• රජයේ පනත් 146 යි
  • පෞද්ගලික මන්ත්‍රී පනත් 21 යි

2020 අගෝස්තු 20 වැනිදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මතවී ඇත.

නවවැනි පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද පනත්

වර්ෂය‍රජයේ පනත්පෞද්ගලික මන්ත්‍රී පනත්
20200700
20213000
20224402
20232905
20243614
මුළු ගණන14621
රජයේ පනත්146
පෞද්ගලික මන්ත්‍රී පනත් 21
නවවැනි පාර්ලිමේන්තුවේ සම්මත වූ මුළු පනත් ගණන167

ඒ අනුව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත,

2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත

2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත

2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත

2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත

2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත යන පනත් මෙලෙස සම්මතවූ පනත් අතරින් විශේෂ පනත් කිහිපයකි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න