https://www.facebook.com/share/v/F4UqLkKuk36bdfxZ/?mibextid=qi2Omg

සිල්වත් නොවන යම් චීවරධාරී පිරිසක් විසින් දේශපාලන සම්මුති ඉදිරිපත් කිරීම ට පෙර “දැං ඉතිං සිංහල බෞද්ධ බලය ඉවරයි” යනුවෙන් ඕමල්පේ සෝභිත සාධු කරන ලද අවලෝකිතේශ්වර මහායාන සංඝ ආඥාව හෙලා දැකිය යුතු ය.


සියලුම ජනාධිපති අපේක්ෂක වරු වෙත ඉදිරිපත් කරන වගයි යනුවෙන් සඳහන් කර

ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් ඉදිරිපත් කර ඇති

60 වැදෑරුම් සම්මුතිය වනාහී කිසිදු භික්ෂු වහන්සේ නමකගේ නම සඳහන් නොකර ඉදිරිපත් කර ඇති භයානක ලියවිල්ල ක් බව 2024.08.30. වෙනි දින මහනුවර පැවති ජනසෙත පෙරමුණේ රැළියේදී හෙළිදරවු විය.

සභ්‍යත්වය විසින් මෙහෙයවන පුද්ගලයෙක් බිහි කිරීම 60 වැදෑරුම් සම්මුතියේ අරමුණ වී ඇති නමුත්

එම සභ්‍යත්වය කුමන සභ්‍යත්වය ක්ද යනුවෙන් පවසා නැති බව මෙහිදී අනාවරණය කරන ලදී.

ඇමරිකානු සභ්‍යත්වය ට අනුව ලංකාවේ ජනතාව පාලනය කිරීමේ යටත් විජිත කුමන්ත්‍රණ යක් මේ ලියවිල්ල පිටුපස ඇති බවට සැකයක් පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ විය.

බෞද්ධ සම්ප්‍රදාය තුළ විද්වත් යනුවෙන් සඝ ගුණයක් ඇගයීම ට ලක් වී නැති බවත් පවතින්නේ සිල්වත් බව ප්‍රඥාවන්ත බව වැනි සඝ ගුණ බවත් මෙහිදී පැහැදිලි කරන ලද අතර ජාතික විද්වත් භික්ෂු සංසදය යනු උලමා සංවිධානයේ අනුකරණය ක් බවට සැකයක් පවතින බවටත් අදහස්
ඉදිරිපත් විය.

උලමා සංවිධානය යනු විද්වත් මවුලවි සංවිධානය බවත් විද්වත් යන නාමය උලමා සංවිධානය අනුකරණය කරමින් ලබාගෙන ඇති බව පෙනී යන බවද මෙහිදී සඳහන් විය.


ඒ අනුව හැගෙන්නේ විද්වත් භික්ෂු සංසදය යනු උලමා සංවිධානය තරම්වත් දැනුම ක් නැති පිරිසක් බව යි.

බෞද්ධ සම්ප්‍රදාය අනුව පුද්ගලයා සීලයෙන් ද සමාජය සිරිත් විරිත් වලින් ද පාලනය වන අතර සමාජ විරෝධී ක්‍රියා වලට නීතියෙන් දඩුවම් ලැබේ.

අපි නොදන්නා සභ්‍යත්වය ක් මගින් අදෘෂ්‍යමාන හස්ත යක් විසින් අපිව පාලනය කිරීම යනු ලංකාවේ වහල් දූපතක් ස්ථාපිත කිරීම විය හැකි ය.

සිල්වත් නොවන ජාතික විද්වත් භික්ෂු සංසදය හදන්නේ සිංහල බෞද්ධ අහෝසි කිරීම ට විය හැකි ය.

මීටර් යෙන් ඉන්න.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න