https://we.tl/t-JnlDGRF7cQ

‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂය මේ වනවිට රටේ කැළඹිලි ඇතිකරපු පක්ෂයක් බව එහි මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙම කැළඹිලි සහගත තත්ත්වය ඇති වී තිබෙන්නේ මහජනතාවට නොව ඇතැම් දේශපාලන පක්ෂවලට බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කුමුදේශ් මහතා මේ බව කියා සිටියා.

‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයට මඩ ගැසීම සඳහා විවිධ ක්‍රියාමාර්ග දියත් වන බවත්, ඒ සඳහා අවධානයක් යොමු නොකර සිය දේශපාලන ගමන සමග ඉදිරියට යන බවයි ඒ මහතා පැවසුවේ.

කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න අධිකාරි මහතා පක්ෂය හැරයමින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් ද එහිදී මාධ්‍යවේදීන් රවී කුමුදේශ් මහතාගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා කියා සිටියේ “ඕනෑම පක්ෂයක විවිධ තරාතිරම්වල පුද්ගලයින් එකතු වන බවත්, ඔවුන් විවිධ හේතුන් මත එළියට යන බවත්” ය.

එමෙන්ම ‘පක්ෂය ඇතුළේ කැළඹිලි නොමැති බවත්, ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයක් ලෙස වර්ධනය වන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළා.

පක්ෂ නායක රංජන් රාමනායක මහතා පැවසූ පරිදි පෙනෙරයකින් පෙරා ගත්තද ඇතැම් පුද්ගලයින් හඳුනාගැනීමට තිබු කාලය අඩු බව පෙන්වා දුන් ඒ මහතා අවධාරණය කළේ පක්ෂය පිහිටුවා දවස් කිහිපයක් පමණක් වන බවයි.

“මේ රටේ දේශපාලනය කියන්නේම මඩවලක්.. මේ මඩවලට බහිනකොටම අපි දන්නවා මඩ ගහනවා කියලා.. ඒත් අපි තවම අපේ අත්වල මඩ ගාගන්නේ නැතිව ඉස්සරහට යමින් ඉන්නවා.. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ රට වෙනස් කරන්න පුලුවන් අනාගත දේශපාලන පක්ෂය හදන්න අපිට තවම පන්නරය තියනවා කියලා.. පක්ෂය ඇතුලේ කැළඹිලි නැහැ.. ඕනෑම කෙනෙකුට පක්ෂය ඇතුළට එන්න පුලුවන් වගේම යන්නත් පුලුවන්.. ලංකාවේ මිනිස්සුන්ට මේවා හරිම හුරුයි.. එහෙට පයිනවා.. මෙහෙට පයිනවා.. ඊයේ රෑ කිව්ව දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් අද උදේ කියනවානම් ඊයේ රෑයි අද උදේයි අතර කිසියම් සම්බන්ධ දෙයක් තිබෙන්න ඕන වෙනස් වෙන්න.. අපි පුද්ගලයෝ විශ්වාස කරන්නේ නැහැ.. ක්‍රමය පමණයි විශ්වාස කරන්නේ..”

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න