“අසේවනා ච බාළානං
පණ්ඩිතානං ච සේවනා” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ මානව සංහතිය මේ මිහිපිට ජීවත්වන තාක් පිළිපැදිය යුතු ඉතාමත් වටිනා ඔවදනක්.
71.4% බෞද්ධයින් සිටින රටක “බාළයින් සේවනය” කිරීමත් බුද්ධිමතුන්ට ගැරහීමත් සිදුවන්නේ කෙසේද කියා එක ආචාර්යවරයෙක් හෝ මහාචාර්යවරයෙක්වත් මේ දක්වාත් පර්යේෂණ කර නැහැ.
බුදු දහමේ ඉගැන්වෙන හේතුඵලවාදය නිසි අන්දමින් අවබෝධ කරගන්නේ නම් උගත්කමේ අවසානය ලෙස ආචාර්ය පට්ටමක් හෝ මහාචාර්ය පට්ටමක්
අවශ්‍ය වන්නේම නැහැ.
මෑතක මවිසින් ලියන ලද ලිපියක සඳහන් කරන්නට යෙදුනා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති වරයෙක් වරක් මා හට පැවසූයේ ලංකාවේ මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම දේශපාලනඥයා ආර් ප්‍රේමදාස බවයි.
එක්වරම මාගේ සිතට ආවේ “අහෝ දෙව්දත් නොදුටු මොක්පුර” කියායි.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළියකදී අගළකඩ නමින් හැඳින්වෙන චීවරධාරී මහාචාර්යවරයෙක් පවසා සිටියේ ශ්‍රී ලංකාව පාලනය කිරීමට හොඳම සුදුස්සා සජිත් ප්‍රේමදාස බවයි.
ඉහතින් සඳහන් චරිත සියල්ලම පසෙකළා ක්‍රියාදාමය පමණක් විශ්ලේෂණය කර බැලූවිට මිනිසා ආපසු ගමන් කරන්නේ පරිණාමයේ මුල් අවධියට ද කියන පැණය නිතැතින්ම මා මනසට ඇතුළු වුණා.
මල් පළ දරන ගහක අත්තක් සහ කෙමෙන් දිරා යන කෝටුවක් අතර ලොකු වෙනසක් ඇති බව මෙනෙහි කිරීමේ තත්ත්වයට මිනිසෙකුට පත්වීමට හැකිනම්, රට ගොඩ දැමීමට උගතුන් විශාල සංඛ්‍යාවක් හෝ මහා පරිමාණයේ දැනුමක් අවශ්‍ය නොවන බව
උතුමන්ලා සහ අගළ කඩලා අපට පෙන්වා දී ඇති මහඟු ආදර්ශයම හොඳටම ප්‍රමාණවත්.
“ඒහි පස්සිකෝ”
-තෙවැනි ඇස-
17.10.2924