කවුරුන් සමඟද එකමුතු විය යුත්තේ මැතිවරණය සඳහා!!

මැතිවරණයට ඉදිරිපත්විය යුත්තේ කුමන අරමුණකින්ද වැඩපිළිවෙලකින්ද ?

🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩

රට සංවර්ධනය කරන්නට IMF එකේ සහාය අත්‍යාවශ්‍යයි කියලා හිතනවා නම් කවුරුහරි,
මම හිතන්නේ ඒ අයට බොහොම කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායම් දෙකක් ඉන්නවා ලංකාව තුළ. ඒ තමයි :-
1)
IMF එකේ අලුත් වහලා වන ජේවීපී ප්‍රමුඛ එන්.පී.පී ආණ්ඩුව.
2)
IMF එකේ පරණ වහල්ලු ටික.

මේ දෙගොල්ලටම මේ රට ආර්ථික වශයෙන් ගොඩගන්න අලුත් වැඩපිළිවෙල වල් නැහැ.

මේ දෙගොල්ලටම IMF උපදෙස් වලට පිටින් මේ රට ගොඩගන්න අලුත් ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් බැහැ.

ඒක නිසා මේ දෙගොල්ලටම සිද්ධ වෙනවා රටේ සම්පත් අමුද්‍රව්‍ය විදියට විකුණන්න .
මේ රටේ ඉඩකඩම් අමුද්‍රව්‍ය විදිහට විකුණන්න.
මේ රටේ භූමිය පරදේසක්කාරයන්ට පවරා දෙන්න.
මේ රට ස්වදේශකයාට අහිමි කරන්න ඒ සඳහා නෛතිකව රට විකුණා දැමීමේ අණ පනත් සම්පාදනය කරන්න.

මේ රටේ ජනතාවගේ අක්මුල් අහිමි කරන්න.
ඒ සඳහා සංස්කෘතිය සභ්‍යත්වය ශිෂ්ටාචාරය මරා දැමීමට අධ්‍යාපනය යොදාගන්න. මේ සඳහා දර්ශනය තාක්ෂණය යොදාගන්න.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වදේශකත්වය රකින සියලු වස්ථාවන් අයින් කරන්න.

මේවා තමයි ඉදිරි දින හැටෙන් පස්සේ සිද්ධ වෙන්න නියමිත දේවල්.

මේ දේවල් කිරීමට අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විසින් පත් කළ කමිටුවකින් සම්පාදනය කළා.
ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒ කමිටුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාර දුන්නා.
දැන් ඒක ජනාධිපති අනුර කුමාර දිසානායක අතේ තියෙනවා.

ඒක නිසා මේ වෙලාවේ මේ මැතිවරණවරණයේදී ඉතා පැහැදිලි ලෙස ශද්‍රෝහීන් සහ දේශප්‍රේමීන් ලෙසකට එකතු විය යුතුයි.

සියලු දේශද්‍රෝහීන්ට පුළුවන් අයිඑම්එෆ් එක අනුමත කරන එක නැතුව කොහොමද රට හදන්නේ කියලා අහමින්,
උන්ගේ කඳවුරුත් එක්ක ගෑවෙන්න ඡන්දෙට එන්න.
උන්ගේ කඳවුර ආරක්ෂා කිරීම සඳහා ස්වදේශිකයන්ගේ ඡන්ද බෙදන්න ඡන්දෙට එන්න.

ස්වදේශිකයන්ට මේ දේශය රැක ගන්න ඕනෑ නම්,
අනාගත පරම්පරාවට ස්වදේශිකත්වය ඉතුරු කරන්න ඕනෑනම්.
ස්වදේශිකයන් වහලුන් සහ ආදිවාසීන් බවට පත් නොකරන්නට ඕනෑ නම්,

ඇත්තේ එකම එක මාවතක් පමණයි ඒ මාවත තමයි IMF එකේ උපදෙස් වලින් මිදුණු ආර්ථික සංවර්ධන මාවතක් ඇති,
ණය ගෙවීම සඳහා පමණක් IMF එක ප්‍රමුඛ මූල්‍ය ආයතන සමගත් රාජ්‍ය සමඟත් සාකච්ඡා කරන්නට තරම් වූ කොන්දක් ඇති,
දේශයේ අමු ද්‍රව්‍ය නිමි ද්‍රව්‍ය බවට පත් කිරීමටත් අලෙවි කිරීමටත් රාජයතාන්ත්‍රිකව ගනුදෙනු කිරීමට හැකියාව ඇති,
ලෝකයේ ගෞරවය දිනා ගැනීමට හැකියාව ගොඩනැඟෙන නව දර්ශනයක් මත රාජ්‍යය පාලනය කළ හැකි කළමනාකරණය කළ හැකි බලවේගයක් අලුතෙන් ගොඩනැගීම.

ඒ සඳහා ඇත්තේ එකම එක මාවතයි.
ඒ මාවත තමයි සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ,
ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත.

එම මාවතේ ගමන් කරන ඉතා නිවැරදි නිරවුල් පැහැදිලි පාලන හා කළමනාකරණ වැඩ පිළිවෙල.

මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇත්තේ ලංකාවේ එකම එක කණ්ඩායමයි.
ඒ තමයි ජනතා පාර්ලිමේන්තුවේ ලේකම්මණ්ඩලය.

ඒ ලේකම් මණ්ඩලයේ කකුලෙන් අදිමින් එක එක කල්ලි කණ්ඩායම් සමග එකතු වෙමින්,
ඉදිරි මැතිවරණයට සහභාගී වන සියල්ලන් ද මේ මොහොතේ සේවය කරන්නේ ජනතාවට නොවේ ජනතා ගෝහීන්ටය.
දේශප්‍රේමීන්ට නොවේ දේශද්‍රෝහීන්ටය.

මෙය සිහිය තබා ගනිමින් ඉදිරි මැතිවරණයට සූදානම් වෙමු.
කවර තත්ත්වයක් යටතේවත් දේශද්‍රෝහීන්ට ගෑවුණු එකෙකුන් සමගවත් එකතු නොවෙමු.

දේශප්‍රේමී ජාත්‍යන්තරවාදී ජාතික ජනතා බලවේගය ගොඩනඟමු අපි එකා මෙන් එකට එකතු වී මේ මැතිවරණයේදී……..

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න