වෛරසයක් මගින් ඌරන් සදහා බෝ වන රෝගයකී .( Arterivirus of the family Arteriviridae.)

මුල්ම වරට ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපය තුල දිස්ත්‍රික්ක කිහිපයක මිය යන ලද ඌරන්ගේ සාම්පල දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදී සත්ව නිෂ්පාදන සහා සෞඛ්‍ය දේපාර්තමේන්තුව,
පේරාදෙණිය ගැටබේ රසායනාගාරය තුල පරික්ෂා කිරිමේන් අනතුරුව එය (PRRS) රෝගය බවට තහවුරු කරගෙන ඇති බවට එම ආයතනයෙ අධ්‍යක්ෂ තුමන් විසින් ජනතාව හා සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇත.

ඌරු ප්‍රජනක සහ ශ්වසන සින්ඩ්‍රෝමය, (PRRS), නිල් කන් රෝගය ලෙසද හැඳින්වේ, මේ රෝගය ගෘහස්ථ ඌරන්ට බලපාන අතර ඉක්මනින්ම ව්‍යාප්ත වන රෝගයකි.

රෝග ලක්ෂණ අතර

  • ප්‍රජනක ක්‍රියාකාරිත්වය අඩපණ වීම
  • නියුමෝනියාව සහ ද්විතියික බැක්ටීරියා ආසාදනයට වැඩි ඉඩක් පවතින රෝග ලක්ෂන අපට දැක ගැනීමට හැකියාව ඇත.

PRRS වෛරස් ආසාදනය සාමාන්‍යයෙන් පෙනහළු සහ වසා ගැටිති වල මෘදු හෝ දරුණු තුවාල ඇති කරයි. අන්තරාල නියුමෝනියාව බහු නාභිගත සිට lobular දක්වා ව්‍යාප්තිය දක්වා වෙනස් වේ. පෙනහළු පැල්ලම් සහ දුඹුරු පැහැයෙන් දිස්වන නමුත් ප්‍රමාණයෙන් බෙහෙවින් වෙනස් වේ. වසා ගැටිති සාමාන්‍යයෙන් ඉදිමී, දුඹුරු පැහැයක් ගනී, ඉදිමීම හෝ සිස්ටික් වේ.

ගොවිපළ තුල යම් ආකාරයකින් හදිසියේම ඌරන් මිය යැම් සිදුවුහහෝත් හැකි ඉක්මනින්ම ලගම ඇති පශූ වෛද්‍යවරයකු දැනුවත් කරන්න .

මාංශ සදහා සත්වයන් ඝාතනය කිරිමේදී අනිවාර්යයෙන් ගෝගාතක ආඥා පනතට අනුව කටයුතු කිරිම නොකල හොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කීරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු කටයුතු කරනු ලැබේ.

ඒ මෙන්ම හදිසියේම මිය යන සත්වයන්ගේ මාංශ වෙළදසැල් වලට නිකුත් කිරිමේන් වැලකිය යුතු අතර රෝගය ව්‍යාප්ත විම වලක්වා ගැනිම සදහා ප්‍රදේශය භාර පශූ වෛද්‍ය නිලධාරී වරයාගෙන් අවශ්‍ය කරුණු විමසන්න.

විශේෂයෙන්ම මේ දින වල ලබාගන්නා ඌරු,කුකුල් සහ අනෙකුත් මාංශ වර්ග පරිභෝජනයට ගැනිමේදි හොදී පිසගන්නා ලද මාංශ පමණක් ආහාරය සදහා ගන්න.

හැකිතාක් මේ දින වල මාංශ අනුභවයෙන් වැලකී සිටීමට කටයුතු කරන්න.

1992 අංක 59 දරණ සත්ව රෝග පනත යටතේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පතට අනුව අංක 2407/35-2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා – 2024/10/25

නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව පහත කොන්දේසි කඩ නොකල යුතුය

(i) සත්ත්ව රෝග පනතේ 5 (4) වගන්තිය යටතේ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය අසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම,

(ii) ආසාධිත සතුන් ඝාතනය කිරීම,

(iii) රෝග අවධානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිතා කිරීම,

(iv) අවදානම් සතුන් භාවිතා කොට ගෙන සජීවී සත්ත්ව වෙළෙඳ පොල පැවැත්වීම, දර්ශන හා තරග පැවැත්වීම,

(v) ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම,

(vi) අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වුවා හෝ ආසාධිත වූවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක් වූ ද්‍රව්‍යයක් හෝ ජලය සම්බන්ධ කිසිඳු ස්ථානයකට දැමීම, හෝ

(vii) අදාළ රෝගයන් හේතුවෙන් මරුමුවට පත් වූවා හෝ ආසාධිත වූවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථාන ගත කිරීම

ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක
මහජන සෞඛ්‍ය පරීක්ෂක

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න