එච් අයි වී (HIV) යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි.

ඒඩ්ස් (AIDS) , එච් අයී වී වෛරසය නිසා මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුල ඇතිවන රෝගී තත්වයක් හෝ සංකූලතා කිහිපයක එකතුවකි.

එච් අයි වී / ඒඩ්ස් (HIV/AIDS) කියලා කිව්වාහම තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න හිතෙනවා.

අපට එච් අයි වී / ඒඩ්ස් (HIV/AIDS)ගැන කතා කරද්දි අපට අමතක කරන්න බැරි ලිංගාශ්‍රිත රෝග කීහිපයක් තියෙනවා.

එනම්,

  • ගොනෝරියාව
    (Gonorrhea) • සිපිලිස් (Syphilis) • ලිංගික හර්පීස්
    (Genital Herpes ) • ලිංගික ඉන්නන් (Genital Warts) • හෙටයිටිස් බී (Hepatitis B)

වැනි රෝග ගත හැක.

ඇත්තටම එච් අයි වී /ඒඩ්ස් කියන්නේ මොකක්ද ????…

Human Immunodeficiency Virus.(මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය)

Acquired Immunodeficiency Syndrome (නතුකරගත් ප්‍රතිශක්තිකරණ ඌනතා රෝගය )

මෙම රෝගී තත්වය , අපේ මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති කරන රෝග තත්වයක් ලෙස හදුන්වාදිය හැකිය.

මෙම නිසා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බාධා ඇති කිරීමක් සිදුකරනවා.

මෙම බාධා ඇති කිරීම සිදුකිරීම නිසා අපගේ ශරීරයට යම්කිසි හෝ සුළු ආසාදන තත්ත්වයක් ඇති වුවහොත් එයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වීමේ අපහසුතාවයක් ඇතිවෙනවා.

එම නිසා මෙම රෝගීන්ට මෙම රෝගී තත්ත්වය ඇති පුද්ගලයකුට යම්කිසි ආකාරයකින්
සුළු රෝග තත්ත්වයක් ඇතිවුණොත් එම පුද්ගලයා එම රෝගයෙන් මිය යන්න පුළුවන්.

එම නිසා, ඔබ එච්.අයී.වී/ඒඩ්ස් (HIV/AIDS ) හෝ ලිංගාශ්‍රිත රෝග සහිත පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ඒ සදහා ප්‍රතිකාර ලබා ගන්න.ප්‍රතිකාර ලබාගනිමින් ඔබගේ ජීවිතය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යෑමට හැකියාවක් තිබේ.

එච් අයි වී (HIV)රෝගය ඇතිවන්නෙ කොහොමද?.

රෝගය සහිත පුද්ගලයෙක් වැළඳ ගැනීමෙන්, අතට අත දීමෙන්, එහෙම නැත්නම් ඔහු / ඇය භාවිතා කරන උපකරණ භාවිතා කිරීමෙන් ඔහු / ඇය භාවිතා කිරිමෙන් හෝ ඔහු / ඇය භාවිතා කරන ඇඳුම් ඇඳීමෙන් ‍යන මෙන්න මේ කාරණා වලින් එච් අයි වී / ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම සිදුනොවේ.

HIV/AIDS බෝවන ප්‍රධාන ආකාර 03 කි.

  1. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් (Unprotected Sex)
  2. මවකගෙන් දරුවෙකුට (Mother to baby)
  3. රුධිරය හරහා (transmission through blood)

අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් කියලා කියන්නේ ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරනවා. මෙහිදී ඔබට යම්කිසි පුද්ගලයන් මුණගැහෙන්න පුළුවන්. මෙන්න මේ පුද්ගලයන් සමඟ ලිංගිකව එකතුවීමේ ක්‍රියාවලියට අපි අනාරක්ෂිතව කියන්න පුළුවන්. ඉතින් පහත පුද්ගලයන් ආශ්‍රය කිරීමේදී ඔබ ඒ පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි.

එසේම, හදිසියේ ඔබට හමුවන ලිංගික සහකරුවෙක් සමග එක්වීමේදී ඔබට එච් අයි වී රෝගය වැළදීමට හැකියාව ඇත.

ඒ වගේම , සමලිංගික සේවනයේදී මෙම රෝගය ඇතිවීමට හැකියාවක් ඇත.

ඒ වගේම , සංක්‍රාන්තික පුද්ගලයන් සමඟ ලිංගිකව එකතුවීමේදිත් මෙම රෝගී තත්ත්වයට භාජනය විය හැකිය.

විශේෂයෙන්ම, හදිසියේ ඔබ අඳුනා ගන්නා පුද්ගලයෙක් සමග ලිංගික ක්‍රියාවක යෙදෙන්නේ නම් මෙය ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් වෙනවා.

(HIV )එච් අයි වී මවගෙන් දරුවාට පැතිරීම ඉතාමත් අඩු ප්‍රතිශතයක් විය හැකිය. නමුත් , දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී දරුවාගේ ශරීරයට මවගෙන් මව ආසාදනය වෙලා සිටිනවා නම් මවගේ රුධිරය නිසා රෝගී තත්ත්වයට පත්වෙන්න පුළුවන්.

ඒ වගේම කිරිදෙන අවස්ථාවේදී මවගෙන් දරුවාට HIVරෝග වැළඳීමට හැකියාවක් ඇත.

රුධිරය හරහා යම්කිසි පුද්ගලයකුට HIV රෝග ව්‍යාප්ත වන්නේ කොහොමද.?

රුධිර පාරවිලේනයකදී මෙය සිදුවිය හකිය.

ඒ වගේම, අවයවයක් බද්ධ කිරීමේදී නැත්නම් යම්කිසි අවයවයක් නිරෝගී පුද්ගලයෙකුට බද්ධ කිරීමේදී HIV රෝගය ව්‍යාප්ත වියහැකිය.

ඒ වගේම, බහුතරයක් පුද්ගලයෝ මත් ඖෂධ වලට නැත්නම් ඉන්ජෙක්ෂන් වලට ඇබ්බැහි වී සිටිනවා.

මෙන්න මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් තවත් පුද්ගලයෙක් භාවිතා කරන ලද ඉන්ජෙක්ෂන් කටුවක් භාවිතා කිරීම මගින් රෝගී පුද්ගලයාගේ රුධිරය මේ නිරෝගී පුද්ගලයාගේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී මේ නිරෝගී පුද්ගලයාට මේ රුධිරය හරහා HIV රෝගය ඇතිවීමේ හැකියාවක් ඇත.

යම්කිසි පුද්ගලයෙකුට මෙම HIV කියන රෝගය ශරීරගත වෙලා වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් යනකම් වුණත් රෝගී ලක්ෂණ පෙන්නුම් නොකර තිබිය හැක.

ඉතින් , මේ නිසා මේ වගේ අවස්ථාවකදී යම්කිසි පුද්ගලයකු අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක යෙදුනා නම් අනිවාර්යෙන්ම රුධිර පරීක්ෂාවක් කිරීම පරීක්ෂාව කිරීමෙන් ඔබ නිරෝගී පුද්ගලයකු දැයි හඳුනා ගැනීමේ හැකියාවක් තිබේ.

HIV වෛරසය මිනිසාගේ ශරීරයට ඇතුල් වෙලා ශරීරය තුළ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුල තියෙන CD4 T Helper Cell කියන වසා සෛල වලට හානි කිරිම නිසා ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. මේ දුර්වල වීම නිසා යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වු විට මෙම පුද්ගලයන්ට එන සාමාන්‍යයෙන් උණ,හෙම්බිරිස්සවාක්,කැස්සක් වගේ දෙයක් වුනත් මාරාන්තික රෝගී තත්ත්වයකට පත් විය හැකිය.

එච් අයි වි / එඩ්ස් සඳහා වැඩි අවධානමක් සහිත පුද්ගලයන් කවුරුන්ද? (High risk people for HIV / AIDS)

  1. ලිංගික ශ්‍රමිකයන් (Commercial sex workers)
  2. බහු පුද්ගල සම්බන්ධතා පවත්වන පුද්ගලයන් (People with polygamies relationship)
  3. සමලිංගිකයන් (Homosexuals)
  4. සංක්‍රාන්ති ලිංගිකයන් (transgenders)
  5. මත්ද්‍රව්‍යය එන්නත් කර ගන්න පුද්ගලයන් ( IV drug users)
  6. සිර කරුවන් (prisoners)

එච් අයි වී වලක්වාගන්නේ කෙසේද? (How to Avoid HIV / AIDS)

  1. ලිංගික කටයුතු එක් විශ්වාසවන්ත සහකරුවෙකුට පමණක් සීමා කිරීම.
  2. අවධානම් ලිංගික සම්බන්ධතා මග හැරීම.
  3. සහකරු හෝ සහකාරිය හැර වෙනත් අයෙකු සමග එක්වීමේදි අනිවාර්යෙන්ම කොන්ඩමයක් පැලදීම.
  4. ඔබට HIV ආසාදිත වීමේ හැකියාවක් පවතීනම් එය පරික්ෂා කරවා ගැනීම.
  5. අසාදිත පුදගලයන් නිසි ප්‍රතිකාර වලට යොමුවීම.

ශ්‍රි ලංකාව තුළ HIV Virus පරික්ෂාවක් කර ගන්නේ කෙසේද?

  1. ඔබට එවැනි රෝගයක් සැක කරන්නේ නම් ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා /වෛද්‍යයවරයා හමුවී ඒ සම්බන්ධ උපදෙස් ලබා ගන්න.
  2. ලංකාව පුරා පවතින සෑම දිස්ත්‍රික් රෝහල්, මහා රෝහල්, පළාත් මහා රෝහල්, ජාතික රෝහල වල ඇති ලිංගාශ්‍රිත සායන වලින් නොමිලේ HIV පරික්ෂාවක් කර ගන්න.

දරුවන් පාසල් යවන්න,දරුවන්ට කන්න දෙන්න,රෝගි වු දෙමව්පියන්ට බෙහෙත් අරන් දෙන්න ගොඩක් කාන්තාවන් ගණිකා වෘත්තීය සහා SPA වල සේවය කරනු ලැබේ.

මේ පුද්ගලයන්ට අවශ්‍ය කොන්ඩම් සහා ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කිරිම මගින් අනාරක්ෂිත ගැබ් ගැනිම් හා ලිංගාශ්‍රිත රෝග වලක්වාලිමට උපකාරී වේ.

සැම රෝගී පුද්ගලයකුම අනාරක්ෂිත ලිංගික ක්‍රියා නිසාම රෝගි වු පුද්ගලයන් නොවේ.

මේ නිසා රෝගි පුද්ගලයන් සමාජයෙන් කොන් නොකර ඉන්න සදාචාරගරුක පුද්ගලයකු වන්න.

ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක

මහජන සෞඛ්‍ය පරීක්ෂක

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න