.
බලධාරීන් විසින් ගුනන් තොටුපොළ පොලීසියට දන්වන ලද අතර පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ මූලිකත්වයෙන් ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර මෙම ගමන් බෑගය වෙනත් අයෙකු චිසින් රැගෙන ගිය බව හඳුනාගෙන ඇත. එම ගුචන්යානයේම පැමිණි බදුල්ල ප්‍රදේශයේ දමිල කාන්තාවක් එය රැගෙන ගොස් තිබූ අතර මහත් පරිශ්‍රමයක් දරා ඇයව අන්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මීගමුව අධිකරණය ගුවන් මගී කාන්තාවට ලක්ෂ 06 ක චන්දියක් ගෙවන ලෙසට මේ සොරකම කළ කාන්තාවට නියෝග කර ඇත. එය දෙවරක දී ගෙවා ඇති බව ගුවන් නොටුපල සංචාරක පොලීසීයේ ස්ථානාධිපතිතුමා සඳහන් කර තිබේ.
මේ තරම් කාර්යක්ෂමව මේ සොරාගැනීම පිලිබඳව ක්‍රියාත්මක වී තමාට බෑගය ඉක්මනින් ලබා දීමට කටයතු කිරීම ගැන ගුවන්තොටුපල සංචාරක පොලිසීයට හා කාර්ය මණ්ඩලයට මේ විදේශීය කාන්තාව විශේෂ වීඩීයොෝචක් නිකුත් කරමින් ස්තූති කර ඇත. නැවත තම රට බලා යන්නට පෙර අද නිකුත් කළ මේ වීඩීයො වේදී තවත් විශේෂ ස්තූතියක් පුද කරමින් සිද්ධිය වු සැනින් ක්‍රියාත්මක වී අදාල නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා නියොග කළ ගරු ප්‍රවාහන , මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතාව සභ එතුමාගේ පෞද්ගලික ලේකම්තුමාව ද පසසා ඇත. මෙම ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් හට ආරක්ෂාකාරීව කිසිඳු බාධාවකින් තොරව තම ගමන අවසන් කිරීමට සියලු පහසුකම් නිබෙන බවට ඇති වන විශ්වාසය මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතියට අනිශය ඉවහල් වන බව සඳහන් කළ හැක.