කොළඹ ජාත්‍යාන්තර පොත් ප‍‍්‍රදර්ශනයේදී පොත් මිලදී ගැනීමට පැමිණි පාර්භෝගිකයෙකු හට ඉතා අමානුෂික අන්දමින් තුවාල සිදුව ලේ ගලන තෙක් පහර දීම සමබන්ධයෙන් අපගේ විරෝධය හා කණගාටුව ප‍‍්‍රකාශ කරනු ලබන අතර එකී වින්දිත පුරවැසියා වෙනුවෙන් සමාජ වගකීමක් ඇති මාධ්‍යවේදියෙකු ලෙස එඩිතරව මැදිහත් වී එම පහර දීම හා ඉන්පසු පහරදුන් පුද්ගලයා මුදවා හැරීමට උත්සහා ගැනීමට එරෙහිව එකී සිද්ධිය විඩියෝ කර ඒ වෙනුවෙන් මැදිහත්ව කටයුතු කරනු ලැබූ අප ‘‘ජනමාධ්‍ය සාමූහිකයේ’’ මාධ්‍ය සගයෙකු වන කල්ප ගුණරත්න මාධ්‍යවේදියාණන්ට පළමුව අපගේ ප‍‍්‍රණාමය පුදකරනු ලබනවා.

මාධ්‍යවේදියෙකු ලෙස එකී අවස්ථාවේ වගකීම් සහගත ලෙස අදාල අසාධාරණයට එරෙහිව ඔහුගේ එඩිතර හ`ඩ නැගීමත්, වාර්තාකරණයත් සම්බන්ධයෙන් මාධ්‍ය සගයින් ලෙස අප ආඩම්බර වෙමු.

එසේම එම අවස්ථාවේදී සිය පාරිභෝගිකයින් ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිට, අදාල වරදකරුව ආරක්ෂා කිරීමට ගත් උත්සහාය වෙනුවෙන් ‘‘සරසවි පොත් කුටියේ’’ සේවක මණ්ඩලයට අපගේ අප‍‍්‍රසාදය පළ කරන්නෙමු.

තවද කලාවට සහ සාහිත්‍යයට ඉතා ලැදි සහ බොහෝ දෙනෙකුට අත හිත දෙන මහත්මයෙකු වු සරසවි පොත් ප‍්‍රකාශනාධිපති, චිත‍්‍රපට නිෂ්පාදක එච්. ඩි. පේ‍්‍රමසිරි මහතාගේ කීර්ති නාමයටද මෙය කැළලක් යැයි අපි උදක්ම විශ්වාස කරමු. විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී එතුමා යටතේ සිටින සේවක මණ්ඩලය ප‍්‍රඥා සම්පන්නව නොහැසිරීම සම්බන්ධව එතුමාට ඇගිල්ල දිගු වීම වළක්වාලිය නොහැකි කරුණකි. එසේම එය එතුමාගේ කීර්ති නාමයටද එල්ල කරන්නේ බලවත් පහරකි. මෙවැනි අවස්ථාවලදී පාරිභෝගිකයා හො පාඨකයා රැුක ගැනීමේ වගකීම ඇත්තේ පොත් ප‍්‍රකාශකයන් වෙතය. නමුත් මෙහිදී පොත් කුටියේ සේවකයන් පෙනි සිටියේ පාඨකයා හෝ පාරිභෝගිකයා රැුක ගැනීම වෙනුවෙන් නොව පහර දුන් අශිෂ්ට සේවකයා රැුක ගැනීමටය. එසේම ප‍්‍රකාශකයාගේ වගකීම සිය කරමතට ගෙන පාඨකයා හෝ පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිට ඔහුට යුක්තිය ඉටු කිරීමට උත්සාහ කළ මාධ්‍යවේදියාට විරුද්ධව සරසවි සේවකයෙකු පොලීසියට පැමිණිලි කර ඇති බවද දැනගන්නට ලැබිණි. එයද ඉතාමත් ඉතා අශිෂ්ඨ, නින්දිත ක‍්‍රියාවකි. විශේෂයෙන් එම කළු පැල්ලමද සමස්ත සරසවි පොත් හල මතම පතිත වීම ඉතාම කණගාටුදායකය.

වාර්ෂිකව පැවැත්වෙන මහ පොත් මංගල්‍යය ඇත්තටම ජාතියට මහත් සම්පතකි. නමුත් මෙවැනි විනයක් නැති එකෙකු දෙන්නෙකු නිසා පාඨකයන් සහ පාරිභෝගිකයන් අපහසුතාවට පත්වීම මෙම මහ මංගල්‍යයේ සමස්ථ ක‍්‍රියාවලියටම එල්ල කරන්නේ බලවත් පාඩුවකි. ජාත්‍යන්තර අවධානය දිනා ගත් මෙවැනි ප‍්‍රදර්ශනයන් තුල නොකටයුතු දේ සිදුවේ නම් මේවා සංවිධානය කරන පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය සහ සංවිධායක වරුන් මේ පිළිබඳව අවධානය යොමු කිරීම මෙන්ම සොයා බැලීමද සිදුකල යුත්තේ වරක් දෙවරක් නොව කිහිප වාරයක් වේ.

විශේෂම කාරණය නම් මෙම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව භාරව යාවත්කාලීන නොවු කෙසෙල් කඳන් වලට නිල ඇදුම් අන්දවා තබා ගැනීමය. අණ පනත් නීති රෙගුලාසි පිළිබඳව තැකීමක් නොකරන හැ`ගීමක් නොමැති ඔළුව උදම්මවාගත් ‘‘මං පොර’’ ජාතියේ නිළධාරීන්ව තබා ගැනීමයි. ලංකාවේ කිසිදු මාධ්‍යවේදියෙකුට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය නොවන බව නොදන්නා නීතිය ගැන හරි අවබෝධයක් නැති කල් ඉකුත් වූ පොලිස් නිලධාරීන් මෙවැනි ස්ථාන භාරව සිටීමයි. එසේම මාධ්‍යවේදියෙකුට පමණක් නොව සාමාන්‍ය පුරවැසියෙකුට පවා විඩියෝ කිරීමට, විරෝධය දැක්වීමට, මත සහ අදහස් ප‍්‍රකාශ කිරීමට ව්‍යවස්ථාව තුලින් බලය දී තිබෙන බව නිළධාරීන් වන පොලීසියේ ඇතැම් ළදරුවන් නොදැන සිටීම පුදුමයට කරුණකි.

මාධ්‍යවේදි කල්ප ගුණරත්න සහොදරයාට ඉතා පහත් අයුරින් සළකමින් බරපතල ලෙස ඔහු මානසික පීඩාවට ලක්කර කටයුතු කළ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව භාර පොලිස් නිළධාරියා වන සි. අයි. නියෝමාල්ගේ හැසිරීම මෙහිදී ඉතා නින්දිත, අනුචිත, නීතිය සහ සදාචාරය පිළිබඳ අනවබෝධයෙන් යුක්ත වුවක් බව සඳහන් කරනු වටි.

මේ නිහීන ක‍්‍රියාව සම්බන්ධයෙන් නව වැඩ බලන පොලිස්පති වරයාගේ, ආරක්ෂක ලේකම් වරයාගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂ වරයාගේ සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් සහෝදරයාගේ මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අවධානය යොමු කරන්න කැමැත්තෙමු.

මෙයට වත්මන් රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති වුවද වැරදි විදිහට බුරන්නට කඩා පනින්නට හපන්නට පුරුදු පුහුණු වී සිටින පරණ පුරුදු කැලෑ බල්ලන් මේ රජය විසින් බැඳ දැමීමට යම් විදිමත් ක‍්‍රමවේදයක් සකස් කළ යුතුමය.

විශේෂයෙන් කුරු`දුවත්ත පොලීසිය විසින් මාධ්‍යවේදී කල්ප ගුණරත්නව අත් අඩගුවට ගෙන ඔහුට බරපතල ලෙස පීඩා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධව ජාතික මාධ්‍යවේදී එකතුවක් වන ‘‘ජනමාධ්‍ය සාමූහිකය’’ මාධ්‍ය සංවිධානයේ විරෝධය ප‍‍්‍රකාශ කරනු ලබන අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය හා අදාල විරෝධ දැක්වීමේ ක‍්‍රියාමාර්ග රැුසකට අප අවතීර්ණ වීමට සූදානමින් සිටින බව දන්වනු කැමැත්තෙමු.

අවසානකොට බරපතල ලෙස මාධ්‍ය මර්ධනය කරන ලද පසුගිය රජයන් සියල්ල වෙනුවට වත්මන් රජය තුලින් ‘‘නව නිදහස් මාධ්‍ය යුගයක්’’ මාධ්‍යවේදීන් වන අප බලාපොරොත්තු වන බැවින් මෙවැනි හුදෙකලා සිද්ධීන් ගැන එනිසාම රජය සිය අවදානය දැඩි ලෙස යොමු කරමින්, මාධ්‍යවේදීන්ට නිදහසේ සිය වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීමට මෙවැනි සිද්ධි සම්බන්ධව දැඩිව වග වනු ඇතැයිද අප විශ්වාස කරමු.

ස්තුතියි

මෙයට විශ්වාසී

  1. මාධ්‍යවේදී ජයසිරි ප‍්‍රනාන්දු
  2. මාධ්‍යවේදී පේ‍්‍රම් කුලතිලක
  3. මාධ්‍යවේදී දර්ශාන් කනිල් ප‍්‍රනාන්දු
  4. මාධ්‍යවේදී නිශ්ශංක මායාදුන්නේ
  5. මාධ්‍යවේදිනී පුෂ්පා වීරසේකර
  6. මාධ්‍යවේදී කමල් සිරිවර්ධන
  7. මාධ්‍යවේදී කොලින් හරිස්චන්ද්‍ර
  8. මාධ්‍යවේදිනී මධුෂිකා නවරත්න
  9. මාධ්‍යවේදී ධනුෂ්ක ෆොන්සේකා
  10. මාධ්‍යවේදී සුභාෂ් ප‍්‍රනාන්දු
  11. මාධ්‍යවේදී තිළිණ අලහකෝන්
  12. මාධ්‍යවේදී බිමල් රුහුණගේ

ජනමාධ්‍ය සාමූහිකය විධායක කමිටු සාමාජිකයින්.

Colin Harischandra

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න