විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියලා පෙනී දරුවව අපි හඳුනාගෙන තියෙනවා. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන අවුරුදු දහ අටක පමණ පාසල් දරුවෙක්. කැලණිය විශ්ව විද්‍යාලයෙන් අපි ඉල්ලනවා, ප්‍රසිද්ධියේ තමන්ගේ විශ්ව විද්‍යාලයේ බව ප්‍රකාශ කරන ඒ දරුවාගේ ශිෂ්‍ය භාවය පිළිබඳව රටට තහවුරු අක්කරන්න කියලා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දවසේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් දෙදෙනෙක් ප්‍රකාශ නිකුත් කරනවා අපි දැක්කා. විශ්ව විද්‍යාල ප්‍රජාවට කාලාන්තරයක් තිස්සේ නායකත්වය දෙන ඔවුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රුපියල් දෙදහට විකිණෙන ජාතියේ කණ්ඩායමක් බව තහවුරු කිරීම ඇතුලේ අපහාස කරලා තියෙන්නේ අපේ පක්ෂයට නෙවෙයි. ඔවුන්ගේ පක්ෂයට වැඩියෙන්ම උදව් කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට. කොහොම වුණත් ඔවුන් එහෙම ප්‍රකාශ දෙන්න ඉක්මන් වීම තුළම, මේ ස්ක්‍රිප්ට් එකට ඔවුන්ගේ සම්බන්ධයක් තිබෙනවා යන සැකය අපිට මතුවෙනවා.

අපි හඳුනා ගත්ත බොහෝ අය පාසල් ශිෂ්‍යයන් නිසා, තොරතුරු අපි හෙළිදරව් කරන්නේ නැහැ. නමුත් මේක කවුරුහරි සැලසුම් කරලා හදපු කලබලයක් කියන එක තහවුරු කරන්න අපිට ඕනෑ තරම් තොරතුරු තිබෙනවා.

මේ දේශපාළණ තරඟය සම බිමක, සාධාරණව මඩ තවරා ගන්නේ නැතුව කරමු කියලා අපි හැම දේශපාළණ පක්ෂයකට යෝජනා කරනවා

රවී කුමුදේශ්
මාධ්‍ය ප්‍රකාශක
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න