විදේශ ගමන්‌ බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස්‌ ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම්‌ ප්‍රකාරව ‘1” කෘණ්ඩය යටනේ හිස්‌ ගමන්‌ බලපත්‍ර මේ චන චිට 50,000ක්‌ ආගමන හා චිගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර්‌ මස අගභාගයේදී තවත්‌ 100,000ක පමණ හිස්‌ ගමන්‌ බලපත්‍ර ප්‍රමාණයක්ද දෙසැම්බර්‌ මාසයේදී තවත්‌ 150,000ක පමණ හිස්‌ ගමන්‌ බලපත්‍ර ප්‍රමාණයක්ද වන ලෙස 750,000ක හිස්‌ විදෙස්‌ ගමන්‌ බලපත්‍ර තොගයක්‌ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට නියමිතය. ඊට සමගාමීව තවත්‌ හිස්‌ ගමන්‌ බලපත්‍ර තොගයක්‌ ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු ද මේ වන චිට ආරම්භ කොට ඇත.

ඉහත තත්ත්වය යටතේ මේ වචන විට දිනකට ],600ක පමණ විදේශ ගමන්‌ බලපත්‍ර ප්‍රමාණයක්‌ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව චිසින්‌ අයදුම්කරුවන්‌ වෙත නිකුත්‌ කරනු ලබන අතර දෙසැම්බර්‌ මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන්‌ වර්ධනය කර අයදුම්කරුවන්‌ විසින්‌ ඉල්ලුම්‌ කරනු ලබන ගමන්‌ බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන්‌ බලපත්‍ර නිකුත්‌ කිරීමේ ක්‍රමවේදය සකස්‌ කිරීමට මෙම දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇත.

විධිමත්‌ පරිදි දිනයක්‌ හා වේලාවක්‌ මාර්ගගත ක්‍රමය යටනේ වෙන්‌ කර ගැනීම සඳහා ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමට මේ වන චිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව චිසින්‌ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එම 009 409 දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද දැනුම්‌ දෙනු ලැබේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න