වහාම ක්‍රියාත්මක වන පරිදි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ වැඩ තහනම් කිරීමට දිවයින පාලන අධිකාරිය පියවරගෙන තිබේ. ඒ මහතා විසින් රචිත NPP කතාව සහ JVP ක්‍රියාව නම් කෘතිය මගින් මාලිමාව ලෙස වෙස් වලාගෙන සිටින ජවිපෙ හී සැබෑ භූමිකාව හෙළිදරව් කිරීම මෙයට හේතුව ව බව ඒ මහතා වෙත වැඩ තහනම් කරමින් ලබාදුන් ලිපියේ දක්වා ඇත. එවැනි පොතක් පල කිරීම, බෙංගමුවේ නාලක හිමියන වෙත එය පිළිගැන්වීම යන කරණා මුල් කරගනිමින් මෙම වැඩ තහනම් කිරීම සිදු කරන බව උපාලි පාලනාධිකාරිය දන්වා තිබේ. අනුර කුමාර දිසානායක සහ වසන්ත සමරසිංහ දෙදෙනා විසින් මෙම මාධ්‍යවේදියා පළවා හරින ලෙස දිවයින කළමණාකාර අධ්‍යක්ෂක නිමල් වෙල්ගමට දැනුම් දීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බව එහි පාලනාධිකාරිය විසින් දිවයින කර්තෘ මණ්ඩලය වෙත ප්‍රකාශ කර තිබේ.
එරික් ගාමිණී ජිනප්‍රිය මහතා රචිත පොත් සියල්ල විනාශ කර දමන ලෙසත් එසේ නොමැති වුවහොත් ඔහු මරා දමන බවට එන දුරකථන ඇමතුම් හේතුවෙන් දිවයින කාර්යාලයේ දුරකථන අංකය ඊයේ දිනයේ තාවකාලිකව විසන්ධි කිරීමට උපාලි පුවත්පත් සමාගම පියවරගෙන තිබේ.
නිදහස් මාධ්‍ය ව්‍යපාරය සහ සෙසු මාධ්‍ය සංවිධාන මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එරික් ගාමිණි ජිනප්‍රිය මහතා වහාම සේවයේ පිහිටුවන ලෙස සහ ඔහුට ඇති මරණ තර්ජන හමුවේ ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න