නවවැනි පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක වූ මුලු  කාරක සභා හා සංසද ගණන 86කි..

  • සංසද 12 යි
  • ඉදිරිපත් කර ඇති  කාරක සභා වාර්තා ගණන 382 යි.

නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලි‌මේන්තු කාල පරිච්ඡේදය 2020 අගෝස්තු 20 දින මංගල රැස්වීම් දිනයේ සිට විසිරුවා හරිනු ලැබූ දිනය වූ 2024.09.24 දින දක්වා අවුරුදු 4 කුත් මාස 1ක් සහ දින 4ක් වේ. ඒ අනුව සභාවාර 5ක් තුළ  දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තුවේ කාල පරිච්ඡේදය තුළ ස්ථාවර නියෝගයන්ට අනුකූලව ස්ථාපිත මුළු කාරක සභා සංඛ්‍යාව 74 කි. මීට අමතරව විවිධ විෂයන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංසද 12 ක් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ සංසද සහ කාරක සභා එකතුව 86ක්  විය.

නවවැනි පාර්ලිමේන්තුවේ කාරක සභා සහ සංසද සංඛ්‍යාව පහත පරිදි වේ.

විශේෂ කාර්යයන් සඳහා කාරක සභා  ආංශික අධීක්ෂණ කාරක සභාඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවිශේෂ කාරක සභාව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව  සංසදමුළු ගණන
16172911011286

නවවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තා

විශේෂ කාර්යයන් සඳහා කාරක සභා  ආංශික අධීක්ෂණ කාරක සභාඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවිශේෂ කාරක සභාව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවමුළු ගණන
131121970825382

ඒ අනුව, විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 16 ක්‍රියාත්මක  වූ අතර ඉදිරිපත් කර ඇති වාර්තා ගණන 131කි. විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 16  පහත පරිදි වේ.

  • තේරීම් කාරක සභාව
  • පාර්ලිමේන්තු  කටයතු පිළිබඳ කාරක සභාව
  • ස්ථාවර නියෝග  පිළිබඳ කාරක සභාව
  • ගෘහ්‍ය කාරක සභාව
  • ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
  • රජයේ  ගිණුම්  පිළිබඳ කාරක සභාව
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
  • බැංකුකරණය  සහ මුල්‍ය සේවා පිළිබඳ කාරක සභාව
  • ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව
  • ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව
  • මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයතු පිළිබඳ කාරක  සභාව
  • උසස් නිලතල පිළිබඳ කරක සභාව
  • සම්බන්ධීකරණ කාරක සභාව
  • පසුපෙළ  මන්ත්‍රිවරයන්ගේ කාරක සභාව

ආංශික අධීක්ෂණ කාරක සභා 17 පහත පරිදි වේ.

  • ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • ජාතික ආරක්ෂාව  පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • ජාතික ආර්ථික හා භෞතික සැළසුම්  පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • ආර්ථික අර්බුදයේ  බලපෑම සමනය කිරීම පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • අධ්‍යාපනය පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • සෞඛ්‍ය පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • ළමුන් , කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව
  • මාධ්‍ය , තාරුණය, උරුමය හා නූතන පුරවැසියා  පිළිබඳ අංශික අධීක්ෂණ  කාරක සභාව

ආංශික අධීක්ෂණ කාරක සභා විසින්   නව්‍ය අංගයක් ලෙස  ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට මෙරට තරුණ තරුණියන්  සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තෝරාගත් තරුණ තරුණියන්ට කාරක සභා රැස්වීම්වලට ක්‍රියාකාරීව සහභාගි වීමට  ඉඩකඩ සලසා දීම නවවැනි පාර්ලිමේන්තු කාල සීමාවේදී සිදු විය.  ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට නැවුම් දෘෂ්ටි කෝණයක්  සහ නව්‍ය අදහස් ගෙන එමින් ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ අධීක්ෂණයේදී තරුණ පරම්පරාවේ හඬට සවන්දීම සහ සලකා බැලීම සහතික  කිරීම, පාර්ලිමේන්තු කාර්යභාරයේ තිබෙන සියුම්  සහ සංකීර්ණතා පිළිබඳව ග්‍රහණය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම  ඇතුළු සිවිල් වගකීම් සහ ආයතනික සහ සම්බන්ධතාවයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට අවකාශය සැලසීම මෙහි අරමුණ විය.

තවද ස්ථාවර නියෝගවලට අනුකූලව සෑම කැබිනට්  අමාත්‍යාංශයක් සඳහාම එක් උපදේශක කාරක සභා සභාවක් විය යුතු වන අතර, එවන් උපදේශක කාරක සභා  29ක් නවවැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක විය.

ඊට අමතරව  නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළදී;

  • ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
  • මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් ශ්‍රී ලංකාව  වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටළු පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සමාලෝචනය කර ප්‍රතිසංස්කරණ කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.

යනාදී වශයෙන් විශේෂ කාරක සභා 11 ක්‍රියාත්මක වූ අතර ඉන් කට‍යුතු අවසන් කොට කාරක සභා වාර්තා 08 ක් ඉදිරිපත් කොට ඇත.  එම වාර්තා 8 වන්නේ

  • ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව.
  • යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් ශ්‍රී ලංකාව  වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව.
  • ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව.
  • රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව.
  • මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව.
  • ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව  යන වාර්තායි.

තවද, නියෝජ්‍ය කථානායකවරයා සභාපති වූ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නවවැනි පාර්ලිමේන්තුව තුළදී එහි කටයුතු සම්බන්ධයෙන් කාරක සභා වාර්තා 25ක් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කොට ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න