2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගරු ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිවූ අතර ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගරු ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට ගරු බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලදී. අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ගරු ජයන්ත කැටගොඩ මහතා පත්කරන ලදී. මේ අයුරින්ම ගරු.මුජිබර් රහුමාන් මහතා ගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා ගරු ඒ. එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ගරු ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් ගරු මුජිබර් රහුමාන් මහතා පත් කර ගන්නා ලදී. කෙසේ වුවද පුරප්පාඩු වූ ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් නොකරන ලදී.

සුවිශේෂී කාරුණු රැසක් හේතුවෙන් වඩාත් ජනතා අවධානයට ලක්වූ නවවැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙරට 8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වීමයි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත.

අංකයමන්ත්‍රීවරයාගේ නමමන්ත්‍රීධුරය පුරප්පාඩු වීමට හේතුවපුරප්පාඩුව සහා පත් වූ නව මන්ත්‍රීවරයාගේ නම
01ගරු ජයන්ත කැටගොඩ මහතා     ඉල්ලා අස්වීමගරු බැසිල් රාජපක්ෂ මහතා
02ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා     ඉල්ලා අස්වීමගරු ජයන්ත කැටගොඩ මහතා
03ගරු මහින්ද සමරසිංහ මහතා     ඉල්ලා අස්වීමගරු ලලිත් වර්ණකුමාර මහතා
04ගරු බැසිල් රාජපක්ෂ මහතා     ඉල්ලා අස්වීමගරු ධම්මික පෙරේරා මහතා
05ගරු මුජිබර් රහුමාන් මහතා     ඉල්ලා අස්වීමගරු ඒ. එච්. එම්. ‍ෆවුසි මහතා
06ගරු චමින්ද විජේසිරි මහතා     ඉල්ලා අස්වීමගරු නයන වාසලතිලක මහතා
07ගරු උද්දික ප්‍රේමරත්න මහතා     ඉල්ලා අස්වීමගරු එස්. සී. මුතුකුමාරණ මහතා
08ගරු තලතා අතුකෝරල මහත්මිය     ඉල්ලා අස්වීමගරු කරුණාරත්න පරණවිතාන මහතා
09ගරු රංජන් රාමනායක මහතාආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හෝ 91 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු වීමගරු අජිත් මාන්නප්පෙරුම මහතා
10ගරු ඩයනා ගමගේ මහත්මියආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හෝ 91 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු වීමගරු මුජිබර් රහුමාන් මහතා
11ගරු නසීර් අහමඩ් මහතාපක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීමගරු අලි සහිර් මවුලානා මහතා
12ගරු මනූෂ නානායක්කාර මහතාපක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීමගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
13ගරු හරීන් ප්‍රනාන්දු මහතාපක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීමනව මන්ත්‍රීවරයෙක් පත් නොකරන ලදී
14ගරු අමරකීර්ති අතුකෝරල මහතාමියයෑමගරු ජගත් සමරවික්‍රම මහතා
15ගරු සනත් නිශාන්ත මහතාමියයෑමගරු ජගත් ප්‍රියංකර මහතා
16ගරු එච්. නන්දසේන මහතාමියයෑමගරු එම්. ජී. වීරසේන මහතා
17ගරු ආර්. සම්බන්ධන් මහතාමියයෑමගරු කදිරවේලු කුගදාසන් මහතා
18ගරු රනිල් වික්‍රමසිංහ මහතාජනාධිපති ධුරයට පත්වීමගරු වජිර අබේවර්ධන මහතා
19ගරු අනුර කුමාර දිසානායක මහතාජනාධිපති ධුරයට පත්වීමගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා

මෙම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක්වී ඇති අතර මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කොට ඇති අතර තෙවැනි සහ සිව් වැනි වාර අවසාන කිරීම් හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර තිබේ. මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ සභාවාර 5ක් පැවතී ඇති අතර පළමු සභාවාරය 2020.08.20 දින සිට 2021.12.12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022.01.18 දින සිට 2022.07.28 දක්වාත්, තෙවැනි සභාවාරය 2022.08.03 දින සිට 2023.01.27 දක්වාත්, සිව් වැනි සභාවාරය 2023.02.08 දින සිට 2024.01.26 දක්වාත් පස්වැනි සභාවාරය 2024.02.07 සිට 2024.09.24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වාත් ක්‍රියාත්මක වී තිබේ. එසේම මෙම සභාවාර 5 තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස්වී ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න