ඒ සදහා ඒ කාලේ හිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා ගොඩක් උදව් කරා.

නමුත් උතුරු පළාතේ දුම්කොළ ප්‍රවර්ධන සහා බෙදාහැරීම සිදු කරේ සෞඛ්‍ය ක්ෂේත්‍රට අදාල විශ්‍රාම ලත් නිලධාරියෙකුගේ පුතේක්.

ඉතිං දවසක් කතා කරා කතා කරලා මට කිව්වා ඔයාට අවශ්‍ය මොනවාද සල්ලිද.? නැත්නම් වාහනයක් ..? මං ඇහුවා ඔයා අපේ ඉහල නිළධාරියෙක් විදියට මොනවාද ඔය අහන්නෙ කියලා. ඒ වෙලාවේ මං කිව්වේ ආයෙ මට බලපැම් කරෝතිං මං මේ සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමාට දැනුවත් කරන බවට.

හැබැයි ඉට පස්සේ එයා කතා කරේ නෑ.

ඉට පස්සේ දුම්කොළ සමාගමේ නිතිඥ මහත්තයෙක් සහා මහත්මියක් ඇවිත් හැම වෙළදසැලකටම ගිහින් අහාලා තියනවා PHI ලා දුම්කොළ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන විකුණන්න එපා කිව්වාද බලපැම් කරාද අහාලා තියනවා කියලා එක වෙළදසැලකින් කියලා තියනවා ඔව් කියලා හැබැයි අනික් එකකින් වත් නෑ කියලා වෙළද සංගමය ගත්තු ථිරනයක් නිසා විකුණන එක නැවැත්තුවා කියලා.

නිතිඥ මහත්මිය මාව මුණගැසිමට ආවා මගේන් ඇහුවා මොනාද ඔයාට ඔනෙ සල්ලිද නැත්නම් වාහනයක්ද කියන එක.

මං කිවුවේ මේ පැත්තේ ඉන්නෙ අහිංසක මිනිස්සු මේ මිනිස්සුන්ට සිගරට් ගෙන එක නවත්තන්න පුළුවන් නං ගොඩක් පිං කිව්වා.

හැබැයි අවාසනාවට අපේම නිළධාරී මේවට කැමති නෑ.

මට Explanation කොල් කරලා තිබුනා හමුදාව කදවුරක සිගරට් විකුණනවා ඇයි එක බැලුවේ නැත්තේ කියලා.

ඇත්තටම මං එක දැනන් හිටියෙ නෑ.

පස්සේ එයාලා Stole එකක් දැම්මා

බයික් එකේ ගිහින් ගෙවල් ගානේ සිගරට් විකුණව්වා.

හැබැයි අපේ සමහර නිලධාරී නිසා එපා උනා වැඩේ සම්පූර්ණයෙන්ම නැවැත්තුවා.

දුම් බිම නිසා හෝ දුම්කොළ නිෂ්පාදන සම්බන්ධව පනතේ සමහර ප්‍රතිපාදන මදී සමහර අවස්තාවලදී

අනික් නිතිය ක්‍රියාත්මක කරන නිලධාරී අඩුයී.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් අවසානයේ දේශන වලට එන නිලධාරීන්ගේ පාටිය අවසන් වෙන්නෙ මත්ද්‍රව්‍ය සමග.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න