පවතින පොල් මිල හමුවේ පාරිභොගික ජනතාව මුහුණ දි තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස ජංගම අලෙවි රථ වැඩසටහනක් පරිසර,වනජිවි,වන සම්පත්,ජල සම්පාදන,වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සම්බන්ධිකරණයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා නිබේ.
(2024.10.23) වන දින එහි පළමු අඳියර කොළඹ,ශ්‍රී ජයවර්ධන පුර කොට්ටේ,කඩුවෙල නගර සභා බල සීමා ප්‍රදේශයන් මුල්කර ගනිමින් ක්‍රියාත්මකයි.
කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලීසිය අසලතන්,කිරුළපන පොදු වෙළදපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදාහැරිම් සිදු වේ.ශ්‍රී ජයවර්ධන පුර කෞට්ටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලීසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකොන් එලිමහන් රංග පීඨය අසල ද පොල් බෙදා හැරිමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක වේ.
කඩුවෙල සහ බන්තරමුල්ල බල ප්‍රදේශයන් ආචරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගාකිරිමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභොගිකයින්ට පොල් මිලදි ගැනීමට පහසුකම් සපයා තිබේ.
ප්‍රධාන නගරයන් ගි දි ජනතාවට සහන ක්‍රමයකට පොල් මිලදි ගැනීමට ඒ අනුව අවස්ථාව ලැබෙනු ඇත.පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි.
පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් දිනකට පොල් ගෙඩි දසදහසක් (10,000) වෙළපොලට එක් කරන අතර සඳුදා,බදාදා සහ සිකුරාදා ඳිනයන්වල පසුව ක්‍රමිකව ඳිනකට පොල් ගෙඩි පන්දහ (5000) බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙළඳපොලට යොමු කරනු ඇත.
මීට අමතර කුරුණැගල වැවිලි සමාගම මැදිහන්ව (2024/10/22 ) දින පොල් ගෙඩි 1500 බැගින් දිනපතා සැපයිමට කටයුතු සුදානම් කර ඇති අතර 2024/10/23 සිට හලාවත වැවිලි සමාගම
ඳිනකට ගෙඩි 3000 බැගිනුත් දිනපතා ලබාදීමට එකඟ විය. මෙහිදි පොල් ගෙඩියක් රු 100 — 120 ක මිලකට පාරිභොංගිකයින්ට ලබාදීමට අපේක්ෂීතය.