,,,     , , පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක්.

2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක අපෙක්ෂාවක්.

වෙනස් කළ හැකි අවදානම් සාධක ආමන්ත්‍රණය කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමෙන්, සෑම වසරකම පිළිකා රෝගීන් දහස් ගණනක් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ලේකම් විශේෂ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය – 2024 සමාරම්භක උත්සවය පසුගියදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විනි.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක්, මරණ 19,000 ක් සිදුව ඇති බවත්, පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත්, 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපෙක්ෂා කරන බව ද පැවසීය.

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලය යනු ලංකාවේ පිළිකා රෝග විශේෂඥ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සදහා කැපවී සිටින ප්‍රමුඛතම වෘත්තීය ආයතනයයි. ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විශේෂඥයින් අතර, සහෝදරත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම, දැනුම යාවත්කාලීන කිරීම සහ සායනික භාවිතයන් වැඩිදියුණු කිරීම ද අරමුණු කරගෙන විදේශ විශේෂඥයන් සහ දේශීය විද්වතුන් රැස‌කගේ දේශන, ප්‍රායෝගික අත්දැකීම් බෙදාහදා ගැනීම්, පිලිකා සම්බන්ධව මෙරට සිදු කරන නවතම පර්යේෂණ ප්‍රථිඵල ද සමග “ක්ෂිතිජය පුළුල් කිරීම, ජීවිත වැඩි දියුණු කිරීම” “Expanding horizons, Enhancing lives” යන්න තේමා කර ගනිමින් මෙම සමාරම්භක සැසියට සමගාමීව ඔක්තෝබර් මස 10 දින සිට 14 දින දක්වා සම්මන්ත්‍රණ මාලාවක් ද පැවැත්වේ.

උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ පිළිකා රෝගය ගෝලීය සෞඛ්‍ය අභියෝගයන්ගෙන් එකක් ලෙස පවතින බවයි. 2022 දී පමණක් ලොව පුරා මිලියන 20 කට ආසන්න ජනතාවක් පිළිකා රෝගයට ගොදුරුව ඇති බවත්, ඒ හේතුවෙන් මිලියන 9.7 කට අධික පුද්ගල ජීවිත අහිමි වූ බව ද පැවසිය. අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද පිළිකා රෝගයේ වැඩිවන බරට මුහුණ දී සිටින බවත්, පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද මරණ 19,000 ක් වන බව ද පැවසීය. වයස, ස්ත්‍රී පුරුෂ භාවය හෝ පසුබිම පිළිකාව වෙනස් කොට සලකන්නේ නැති බව ඉහත සංඛ්‍යා ලේඛණ වලින් තහවුරු වන බව ද පෙන්වා දෙන ලදි.

මෙරට පියයුරු, ගැබ්ගෙල, පෙනහළු සහ මහා බඩවැලේ පිළිකා රෝගී තත්ත්වයන් මරණ සඳහා ප්‍රමුඛව දායක වන බවත්, සැලකිය යුතු ලෙස පිරිමින් අතර මුඛ පිළිකා ඉහළම අගයක් ගන්නා බවත්, (ජනගහනයෙන් 100,000 කට රෝගීන් 16.5 ක් ලෙස රෝගීන් 1990), පියයුරු පිළිකා කාන්තාවන් අතර ඉහළ අගයක් ගන්නා බවත් (ජනගහනයෙන් 100,000 කට රෝගීන් 27.3 ක් ලෙස රෝගීන් 4555) පැවසිය. මුඛ පිළිකා සහ පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බැවින් වැළැක්වීම, කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ද පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය සේවාවේ නියමුවන් ලෙස ලෙස මෙම අභියෝගයට මුහුණදීමේ වගකීම අප සතු වන බවත්, විශේෂයෙන් අප වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ද පැවසීය. 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපේක්ෂා කරන බවත් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල විශාලතම වැඩිවීමක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ද පැවසීය.

ගෝලීය වශයෙන්, සියලුම පිළිකා රෝග අතරින් සියයට 5 ත් 10 ත් ජානමය දෝෂවලට හේතු වන අතර, පිළිකාවලින් සැලකිය යුතු කොටසක් 95% දක්වා දුම්කොළ, මධ්‍යසාර, පෝෂණය සහ ශාරීරික අක්‍රියතාවය වැනි පාරිසරික සහ ජීවන රටා සාධකවලට හේතු වේ. මෙම වෙනස් කළ හැකි අවදානම් සාධක ආමන්ත්‍රණය කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමෙන්, අපට සෑම වසරකම පිළිකා රෝගීන් දහස් ගණනක් වළක්වා ගත හැකි බවත්, පිළිකාවට එරෙහි සටනේදී වැළැක්වීම අපගේ බලවත්ම මෙවලම බවත්, එය ලාභදායි පමණක් නොව ප්‍රමාද වී සුව කළ නොහැකි බවට පත් විය හැකි පිළිකා ඇතිවීමේ සම්භාවිතාව අඩු කිරීමෙන් ජීවිත ආරක්ෂා කිරීමට හැකිවන බව ද කීය.

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ පිළිකාවට එරෙහි සටනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත්, පිළිකා ප්‍රතිකාර පිළිබඳ ප්‍රමිතීන් ඉහළ නැංවීමට, දැනුම බෙදා ගැනීමට පහසුකම් සැලසීමට සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට ගත් උත්සාහය ආදර්ශවත් බවත්, ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ සාමූහික කාර්යය ජාතිය පුරා පිළිකා සත්කාර වැඩිදියුණු කිරීමට සෘජුවම දායක වී ඇති බවත් සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති ලෙස වෛද්‍ය උමාගෞරි සරවනමුත්තු මහත්මිය පත් කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා, ලේකම් වෛද්‍ය බුද්ධික සෝමවර්ධන යන මහත්වරුන් ඇතුලු ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න